Skip to main content

Posts

Showing posts from 2008

Undo button

සමහර සොෆ්ට්වෙයාර් වල වගේ අපේ සැබෑ ජීවිතයෙත් undo button එකක් තිබ්බනම් කොච්චර හොඳද?

වසරේ චිත්‍රපට (මගේ තේරීමට අනුව).

2008 ඉවර වෙන්නත් ඔන්න මෙන්න. (ඇති යාන්තම්) මේ අවුරුද්දේ ජීවිතයේ විවිධ සිදුවීම් රැසකට මැදිව උනත් මට බලන්නට පුලූවන් වෙච්ච විශේෂ චිත්‍රපටි කිහිපයක් මේ. (ඉස්සරනම් මම නොසෑහෙන්න film බලනවා.දැන් නම් බලන්නැති ගානයි) Dark Night - ඒකාකාරී චපල ක්‍රියාදාම චිත්‍රපටියක් බලන්නට සැරසී සිටි මට බලන්නට සලස්වා තිබුනේ මින් පෙර දැක නොතිබූ අයුරින් මිනිස් සිතුවිලි ඉතා සියුම් ලෙස උලුප්පවා හාරා ගොඩ දමා තිබූ ක්‍රියාදාම(නොවූ) චිත්‍රපටියකි (මහන්සියි). චිත්‍රපටය තුළ පුරාවටම විහිධි තිබුණු අන්ධකාරයට සමගාමීව නිර්මාණය කොට තිබූ සංගීතය Dark Night තුළට එක් කර දුන් බිහිසුණු බව බෝම්බ දහසක් පුපුරනවාට වඩා වැඩි බැවි මගේ හැඟීමයි. මෙහිදී මිහිපිට ජීවත් වන්නේ නැති චරිතයක් ඉතාමත් තාත්වික ලෙස රඟපා ජීවිතයෙන් වන්දී ගෙවීමට සිදු වූ Heath Ledger ගේ චරිතය ගැන කතා කළ යුතුමය. එම චරිතය ඔහුට හැර වෙන කාටවත් කරන්නට බැරි බවයැයි මගේ හැඟීමයි(තව ටිකයි). මෙවැනිම රංගනයක් වසර කිහිපයකට පෙර "පුන්තිලා" වේදිකා නාට්‍යයෙහි හී නිහාල් සිල්වා රඟනවා මා දැක ඇත (හැබැයි VCD එකක). Dark Night 2008 මගේ ලිස්ට් එකේ පළමු තැනයි. Die Hard4 - පරණ තේමාවක්.

Hair Cream

මම පුරුද්දක් වශයෙන් හැමදාම කොන්ඩේ hair cream ගානව. ඒක අවුරුදු පහළවක් විතර තිස්සේ හැමදාම කරගෙන ආවා. ඒ මගේ කොන්ඩේ හරිම අකීකරු හින්දා. ඒත් වැඩේ හරියන්නේ නෑ, දැන් මාස දෙක තුනක ඉඳන් කොන්ඩෙ කොටට කපල hair cream ගාන එක නැවත්තුවා. පෙනුම කෙසේ වෙතත් ඒ වැඩේ කෙස් වලට නම් හොඳ ඇති.

Blogging with Microsoft word

මෙම ලිපිය මා මයි ක්‍රො සොෆ්ට් වර්ඩ් හි ටයිප් කර එහි ඇති Blogger for Word නැමැති ප්ලගින් එක භාවිතා කර පළ කළ එකකි. විශේෂයෙන්ම dail-up සම්බතාවක් පාවිච්චි කරන්නන් හට මෙය ඉතා ප්‍ර යෝජනවත් වෙයැයි මගේ හඟීමයි.

වැස්ස සහ මගේ සෞඛ්‍යය

"ඇඟ ටිකක් දාලා වගේ නේද?" උස සිහින් අහිංසක සිරුරක් තිබුනු මට දැන් දැන් අහන්න ලැබෙන්නෙ ඔවැනි කතා. ඇත්තටම ඇඟ නම් ටිකක් වැඩි තමයි. ඒකට හේතුව ගන්න අහාර වල ප්‍රමාණය කෙසෙ වෙතත් ඇඟ පත නොවෙහෙසවා සිටීම නිසාද කොහෙද. රැකියාවෙන් ඉහලට යන්න යන්න මුහුණ පාන්න වුන ප්‍රධාන ප්‍රශ්ණය ඒකයි. ඉතින් බෙහොම අමාරුවෙන් හිත හදාගෙන ව්‍යායම වල ටිකක් විතර නිරත වෙන්න තීරණය කරලා පසුගිය දිනවල පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් එකේ දුවන්න පටන් ගත්තා. කිව්වා වගේ හිත හදා ගත්තේ බොහෝම අමාරුවෙන්. හරිම කම්මැලියි. පස්සට දාලා පස්සට දාලා කොහොම හරි දුවන්න පටන් ගත්තා. දෙයියනේ කියලා සතියක් විතර හොඳට එක්ස්සයිස් කලා. ඒත් හිත හරියාගෙන එනකොටම මේ දිනවල වහින මේ වැස්ස පටන් ගත්තා. පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් තනිකර මඩ වගුරක් වෙලා. ඒ මදිවට හැමදාම වහිනවා. දුවනවා තියා හිතාගන්නවත් බැහැ. දැන් හරියට සති එකාමාරක් විතර. ඔන්න ඔය වගේ මගේ ඇඟ අඩු කිරීමේ මහා ක්‍රියාවලිය අඩපණවෙලා ගියා. ආයි වැස්ස පායපු දවසකට ආයෙත් හිත හදාගන්න එක තමයි ප්‍රශ්නය.

Dr House සහ මම

ඊයෙ මහ අමුතු දවසකි. පටන් ගත්තේ බෝම්බයත් සමඟ සිදුවූ විනාශයේ තොරතුරුත් එක්කම. දහවල් කාලය මුළුල්ලේම එළිමහනේ සිටීමට සිදු වූ නිසා සිරුර වාරු නැති ගානය.(මේ දවස්වල කාලගුණය ගැන ආයි අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ). වෙනදා වගේම දිනය අවසානය රූපවාහිණිය ඉදිරියේ (නිදිමරගාතේ) වාණිජකරනයට ලක් වූ තොරතුරු උරාගනිමින්. ඒ අතර කුඩා දරුවෙකුගේ ජීවිතය බේරා ගැනීමට උත්සහ දරන දොස්තරවරු කිහිපදෙනෙක්. උපක්‍රමශීලී, නිර්මාණශීලි ටෙලි නාට්‍යයේ නිසාම සියළු දේ සාර්ථකව නිම වන සිදුවීම් පෙළක්.(හැමතිස්සෙම එහෙමනේ) හොලිවුඩ්වල කවුදෝ අධ්‍යක්ෂකවරයෙකුගේ උවමනාවට රඟන නළුනිළි කැළක්. සතිපතා විකාශණය වන නාට්‍යමාළාවක තවත් එක් කොටසක්. ඒත් මේ සියළු දේ දැන සිටි මා අඩසිහියෙන්. දවසේ සිදු වූ සියළු සිදුවීම් සති ගණනක් පරණ සිදුවීම් වැනිය. මා සිටින්නේද Dr House සිටින ඒ රෝහලේම ඇතුලේය. දැරිය බේරා ගැනීමට මාගෙ සිතත් අරගලයක යෙදී සිටින ආකාරයකි. මා එතරම්ම ඊට ඇලී ගැලී සිටියේය. මේ ඊයෙ රාත්‍රියේ විකාශය වූ House MD බලා සිටි මට වෙච්ච දේයි.

නරක පුරුදු

අද උදේ ආපු බස් එකනම් අන්තිමයි. ඒකෙ ඩ්‍රයිවරයා අඩියෙන් අඩියට බ්‍රේක් ගහනවා. ඒකත් පුළුවන් තරම් වේගයෙන් ගිහිල්ලා එක පාරටම බ්‍රේක් ගහන්නෙ. අඩි දහයක ඉඩක් දැක්කත් ඇති. බස් එක ඇතුලේ මිනිස්සු බාගෙට මැරිලා වගේ. සමහර විට මිනිහට ඒක පුරුද්දට ගිහිල්ලා ඇති. ඩ්‍රයිවින්ග් ඉගෙන ගන්න කාලේ පටන් ගත්ත විදිහ වෙන්න ඇති. මටත් මේ වගෙ මගහැරගන්න බැරි පුරුදු තියෙනවා. එකක් තමයි ඇඟිලි දෙකෙන් ටයිප් කරන එක. පරිගණකය ගැන ඉගෙන ගන්න කාලෙ කොච්චර ඉගැන්නුවත් මම ටයිප් කලේම ඇඟිලි දෙකෙන්. දැන් ඒක අත් හැරගන්න බැරුව දඟලනවා.

අලුත් phone එක

මගේ පරණ mobile phone එක කැඩුන නිසා අකමැත්තෙන් උනත් (මේ වේලාවෙ සල්ලි නැති නිසා) අලුත් phone එකක් ගන්න උනා. ඒක Sony Ericson G502 කියන phone එක. වැඩි වැඩ නැති උනත් කලාව සහ ඇති සමහර අංග නිසා හිත ගියා.

කුලප්පු වෙලා

ඦන්ද ජයග්‍රහණය ගැන රජයද, එහි පරාජය ගැන විපක්ෂයද, පිරිත් දාලා හිරේ ගිය හාමුදුරුවෝ ගැන උපාසකයෝද, එම නීතිය ගැන තැරැව්කාරයෝද, එම නඩුව ගැන උසාවියද, උසාවියට ගිය කුඩු නුවන් ගැන මාධ්‍යවේදියෝද, හමුදාවේ ජයග්‍රහණ ගැන කොටින්ද, කොටින්ට යන කළ දැක දකුණේ කොටිද, ඊයේ පෙරෙදා සිට අබා ගැන විචාරකයෝද, මේ දින වල කුලප්පු වෙලා. මාත් මේ හැම එකකටම වගේ අඩු වැඩියෙන් කුලප්පු වෙලා. මේ කුලප්පුවීම් ජීවිතයේ ඒකාකාරි බව නැති කර ගන්න නම් මරු.

වාස්ට 400යි!

මේ ලිපිය ලියන්න කියලා දැන් සතියක් විතර වුනා. නමුත් වේලාවක් හම්බවුනේ නෑ. දැන් පරක්කු වැඩියි. ඒත් නොලියා කොහොමද? අපේ චමින්ද වාස් එක්දින කඩුළු 400ක් අරන්. මේක ලෝක වාර්තාවක් නෙමේ. ඒත් මගේ හැඟීම නම් මෙය මුරලිගේ වැඩිම ටෙස්ට් කඩුළු ලෝක වාර්තාව වගේම අපිට ඉතා වැදගත් දෙයක්. ඇයි මම එහෙම කියන්නේ? ඒක ලෝක වාර්තාවකුත් නෙමෙයිනම් ඇයි ඒක එතරම් වැදගත් වෙන්නේ. ඒ රොමේෂ් රත්නායකගෙන් පසු යාන්තම් බෝලෙ දිස්නය යවාගන්න විතරක් වේගපන්දු යවන්නන් යොදාගන්න පුරුදුව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නිත්‍ය කඩුළු අතර සිටින වේගපන්දු යවන්නෙක් වී කළ සේවයට ඔහුට ලැබී ඇති ඉහළම සම්මානය මේක නිසයි. මගේ මතකයේ ඇති සමහර තරඟ වල කණ්ඩායමේ ක්‍රීඩා කලේ එක වේග පන්දු යවන්නෙක් පමණි. ඒ වාස්‍ ය. එක්දින තරඟ ඉතිහාසයේම මේ දස්කම කල හතරවැන්නා ඔහුයි. ඔහුට ඉහලින් සිටින්නේ වසීම්, වකාර් සහ මුරලි පමණි. එම ලයිස්තුවේ ලෝක පූජිත වේග පන්දුයවන්නන් වන පොලොක් සහ මැක්ග්‍රාත් පවා සිටින්නේ වාස්ට පහලින්ය. ඒත් ඔවුන් වාස්ට අඩු තරඟ පරමාණක් ක්‍රීඩා කොට තරඟ බිමින් ඉවත්වී සිටී. අපේ වාස් ඔවුන්ට වඩා වැඩි තරඟ ප්‍රමාණයක් ක්‍රීඩා කර තවමත් ක්‍රීඩා කරමින් සිටියි. ඊටත් ප්‍රධාන

Wufoo මඟින් පොරමයක්

පහත දැක්වෙන්නේ wufoo මඟින් මා නිර්මාණය කරපු ප්‍රශ්ණ කිහිපයක් ඇතුළත් පෝරමයක්. මෙහි ප්‍රශ්ණයට යටින් ඇති හිස් කොටුවෙහි ඔබේ පිළිතුර සටහන් කළ හැක. මෙය අත්හදා බැලීමක් වශයෙන් කරපු එකක්. පිළිතුරු check box, drop down, multiple choice ආදී පිළිතුරු ලබාගැනීමේ විකල්ප කිහිපයකින් තෝරාගන්න පුළුවන්. නමුත් මා මීට යොදා ගෙන ඇත්තේ text line විතරයි. / <a href="http://champi.wufoo.com/forms/z7x4m1/" title="html form">Fill out my Wufoo form!</a> Powered by Wufoo

ඔලිම්පික් පරාජය, ජයග්‍රහණය - කේ. කරුණාදාස 1964

මෙවර ඔලිම්පික් තරඟාවලියේදී (2008) අපේ ක්‍රීඩකයින්ට විශේෂ ජයග්‍රහණ රහිතවම නිමාවට පත්විය. එහෙත් සහභාගිත්වය සහ ලද අත්දැකීමුත් ඔවුන්ගේ ඉදිරි ගමනට විශාල රුකුලක් වනු නොඅනුමානය. මා අද කතා කරන්නට යන පුද්ගලයාත් කිසිම ජයග්‍රනයක් නැතිවම, පරාජයම නිසාම මහත් ප්‍රසිද්ධියක් ලැබුවෙකි. නමින් ඔහු කේ. කරුණාදාස. ඔහු 1964දී ජපානයේ තෝකියෝ නගරයේ පැවති ඔලිම්පික් තරඟයේ මීටර 10,000 තරඟයට සහභාගී විය. එම තරඟය ඇමරිකානු ජාතිකයෙකු විසින් ජයග්‍රහණය කරන ලදී. නමුත් ඒ වන විටත් අපේ කරූට තවත් වට 3ක් ඉතිරිව තිබුණි. කෙසේ හෝ ඔහු එයින් එක වටයක් නිමා කළේය. අනෙක් තරඟකරුවොත් තරඟය නිමා කර අවසන්ය. ක්‍රීඩා පිටියේ දැන් දුවන්නේ කරු පමනි. දෙවෙනි වටයත් නිමා කළේය. ඒ හූ හඬ මධ්‍යයේය. නමුත් කරු දිගටම දිවීම කරගෙන ගියේය. හූ හඬ නතර වූයේ නැත. කරූ අවසාන වටයට පිවිසියේය. හූ හඬ ක්‍රමයෙන් අත්පුඩියකට හැරුණි. අත්පුඩිය ජය ගෝෂාවකට පෙරළුනි. කරූ තරඟය අවසන් කළේ තරඟයේ ප්‍රථම ස්ථානය ලැබුවාක් මෙන් සංතෝෂයකිනි. මුළු ක්‍රීඩාංගනයම ප්‍රීතිගෝෂා කරන්නට විය. මාධ්‍යකරුවෝ ඔහුව වට කර ගත්තේය. තරඟයේ පළමුවැන්නා පැත්තකය. පසුදින ප්‍රධාන පුවත්පත් සෑම එකකම වාගෙ කරූග

මෙන්න අපේ ගුවන් හමුදාවෙ වැඩ!

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පසුගිය දිනක සිදුකල මෙහෙයුමක් මේ. ඒ කොටි අඩවියේ අතරමන්ව සිටි තුවාල ලැබූ විශේෂ කාර්‍ය බළකායේ සෙබළුන් පිරිසක් බේරා ගැනීමටයි. මෙය ස්වර්ණවාහිණියේ live @ 8 තුළින් විකාශය කළ අන්දමයි මේ..

මේ දවස්වල

මේ දවස් වල මාර රස්නයක් තියෙන්නේ. හරියට ඉර ඔලුව උඩටම ඇවිල්ලා වගේ. දවල්ටනම් එලියට බැහැලා යන්න හිතෙන්නේ නෑ. ඇඟ සීතල වෙන්නත් කියලා හිතාගෙන ගියා කාලෙකින් තැඹිලි ගෙඩියක් බොන්න. තැඹිලි වතුරනම් රහ කෙසෙ වෙතත් වතුර උණුවතුර වගේ. බාගයක් බීල විසික් කරලා පර්ණ පුරුදු විදියටම කඩේකින් කූල් බීම එකක් බීලා යන්න ගියා. තවත් කාරනයක් Blogger දැන් ටිකක් වෙනස් වෙලා. අලුත් gadget ජාති ගොඩක් එකතු කරලා.

මං වගෙ තව අය

ඔබේ හැඩරුවට සමානකම් තිබෙන කීදෙනෙකු මේ ලෝකයේ ඉන්නවා ඇද්ද? කතාවටනම් කියන්නේ එක වගේ හත් දෙනෙකු සිටිනවා කියායි. මේ රූපයේ තිබෙන්නේ මගෙ හැඩරුවට සමාන හැඩරුවක් ඇති celebrities  කිහිප දෙනෙක්. එය මම ලබා ගත්තේ myheritage කියන වෙබ් එකෙන්. මෙහිදී මගේ හැඩරුව ඔවුන්ගේ හැඩරුව සමඟ ඇති සමානකම ප්‍රතිශතයක් වශයෙනුත් දක්වා තිබෙනවා. කොහොමද මට සමානකම් තිබෙන අය? ලේසි නෑ නේ. Bow Wow : 68% Leonardo Dicaprio : 55% Jude Law : 60% Martin Luther Jr : 58% දැන් myheritage අලුත් වෙලා. බ්ලොග් අඩවි වලට කෙලින්ම භාගත කල හැකි widgets කිහිපයකුත් ඇතුලත් කරලා.

දුම්බීමට කුටි

දිනපතා ලොවපුරා දුම්බීම නිසා යම් පිරිසක් මිය යමින් සිටිනවා. මේ තත්වය ලංකාවෙත් එසේමයි. දුම්බීම ඔබේ සෞඛ්‍යයට අහිතකරයි. ඒ ගැන කතා දෙකක් නෑ. නමුත් අද මා මින් ලියන්නට යන්නේ දුම්බීමේ ඇති ආනිසංශ ගැන පමණක් නොවේ. මේ මගේ ජංගම දුරකතනයෙන් ලබාගත් ඡායාරූපයක්. නුගේගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති එක්තරා හෝටලයක් තුළ තනා ඇති විශේෂ කුටියකි. ඒ දුම්බොන්නන් සඳහායි. කුමක් හෝ හේතුවක් නිසා මේ හෝටලයේ අයිතිකරු මේ නිර්මාණය කර ඇත. මේ සඳහා ඔහු රු. 65,000 ක පමණ වියදමක් දරා ඇති බව පෙනී යන අතර මෙහි ඇතුළත දුම් ඇදගන්නා fan පුටු සහ මේසද සකසා ඇත. මා මෙවැනි කුටි විවිධ රටවල් වලත් දැක තිබෙනවා. මගේ හැඟීම නම් මෙය විය යුත්තක්. ඒ මෙමඟින් දුම් නොබොන්නන්ගේ සහ දුම් බොන්නන්ගේ යන දෙගොල්ලන්ගේම අයිතිය ආරක්ෂා වන නිසායි.

පාසල් රගර්

පසුගිය සෙනසුරාදා (ජූනි 12 වෙනි දින) ජනාධිපති කුසලාන - පාසල් අවසාන තරඟය පැවැත්වුනා. කොළඹ ඉසිපතන විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර පැවති මේ තරඟයෙන් ශාන්ත පීතර විදුහල ජය ලැබුවා. ඒ නිකම් නෙමේ පිට පිට තෙවන වතාවට. ඉතිහාසයේ මින් පෙර කවුරුන් හෝ ඒ දස්කම සිදුකර තිබුනේ නෑ. මා ඔවුන්ට සුභ පතනවා.

iphone පෝලිම

iphone3G මෙ මස 11දා නිකුත් වීමට නියමිතයි. වැඩ ගොඩක් සමඟ ඇදහිය නොහැකි මිලකට එන මේ සුරතල් භාණ්ඩය උණු කැවුම් වගේ විකිනීයාමට නියමිතයි. ඒ සඳහා පාරිභෝගිකයින් දැන්මම පෝලිම් ගැහෙමින් සිටිනවා. මේ පින්තූරවල ඉන්නේ ඒ සමහරක්. මේ ජපානයේ තෝකියෝ නුවර පෝලිමක්. ඉහත ඇත්තේ ඇමරිකාවේ නිවයෝක් නුවර පෝලිමක්. ( Engadget ඇසුරෙනි) (පසුව [ඉතා දුකෙන්] ලියමි) මමත් ආසාවෙන් ඉන්නේ iphone 3G එකක් ගන්න. ඒත් තාම ලංකාවට එන දවසක් නම් දන්නේ නෑ. මේ දවස්වල අතේ කෑෂුත් ටිකක් හිඟයි.

කාටත් පෙනෙන බ්ලොග්ස්

තරුවක උපත

තරුවක උපතක් සිදු වී ඇත. ඒ ක්‍රිකට් ලෝකය තුළයි. අජන්ත මෙන්ඩිස්.... ඒ නම ශ්‍රී ලාංකික අපටත් වැඩිය හුරු නමක් නොවෙයි. නමුත් ඊයෙ පැවති ආසියානු කුසලාන අවසන් තරඟයේදී ඒ නම කීපාරක් කියවෙන්න ඇද්ද? ඔහු ප්‍රබල ඉන්දියානු කණ්ඩායම සුනු විසුනු කර දමන්නට විය. ඔහු නැවතුනේ තරඟයේ වීරයා සහ තරඟාවලියේ වීරයා යන අංශ දෙකම තමා සතු කරගනිමින්. ඔහු පන්දු යැවීම කළාවක් කරගත් ලෝක ප්‍රකට ප්‍රබල පාදඟ පන්දුයවන්ගේ සමාජයට එක්වු අලුත්ම සමාජිකයායි. මගේ හැඟීම නම් අනාගත සුභ සිහින දකින්නට දැන්මම කල් වැඩි වුවත් එම අනාගතයේ කරනම් ගැසීමට ඔහු සතු හැකියාව හොඳටම ප්‍රදර්ශණ කොට හමාරය බවය. ඒ අතර ප්‍රධාන තැනක් ගන්නේ කිසි වෙනස්කමක් නොපෙන්වා හොඳ සම්මිශ්‍රණයක් සහිතව පන්දු යැවීමෙ හැකියාවයි. ආරංචි හැටියට ඔහුට පන්දුව 9ම ආකාරයකට යැවිය හැකලු. ඒ කියන්නේ එක මිනිහෙක් ආයුධ 9ක් තියාගෙන ඉන්නවා වගේ වැඩක්.

ලෝක වාර්තා සහතිකය

මේ Firefox3 Download Day හි බාගත කිරීම නිසා ලැබිච්ච ලෝක වාර්තා සහතිකය. ජුලි 3 දින Mozilla ආයතනය නිළ වශයෙන් ලෝක වාර්තාව පිහිට වු බව වාර්තා කලේය.

අපේ රටේ රගර්

මිත්‍රයණි, මගේ හැඟීමනම් රගර් ක්‍රීඩාව අපේ දේශගුණයට නොගැලපෙන ක්‍රීඩාවකි. එනමුදු මා උග්‍ර රග්බි ක්‍රීඩා ලෝලියෙකි. නමුත් පසුගිය අවුරුදු කිහිපය තුළ ලංකාවෙ පැවැත්වෙන බොහෝ තරඟ නැරඹීමට යන්නට මා අදි මදි කළෙමි. හේතුව බොහෝ පාසල් සහ සමාජ තරඟ තුළ කෙමෙන් කෙමෙන් තිබූ තරඟකාරිත්වය පහව ගිය නිසයි. නමුත් මේ අවුරුද්ද එය යම් තරමකට වෙනස් වී තිබෙන අයුරු පෙනෙන්ට විය. විශේෂයෙන් පසුගිය සතිඅන්ත කිහිපයේදී එය වඩාත් කැපී පෙනෙන්නට විය. පාසල් තරඟ අතරින් රාජකීය හමුවේ ත්‍රිත්ව කණ්ඩායමත්, ශාන්ත තෝමස් හමුවේ රාජකීය කණ්ඩායමත්, ත්‍රිත්ව හමුවේ කිංග්ස්වුඩ් කණ්ඩායමත්, ක්‍රීඩා සමාජ තරඟ අතර CR&FC හමුවේ මහනුවර කණ්ඩායමත් ඉතා හොඳ ජයග්‍රහණ වාර්තා කළේය. මේ තරඟ සියල්ලක්ම වාගේ රගර් ක්‍රීඩාවේ උසස් ගුණාංග වලින් පොහොසත්ව තිබිණි. ඒ නිසාම වඩා සජීවි තරඟ කිහිපයක් නිර්මාණය වී තිබිණි. මේ නිසා ක්‍රීඩා ලෝලින් නැවත ක්‍රීඩාගාර තුළට ඒමට පටන්ගන්නට විය. තවත් විශේෂිත කාර‍නයක් වුයේ වඩා උචිත විනිසුරුවන් මෙම තීරණාත්මක තරඟ සඳහා යොදා තිබීමයි. සමහර විණිසුරුවන් ඒ ඒ තරඟ සඳහාම විදේශ රටවලින් ගෙනවාගෙන තිබුණි. ඒ අතරම අයි නාළිකාව මේ තරඟ සියල්ලක්ම වාගේ සජීවි ලෙස

ජපන් පාඩම 1 - ජපන් අක්ෂර.

(මා මගේ ප්‍රථම සටහනින් සඳහන් කළ ආකාරයට මෙම බ්ලොගය තුළින් මට වේලාවක් ලැබෙන ආකාරයට මා සතු ජපන් භාෂාව පිළිබඳව ඇති දැනුම ඔබ කාඅතරත් බෙදා හදා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමි. ඉතින් මේ ඉන් පළමු සටහනයි.) ජපන් අක්ෂර. ජපන් භාෂාව ඈත අතීතයේදී චීනයේ සිට චීන භාෂාවෙන් පැවත ආ බව සැලකේ. තවමත් චීන අක්ෂර තරමක් වෙනස් වී කන්ජි අක්ෂර(Kanji) ලෙස ජපන් භාෂාවේ භාවිතයේ ඇත. ඊට අමතරව හිරගනා(Hiragana) සහ කතකනා(Katakana) යන අක්ෂරද, භාවිතා කරයි. කන්ජී : සාම්ප්‍රදායික ජපන් වචන ලිවීමට භාවිතා කරයි.බොහෝ විට එක කන්ජියකින් එක වචනයක තේරුමක් ඇත. මෙවැනි කන්ජි 50,000 ක් පමණ ඇතිමුත් සාමාන්‍යයෙන් ඉන් කන්ජි 10,000ක් පමණ භාවිතා කරයි. මීට අමතරව ජපන් රජය විසින් මුද්‍රිත මාධ්‍යවල භාවිතය සඳහා අකුරු 1945 ක් නම් කරන ලදී. මේවා ජෝයෝ කන්ජි ලෙස හඳුන්වයි. හිරඟනා : ජපන් භාෂාවට ආවේනික වචන ලිවීමට මෙය භාවිතා කරයි. කන්ජි වල ශබ්දයද මෙමඟින් ලියා දක්වයි. මෙය අකුරු 46න් සමන්විත වන අතර එක් අකුරකින් එක් ශබ්දයක් පමණක් උපද්දවයි. කතකනා : ජපන් භාෂාවට වෙනත් විදේශීය භාෂා වලින් පැමිනි වචන සහ නම් කතකනා අක්ෂර වලින් ලියයි. මෙයද අකුරු 46න් සමන්විත වේ. * ජපන් බස ඉග

අපි ජංගම දුරකථන පාවිච්චි කරන හැටි හරිද?

මගේ හැඟීම අනුව පසුගිය දශකය තුළ අප රට තුළ වැඩියෙන්ම ව්‍යාප්ත වු පාරිභෝගික භාන්ඩය ජංගම දුරකථනය විය යුතුය. පහසු ගෙවීමේ ක්‍රම ඇතිවීම, දිනෙන් දින පහළ යන මිළ ගණන් සහ නොයෙකුත් වෙළඳ ප්‍රචාරන ක්‍රම නිසා එය නොසිතු ලෙස අප රට තුළ සීග්‍රයෙන් වර්ධනය වන්නට වූ අතර සුඛෝපභෝගි භාණ්ඩයක් ලෙස සැලකු "ජංගම දුරකතනය " පහසු මිළකට බාල මහළු කොයි කාටත් කිසිම අපහසුවකින් තොරව ලබාගත හැකි තත්වයකට පත්වී ඇත. නමුත් අපි මේ ව්‍යාප්තියත් සමඟම නිසි ලෙස "ජංගම දුරකතනය " පාවිච්චි කරන සැටිත් ඉගෙන ගත්තාද ? මා මින් අදහස් කරන්නේ දුරකථන වල ඇති යම් යම් features ක්‍රියා කරන හැටි එගෙනීම ගැන නොවේ. යම් දෙයක් පාවිච්චියෙදී අප අනුගමනය කළ යුතු පිළිගත් රීති මලාව ගැනය. සාමාන්‍යයෙන් වෙනත් දියුණු රටවල යම් භාණ්ඩයක් භාවිතයට පැමිණීමත් සමඟ ඔවුන් ඒ හා බැඳුනු යම් පිළිගත් රීති මාලාවකුත් ගොඩ නඟා ගනී. උදාහරණයක් වශයෙන් ප්‍රසිද්ධ ස්ථානවල ජංගම දුරකථන නාදය අඩුකොට තබාගැනීමත්, එවැනි ස්ථානවල ශබ්ද නඟා කතා නොකිරීමත් වැනි දෑ. නමුත් අප රට තුළ මේ තත්වය කෙසේද? අප දිනපතා ගමන් ගන්නා බසය තුළ හෝ දුම්රිය තුළ මේ තත්වය කෙසේද? බසයට හෝ දුම්රියට ගොඩ වූ මොහොත

Firefox 3 ලෝක වාර්තාව

පසුගිය ජුනි 17 දා ඇරඹුනු Firefox 3 බාගත කිරීම අවසන් වුයේ නව ලෝක වාර්තාවක් තබමින් (ඇත්තෙන්ම මේ අංශය යටතේ මීට පෙර වාර්තාවකට කවුරුත් උත්සහ කොට තිබුනේ නැත.) මේ ගැන විවිධ අදහස් මතු වුනත් මගේ හඟීම නම් අප සියළු දෙනාම ආදරය කරන Firefox නව වෙළුම බාගත කර ගන්න කවුරුත් දැඩි උත්සහයක් ගත් බවයි. Mozilla සමාගම බලාපොරොත්තු වු මුළු බාගත කිරීම් ගණන මිලියන 5 ක් පමණයි.කෙසේ නමුත් අවසානයේ වාර්තාව සටහන් වූයේ මෙසේයි. මුළු බාගත කළ ගණන, මිලියන 8.5 ක් පමණ Mozilla Severe යෙන් බාගත කළ මුළු දත්ත ප්‍රමාණය, ටෙරාබිට් 83ක් (83TB) තත්පරයක් තුළ බාගත කළ ගණන, 283 යි

මගේ පළමු හැඟීම

මේ මගෙ පළමු හැඟීමයි. මා කලක සිට සිංහළෙන් ටයිප් කිරීම ගැන උනන්දුවක් දැක්වුවා. මේ ඔස්සේ මා රටේ ලෝකයේ සිදුවන විවිධ සිදුවීම් මට හැඟෙන ආකාරයට ඉදිරිපත් කරන්නට අදහස් කරගෙන සිටිනවා. මීට අමතරව මා සතු ජපන් භාශාව පිළිබඳව ඇති දැනුම හැකි අයුරින් ඔබ අතර බෙදා හදා ගන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පුලුවන් විදියට මේම ලිපිවලට ප්‍රථිචාර දක්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ස්තූතියි. මීට, චම්පික රත්නායක.