Skip to main content

Posts

Showing posts from 2009

Any Video Converter එකෙ අළුත් කෑලි

මං Any Video Converter කාලයක් තිස්සෙ පාවිච්චි කලා. එහි අලුත්ම version එකේ අලුත් features ටිකක් තිබ්බ පට්ට. හරිම ප්‍රොයෝජනවත් :) ඉන් එකක් තමයි video clipping. එකෙන් video එකේ අවශ්‍ය ප්‍රාමාණය පමනක් තෝරා කපා ගන්න පුළුවන්. තව එකක් තමයි video crop එක. නමින්ම තේරෙන විදියට video එකේ අපිට අවශ්‍ය ප්‍රමාණය crop කර ගන්න පුළුවන්. video to mp3 මේකනම් පරණ එකෙත් තිබ්බා. මේකත් හරීම ප්‍රොයෝජනවත් :) මීට අමතරව වෙනදා වගේම කිසි කරදරයක් නැතිව video convert කර ගන්න පුළුවන්(ඒක තමයි වැදගත්ම එක)

DNS settings වලට පැන පැන යන්න software එකක්

google එකත් DNS service එකක් පටන් ගත්තනෙ. එගොල්ලා හදාගන්න හරි ලේසි නොම්බර ටිකක් දීලා තියෙන්නෙ. ඒ උනාට ගොඩක් කට්ටිය තාමත් කැමති open DNS වලට. සමහර අය කැමති තියන එකම තියාගෙන ඉන්න. ඉතින් මේකෙන් හොඳම එක හොයන්නෙ කොහොමද?  ඒක කරන්න ඉතින් settings හද හද බලන්න එපැයි. කම්මැලියිනෙ. හොඳ එක හොයන්න නෙමෙයි නිකම් අත්හදා බලන්න වෙගෙ ඉක්මන්ටම DNS settings මාරු කරගන්න ලේසි software එකක් තමයි DNS jumper . එක ක්ලික් එකෙන් වැඩෙ වෙනවා. මෙතනින් download page එකට යන්න.

Thunderbird වලට Google Wave ටැබ්

කාලෙකින් ලියන්නෙ. මේ දවස්වල අප්සෙට් සීන්මයි වෙන්නෙ. චින්තිගෙ අලුත් cd එක පට්ට. ඒකෙ තියෙනවා "ලෝකෙ සැරයි" කියලා සිංදුවක් අපේ දේශපාලකයින්ටත් නියමෙට ගැලපෙනවා. මාස කීපයකට ඉස්සෙල්ලා අපේ දේශය ගැන ආඩම්බර වෙන්න කියල දුන්න අපේම නායකයෝ ටික ඔක්කොම එකතු වෙලා ඒ ආඩම්බරය අපෙන් ටික ටික අරගන්නව බලන් ඉන්නේ හරිම වේදනාවෙන්. දැනට ඒවා ඇති. මේ ලඟදි tech blog එකක දාලා තිබබා thunderbird 3 වලට අපිට කැමති ඕනෑම වෙබ් පිටුවක් ටැබ් එකක් වශයෙන් දාගන්න හැටි. ඒක හරිම ප්‍රොයෝජනවත්. කරන්න තියෙන්නෙ, 1. මේක කොපි කරගන්න. Components.classes['@mozilla.org/appshell/window-mediator;1'].getService(Components.interfaces.nsIWindowMediator).getMostRecentWindow("mail:3pane").document.getElementById("tabmail").openTab("contentTab", {contentPage: "https://wave.google.com/wave/?nouacheck"});    මම මෙහි දාලා තියෙන්නෙ Google Wave link එක. 2.  දැන් thunderbird එකට ගිහිල්ලා, Tools-> Error Console වෙත යන්න. 3. ඉහත code එක paste කර Evaluate යන්න ඔබන්න. එච්චරයි. දැන් thunderb

Google Wave 16යි. ඒවා හරිම ලාබයි.

මට Google Wave එකක් හම්බඋනේ දැන මාසයකට විතර උඩදී. සුදාරක මල්ලී තමයි මට invitation එක එවලා තිබුනේ. ඉතින් මට ඕක ලැබිච්ච දවසෙ ඉඳන් මාත් බලන් ඉන්නෙ කාට හරි මගෙ ගානෙ invitation එකක් යවන්නෙ කොහොමද කියලා. මේ ලඟදි wave account එකට ලොග් වෙලා බලද්දී මටත් ඇවිල්ල තිබ්බා ඔය invitation යවන්න පුළුවන් කියන මැසේජ් එක. ඉතින් හරී.. සතුටුයි. ඉතින් ඕක දැක්ක වෙලේ ඉඳන් වටේටම කෝල් ගැහුවා. ඕනෙද කියල අහන්න. මම හිතුවෙ උණු කැවුම් වගෙ යයි කියලා. මොන, මුංගෙ ආඩම්බර. එකෙක්ටවත් එපාලු. එක්කො උන්ට හම්බ වෙලා. නැත්තම් එක එකා කියන ඒවා අහල දාලා බලන්නත් ඉස්සෙල්ලා එපාලු. කාට කියන්නද. තාම එකක්වත් දිගන්න බැරි උනා. facebook twitter වලටත් දැම්මා. ඒත් නෑ. ඉතින් බැරිම තැන තමයි මේ බ්ලොග් එකට දාන්න හිතුවෙ. අනේ කවුරු හරි ඕන එකෙක් ඉන්නවනම් මේල් එක දාලා කොමෙන්ට එකක් දාන්න ප්ලීස්. 8ම දෙනවා.   8යි නෙමෙයි 16යි(පස්සෙ දැක්කෙ).

songbird සහ podcast

songbird ගැන කවුද නොදන්නෙ. කමක් නෑ දන්නැත්නම් මෙතන ට යන්න. මේක Mozilla ආයතනයෙන් ලබා දෙන open-source මීඩියා ප්ලෙයර් එකක්. Firefox Thunderbird වල වගේම මේකෙත් add-ons ගොඩායි. ඒ අතරින් මම වඩාත් කැමති fasterbird, mash tape, lyric master, shoutcast radio, google search, now playing වගේ ඒවාට. මෙවත් එකතු කර ගත්තම jukebox එකයි search box එකයි දෙකම එකට රසවිඳින්න පුළුවන් වෙනවා. මේ තියෙන්නෙ songbird web browser එකෙන් මගෙ බ්ලොග් එක පේන විදිහ.වේගයත් නරක නෑ. (සිංහළවලටත් කිසි අවුලක් නෑ.) mp3 files ඇතුලත් වෙලා තියෙන බ්ලොග්ස් වගේ දේවල් වලින් කෙලින්ම download කරල දාගන්නත් පුළුවන්. මේ තියෙන්නෙ ඒ විදියට techකතා site එක පේන විදිය. මේ වගෙ podcast අහන්න තවත් විදියක් තමයි මෙන්න මෙතනට ගිහිල්ලා podcast RSS එකට podcast link එකක් songbird එකටම හදාගන්න එක. ඒ ක්‍රමේ තමයි ලේසිම විදිහ. අලුත් podcast එකක් ආවම ඉබේම ඒව අපිට බලා දෙනවා. ඊට අමතරව මෙහි මං කැමතිම තවත් අංගයක් තමයි scrolling lyrics. මේ ඇඩෝනය මඟින් අපිටම scrolling lyrics හදාගන්නත් පුළුවන්. ඒක නම් පට්ට. කරන්නත් හරිම ලේසියි. මම අලුත් lyrics කිහිපයක

Google Analytics ඔබේ blogger site එකට

ගූගල් අපේ ජීවිතයේ අංගයක් වෙලා ඉවරයි(හොඳට හෝ නරකට ඒක එහෙම තමයි වෙලා  තියෙන්නෙ) අපි ගූගල්ලගෙ සේවාවන් කීයක් එක් දවසකට පාවිච්චි කරනවාද? මේ තවත් ගූගල් සේවාවක් ගැන, Google Analytics, ගූගල් වෙතින් ලබා දෙන වෙබ් විශ්ලේෂකයක් (web analytic). මෙමඟින් ඔබේ වෙබ් පිටු බොලොග් පිටු යනාදීයෙහි සමස්ත් විශ්ලේෂකයක් ලබා ගත හැකි වෙනවා. මට තියෙන්නෙ blogger සයිට් එකක් නිසා මම නිකමට වගේ Google Analytics ක්‍රියාත්මක කරලා බැලුවා.(ඇත්තටම  කරල බලන්න ඕන නිසා පටන් ගත්තෙ) කරන්න තියෙන්නෙ Google Analytics හි ගිණුමක් ආරම්භ කරලා ඔබේ blogger account එකේ විස්තර එහි ඇතුලත් කිරීම පමණයි. ඉන්පසු ඔවුන් ලබා දෙන code එක blogger හි edit html වෙත ගොස්  පහත දක්වා ඇති ආකාරයට ඇතුලත් කරන්න. account එක active උනාට පස්සේ ඔබේ dashboard එක මෙන්න මේ වගෙ දිස්වෙයි. බ්ලොග් එක විසිට් කරපු ගණන එක් එක් පිටුවට පැමිණි ගණන පළාත වෙගේ දෙවල් වගේම ඊට එහා ගිය  professional site එකකට අවශ්‍ය තොරතුරුත් ලබා ගන්න පුළුවන්.  මේ වගේ තව ගොඩක් දේවල් තියෙනවා. මම තාම දන්නෙ ඔච්චරයි. (සවිස්තර වාර්ථවක්) (පැමිණි අය සිටින පළාත්) (විසිට් කරපු කට්ටිය

හැදුව Micro Blog එකක්

කාලෙකින් ලියන්න හම්බවුනෙ. මම තව අලුත් බ්ලොග් එකක් පටන්ගත්තා. ඒක  tumblr එකේ Micro Blog එකක්. ඇත්තම කිව්වොත් එහෙම එකක් පටන්ගන්න උවමනාවක් තිබ්බෙ නම් නෑ. ඒත් නිකං කරල බලන්න එකක් හැදුවා. මේ තියෙන්නෙ ගිහින් බලන්න්න. http://champiker.tumblr.com . නම Micro Me. (මගෙ site එක) tumblr එකේ මාර features වගයක් තියෙනවා. අපි අළුත් පොස්ට් එකක් ලියන්න යනකොට මෙන්න මේ වගේ window එකක් තමයි තියෙන්නෙ. අපිට අවශ්‍ය පරිදි text, photo,quote, link, audio හෝ video එකක් upload කරන්න පුළුවන්. අපි ඒ ලියන පොස්ට් ඉබේම අපේ twitter එකට යන්නත් හදා ගන්න පුළුවන්. twitter එකේ posts අපේ dashboard එකට ගෙන්න ගන්නත් පුළුවන්.  (Dashboard එක) එහි ඇති popular පිටුවට ගොස් දැනට tumblr වල ප්‍රසිද්ධ පොස්ට් බලාගන්න පුළුවන්. ඒ වෙලෙම ඒ සයිට් එක හොඳනම් අපිට twitter වල වගේ ඒවා follow කරන්න පුළුවන්. ඊට පස්සෙ අපි අපේ dashboard එකට ගියාම ඉහත රූපයේ ආකාරයට අපි follow කරන කට්ටියගේ පොස්ට් twitter එකේ වගේ display වෙනවා. ඒ අතරිනුත් අපි ගොඩක් ආස පොස්ට් හම්බ උනොත් ඒවා අපෙ likes වලට add කරගන්න පුළුවන්. ඒවා වෙනම display වෙනවා. ඒ ගැන දැනට එච

හැසිරීමනම් අන්තිමයි!

මේ අද දැක්ක පෝස්ට් එකක්. බලන්න පූජනීය ස්ථායක ඉන්න කැත. මටත් මේ ලඟදි දවසක ට්‍රිප් එකක් ගිය වේලාවක කතරගමදී ඔය වගේ ඒවා ගොඩක් දැක්කා. බලන්න මෙහෙම ඉන්න හොඳද කියලා.  

අලුත් බ්ලොග් එකක් හැදුවා

අලුත් බ්ලොග් එකක් හැදුවා. තේමාව "පාට" කෙරෙන්නෙ "මගෙ මොබයිල් ෆෝන් එකෙන් ගන්න ඦායාරූප පලකරන එක" ඒවා එදිනෙදා ජීවිතයේදි මට දකින්නට ලැබෙන දේවල්. හැම දෙයක්ම නෙමෙයි. හිතට හොඳට වදින දෙවල්. සමහර විට බොහොම සුළු සිද්දි. බ්ලොග් එකෙ ආකෘතිය ඉතාම ප්‍රාතමික මට්ටමින් පවත්වගෙන යන්න තමයි බලාපොරොත්තු වන්නේ. මෙන්න මේ ලින්ක් එකෙන් ගිහිල්ල බලන්න. ඔබගේ අදහස් ඉතා අගය කොට සලකමි.

ගියෙ පොත් බලන්න.. ඒත්

ඊයෙ ගියා book fair එක බලන්න. මාරම සෙනගක්. පොත් කඩත් ගොඩායි. බලන බලන තැන්වල මිනිස්සු පොත් ගන්නවා, කනවා, බොනවා ඒ අස්සෙන් ජොඩු ජෝඩු. හරියට නිකම් කානිවල් එකක් වගේ. පොත් දෙක තුනකුත් ගත්ත. මාර චාටරේ මගදී වැස්ස පටන් ගත්තා. අන්තිමයි. හැබැයි ඒකෙන් සෙනඟ ටිකක් අඩු උනා. හවස් ජාමෙ ඇවිදලා ඇවිදලා අමාරු හින්දා පොඩි බයිට් කෑල්ලකුත් හප හප ටිකක් වාඩිවෙලා හිටියා. මෙන්න එතකොට තමයි මේ සීන් එක උනේ. ලාවට වගෙ පොඩි තබ්ලා පාරක් ඇහුනා. ඒත් එක්කම මාර අත්පුඩි පාරකුත් ඇහුනා. ඉතින් නිකමට වගේ ගිහින් බැලුවා. සෙනඟ පිරිලා පොඩි පැදුරු පාටියක් වගෙ එකක්. හම්මට සිරි ගිය සෙනසුරාදා ස්වර්ණවාහිණියේ මියුසිකල් ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ල හිටිය තබ්ල ගහන කොල්ල ඉන්නෙ.(නම නම් මතක් නෑ) ඒත් එක්කම පොඩි කෑලි හතක අටක පොඩි ගෲප් එකක්.  තනිකර ඉන්දියානු සම්භාව්‍ය සංගීතයම තමයි play කලේ. හැබැයි මේක නොකියම බෑ. ඒ show එක තමයි මම බලපු හොඳම සංගීත ප්‍රසංගය. අර තබ්ල ගහන ශිල්පියා නම් මරේ මරු. ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි එයා තබ්ලා solo එකක් කලා. පට්ට! ඒ අස්සෙම අපි වෙනුවෙන් අපි ගීතය ගායනා කරන ගායකයත් ඇවිල්ල හිටියා(එයාගෙ නමත් මතක නෑ) ඔහු අපි වෙනුවෙන්

No Bravery - James Blunt

James Blunt කියන්නෙ මම ඉතා ආස කරන බටහිර ගායකයෙක්. මම ඉස්සලම ඔහුව අඳුරගත්තේ You're Beautiful කියන ගීතයෙන්. ඔහු ඉතා හොඳ තාත්විකවාදී ගායකයෙක්. ඔහුගේ සෑම ගීතයකටම වගේ මම ප්‍රිය කරනවා. ඒ අතරින් No Bravery කියන ගීතයට මම ගොඩක් ආසයි. මට ඒ ගීතය කොච්චර හිතට ඇල්ලුවද කියනවනම්, මම ඒ ගීතය ඇසුරින් wallpaper එකකුත් හැදුවා. (මේ යට තියෙන්නෙ ඒක) No Bravery ගීතය jango වෙබ් අඩවියෙන් ඇසීමට මෙතන click කරන්න. lyrics සඳහා මෙතනට ගොස් බලන්න. එහි වීඩියෝව(Youtube) මෙතනින් බලන්න. රසවිඳින්න.

card.ly සහ .tk domain

මම නොමිලේ ලබා දෙන .tk ඩොමේන් එකක් ලබාත්තා. ඊට පස්සේ ඒකට මගේ card.ly page එක ලින්ක් කලා. ප්‍රථිපලය නොමිලේ මගේම කියා වෙබ් සයිට් එකක් නිර්මාණය වීමයි.  මේ තියෙන්නෙ ඒකෙ screenshot එකක්. මගේ .tk domain නම champi.tk .

පල නොකල ලිපි

මේ මගේ බ්ලොග් එකෙ තවමත් draft විදියට save කරල තියෙන තවමත් පලකළ කල ගත නොහැකි වූ ලිපි කෑලි කිහිපයක්. විවිධ හේතු නිසා මට ඒවා ඉවර කර ගන්න බැරි වුනා. මට හිතුනා ඒවා ඔක්කොම එකතු කරල එක ලිපියක් පල කරන්න. දිනත් එක්කම. 24/8/09 අපි නිතරම මහ ජාතිය සහ සුළු ජාතිය අතර ඇති පරතරය ගැන කතා කරමින් සිටි. ඉඳහිට ඇති හැකි සහ නැති බැරි උන්ගේ පරතරය ගැනද කතා කර ඇත්තෙමු. අසල්වැසි ඉන්දියාවෙ හෝ සෞභාග්‍යමත් සිංගප්පූරුවේ සහ අපේ ලංකාවේ ඇති පරතරය ගැනද කතාකරනවා මම අසා ඇත්තෙමි. ඒ වගේම පැරණී රජදරුවන් සහ ඒ කාළයේ කොළ අතු ඇඳ සිටි යුරෝපයේ සුද්දන්ගේ කෙරුවාවල් වල පරතරයද ගැනද නිරන්තර සාකච්චවක යෙදී සිටිමින් සිටී. මේවා අපට නිතර අසන්නට ලැබෙන වෙනස්කම් සහ පරතරයන්ය. එහෙත් මට හැඟෙන ආකාරයට පසුගිය දිනවල සිදුවූ අවාසානාවන්ත සිදුවීම්ව්ලට ප්‍රධාන වශයෙන් බලපෑ මූලික හේතුවත් මේ විවිධ වු අප අතරම ඇති මේ පරතරයන් ය. 18/08/09 පසුගිය සති දෙක තුන තුළදී අපට අසන්නට ලැබුනු අවාසනාවන්ත සිද්ධි කිහිපයකි. 07/03/09 ගොඩනැගෙන්නනම් අපේ දේ අගයමු 29/10/08 අබා .. අප සංගමය තුළත් සහ සිංහළ ගූගල් සමූහය තුළත් ඉතා ගැඹුරින් සාකච්ඡා කරලා කරලා පිළුනු වෙච්ච මාතෘකාවක්. මෙම චිත

Jango (last.fm වලට ආදේශකයක්)

Jango කියන්නේ මේ දිනවල මම නිතරම යන එන වෙබ් සයිට් එකක්. සිංදු අහන්න, download කරන්න, last.fm එක වගේ profile හදන්න, artist ගෙ සිංදු අහන ගමන් ඒවයේ lyrics-photoes-vedioes බලන්න, last.fm වගේ radio station හදාගන්න වගේ මෙකි නොකී සෑම දෙයක්ම මෙමඟින් කරගන්න පුළුවන්. download ගැන කතා කරනවානම් මම ඉස්සර පාවිච්චි කරපු ලයිම්වය‍ර්, mp3raid වගේ සයිට් දැන් පාවිච්චි කරන්නෙම නෑ. මොකද ඒ ඔක්කොමට වඩා ඉතා ලේසියෙන් jango එකෙන් ඒක කර ගන්න පුළුවන් නිසා. තවත් මං කැමතිම දෙයක් තමා jango එකෙන් මගෙ mail එකට එවන news letter එක. මගේ station වල ඉන්න artist කෙනෙකුගෙ යම් අලුත් ගීතයක් හෝ ඇල්බමයක් නිකුත් වීමත් සමඟ එය මට මේ news letter එක මඟින් දැනුම් දෙනවා. මේ මගේ Hip Hop සහ Rock station දෙක Station වලට ආර්ටිස්ට්ලව ඇඩ් කරන්න තියෙන්නෙ මේ විදියට download කරන්න විශේෂයෙන් ඉඩක් නැති වුවත් මගෙ IDM එකෙන් මේ වගෙ ඕනෑම ගීතයක් download කරල දෙනවා. මෙහිදී යම් artist කෙනුකුගේ page එකකට ගියහම සමහර ගීත අපට කැමති පරිදි වාදනය කිරීමට නොහැකි ලෙස පෙන්නනවා. එවිට ඔබට අවශ්‍ය එම ගීතයේ lyrics වෙත ගොස් එහි ඇති Listen Now ක්ලික් කරන්න. එවිට එය වාදනය

ආසයි ලියන්න.

ආසයි ලියන්න. ඒත් අදහසක් නෑ.(හ්ම්.. නැත්තෙම නෑ) ඒත් ඒකට වෙලා නෑ. වෙලාව තියෙන වෙලාවට ඉන්ටර්නෙට් නෑ. ඉවරයි - කෙටි උනාට සොරි.

Good news ඇන්ඩ් Bad news

Good News කොහොමද download වෙන speed එක ඇන්ඩ් Bad News අනේ හපොයි මොකද මේ නරියට උනේ?

මඥ්ඥං ලෝකෙ - toilet r paper

මඥ්ඥං ලෝකෙ පාවිච්චියට ඇති toilet r paper designs කිහිපයක්.

අවුරුද්දයි!

දන්නෙම නෑ මගේ මේ බ්ලොග් එකට අවුරුද්දක් ගෙවිලා. මම මේ ලියන්නෙ මගේ 45වෙනි ලිපිය. අවුරුද්දට ලිපි 45ක් නිකම් මදි වගේ නේද? ඒත් මොනවා කරන්නද මේකත් ලියන්නෙ මේ ඔෆිස් එකේ වැඩ කරන ගමන්. මෙහෙමවත් ලිව්වා ඇති කියලා හිතෙනවා. මගේ බ්ලොග් එකට අවුරුද්ද උනාට මම සිංහල බ්ලොග් දැන් අවු 1 1/2 ඉදන් විතර බලනවා. මට ඉස්සලාම සිංහල යුනිකෝඩ් ගැන දැන ගන්න ලැබුනේ orkut එකේ පැතුම් කියල කෙනෙකුගෙන්. එදා ඉදන් පුරුද්දක් වශයෙන් සිංහල බ්ලොග් බලන්න පුරුදු වෙලා හිටියා. අපරාදේ කියන්න බෑ ඒ නිසා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අඩුම ගානෙ මොබයිල් ෆෝන් එක යාවත්කාලීන කරන්න ඉගෙන ගත්තෙත් මෙහි පලවෙන බ්ලොග් හරහා. මම ඒ පිළිබඳව ඔබ සියළු දෙනාටම මගේ ස්තූතිය පල කරනවා.

අපේ උන් ගහපු හොඳම මැච් එක සහ අරවින්ද

ඔන්න ආයෙමත් කට්ටිය ක්‍රිකට් මැච් බලනවා. අපරාදෙ කියන්න බෑ අපේ උනුත් හොඳට ගහනවා. හැබැයි මොන මලදානයක් වෙලාද මන්දා මේ ලංකාවෙ හරි ඉන්දියාවෙ හරි ගහන මැච් ඇරෙන්න අනිත් ඒවා බලන්න මට හරි කම්මැලියි. කොහොමත් දැන් වර්ල්ඩ් කප් එක දිනපු කාලෙ වගෙ උනන්දුවෙන් මැච් බැලෙන්නෙ නෑ. ඒ දවස් වල මාර උනක් තිබ්බේ. ඒ සමහර මැච් ඊයෙ පෙරෙදා ගැහුවා වගේ තාම මතකයි . ඒ අතරිනුත් අති විශේෂ එක මැච් එකක් තාමත් මට හොඳට මතකයි. කවුරු හරි ඇහුවොත් අපේ උන් ගහපු හොඳම මැච් එක මොකක්ද කියලා මම එක පාරටම කියන්නේ ඒ 96 World Cup එකේ අපි ඉන්දියාව එක්ක ගහපු semifinal මැච් එක කියලා. එදා ඊඩ්න් ගාර්ඩ්න් එක full house. රටවල් දෙකටම තීරනාත්මක මැච් එකක්. අපේ උන් වටේටම ගහගෙන ආවේ. හැබැයි වැඩි දෙනෙක් හිතා ගෙන හිටියෙ ඉන්දියාව තුළ ප්‍රබල ඉන්දියානු කන්ඩායම දෙවරක් පරාජය කරන්න බෑ කියලයි. අපිටත් ඒ විදියටම හිතුනා අපේ ප්‍රථම විකට් 3ක් ඉක්මනටම යනකොට. අපේ බලාපොරොත්තු සුන්වෙලා හිටියේ. ජයා, කළ

ගිටාර් වලින් කතාකිරීම

පහත දැක්වෙන්නේ ඉතා විරළ වීඩීයෝ ක්ලිප් එකක්. රොක් සංගීතයේ පතාක යෝදයින් දෙදෙනෙකුගේ සංවාදයක්. මේ සංවාදය ඔවුන් කරන්නෙ ගිටාර් වලින්. සමහරවිට ඒ ඔවුන් දෙදෙනාම දන්න, දෙදෙනාටම තේරෙන හොඳම භාෂව නිසා වෙන්නැති. මේ ලෝකපූජිත ඉලෙක්ට්‍රික් ගිටාර් වාදකයින් දෙදෙනුකු වන එරික් ක්ලැප්ටන් මහතා සහ කාලෝස් සන්තානා යි. ඔවුන්ගේ දෙදෙනාගේම සිංදුවලට මම ඉතා ප්‍රියයි. ඉතින් මේ දෙදෙනාම එකතු වී කරන වාදනය ගැන කතා දෙකක් නෑ. බලන්න මේ මහල්ලන් දෙදෙනා කෙතරම් තරුණද කියා.

මැයි 25 සහ 18

මැයි මාසය මගේ ජීවිතයට ඉතා වැදගත් මාසයක්. ප්‍රධාන හේතුවනම්, මගෙ උපන් දිනය මැයි 25 වන දින වීම්. (ඒ කියන්නෙ ඊයෙ. දැන් මට 31 යි) දෙවන කාරනය තමයි මැයි 18. මැයි 18 කියපුවහම ලොකු කුඩා ඕන කෙනෙක් දන්නවා ඒ දවසේ වැදගත්කම. ඒ අපේ මාතෘභූමිය නිදහස් වූ දිනය( මම නම් දකින්නේ ඒ විදියට). නමුත් මට නම් මැයි 18 දිනට තවත් විශේෂ කාරණයක් යෙදී තිබෙනවා. ඒ තමයි මම විවාහ වූ දිනය. මේ අවුරුද්දේ අපි සැමරුවේ අපේ තෙවන සංවස්තරය. විවාහය සිදුවූයේ 2006 මැයි 18 දින(ඒකට වසර 7ක් බලන් හිටියා). අපේ ප්‍රේමය පටන්ගන්න අඩිතාලම වැටුනෙත් මැයි මාසයේදි. ඒ වෙසක් බලන්න ගිහිල්ලා. මම වැඩිදුර අධ්‍යාපනය සඳහා ජපානය බලා ගියෙත් මැයි මාසේ. ඒ 20 වෙනිදා. අධ්‍යාපන කටයුතු ඉවරවෙලා ආයෙත් ලංකාවට ආවෙත් මැයි මාසේ. ඒ 18 වෙනිදා. ඉතින් 18යි 25යි මැයි මාසෙයි මායි ඔන්න ඔහොමයි.

ශ්‍රී ලංකා මෑත ඉතිහාසයේ ඦායාරූප එකතුවක්

මේක විද්දෙ පඳුරට වැදුනේ හාවට වගේ වැඩක්. ශ්‍රී ලංකාවේ මුහුදු තීරය ගැන ඉන්ටර්නෙට් එකේ සොයමින් ඉන්න අතරතුර නිකමට වගෙ අපිට සුද්දා දීපු නම ගහල සොයා බලද්දී මෙම අගනා වෙබ් අඩවිය මතු වුනා. ඒක imagesofceylon.com . අපේ මෑත ඉතිහාසයේ වටිනා ඦායාරූප එකතුවක්. ගිහිල්ලම බලන්න වටිනවා. මේ ඒවායින් කිහිපයක්. (කරණවෑමියෙකු) (කොටුව චැතම් වීදිය) (ගාලු මුවදොර හෝටලය)

Tamil film එකක සිංහල සිංදුවක්

සුරංගනීට මාළු ගෙනාවා ගීතය ඇසුරින් නිර්මාණය වෙච්ච දමිළ ගීතය‍ ඔබ කවුරුත් අසා ඇතැයි සිතමි. පහත දැක්වෙන්නේ ඒ ගීතය ටිකක් වෙනස් කොට TN 07 AL 4777 දමිළ චිත්‍රපටියේ අඩංගු කොට ඇති ආකාරයයි. මෙය මේ දිනවල ඉතා ජන්ප්‍රිය ගීතයක් බවටත් ආරංචියි.

අපේ යුතුකම

මා ඊයේ සිට රජගිරියේ බෝගස ඉදිරිපිට උතුරේ අවතැන් වී සිටින වැසියන් වෙනුවෙන් වියළි ආහාර සහ ඇඳුම් පැළඳුම් වැනි දෑ එකතු කිරීමේ වැඩසටහනකට සම්බන්ධ වී සිටිනවා. එකතු වෙන භාණ්ඩ ITN එකේ සහෝදර සත්කාරයට පිරිනමන අතර මේ සඳහා සැළකිය යුතු පිරිසක්ගෙන් සහයක් ලැබෙමින් පවතිනවා. බොහෝ දෙනා රජගිරිය අවට පිරිස. මේ අතර අපේ කාර්‍යය විවේචනය කරන පිරිසකුත් ඉන්නවා. හැමොම ඉතින් එක වගේ හිතන්නෙ නෑනෙ. මොනවා කරන්නද? ඒත් අපි අපිට පුළුවන් විදියට අපෙ යුතුකම කරමින් සිටිනවා.

Film එකක් විනාඩි 18න් බාගන්න

පහත දැක්වෙන්නේ, රවීන්දගේ සටහන් පොත සඳහන්ව තිබූ ආකාරයට Imageshack ආදාරයෙන් බාගත කරගත් චිත්‍රපටියක (torrent එකක්) විස්තරයි. හොඳට බලන්න එය සම්පූර්ණයෙන් බාගත වීමට ගත වී ඇත්තෙ විනාඩි 18ක් පමනයි. ඉන්පසු මට ඉතිරිව තිබුනේ Imageshack වෙතින් මෙම file එක direct download එකක් වශයෙන් download කර ගැනීම පමණයි.(ඒකට ඉතින් විනාඩි 15ක් විතරනෙ යන්නේ) ඉතින් වෙනදාවගේ torrent file එකක් බාගන්න දවස් ගනන් බලනින්න වෙන්නේ නෑ. හැබැයි මේ මං බාගත්ත ඉහළම වේගයයි. අනිත් ඒවත් සාමන්‍යයෙන් පැය 3-5 අතර කාලයක් තුළ download වෙනවා. හරිම ලේසියි. ඒකෙන් උනේ මම ෆිල්ම් බලන්න පුදුම විදියට ඇබ්බැහි වීමයි. Imageshack නිසා හොඳ film ටිකක් නම් බලාගන්න ලැබුනා. ඒ අතරින් Changeling, Eagle eye, Seven Pounds, In to the Wild, Million dollar Baby, walle e, Defiance, kung fu panda, The reader විශේෂයි. මේ අතරිනුත් Million dollar Baby ගොඩක් විශේෂ film එකක්. කොහොමත් මම Clint Eastwood ගේ films වලට ආසයි. මේ film එක මම දින 4ක් තුළ පස් වතාවක් බැලුවා. එහි රංගන ශිල්පීන් ගේ දායකත්වය අති විශිෂ්ටයි. ඒ වගේම තමයි අධ්‍යක්‍ෂනය. කියලා වැඩක් නෑ.

පිට රටකදී සැමරූ සිංහල අවුරුද්ද

මෙය වසර කීපයකට පෙර මා ජපානයේ වාසය කරන කාලයේ සැමරූ අවුරුද්දකි. දන්න කියන සිංහල යාළුවෝ ටිකයි ජපන් යහළුවෝ කීපදෙනෙකුයි එදා අපේ කාමරයට ඇවිල්ලා හිටියා. උන් හැමෝම වැඩ කරන තැන් වලින් බොහෝම අමාරුවෙන් තමයි නිවාඩු අරගෙන තිබ්බේ. කැවුම් කොකිස් නැතිවුනත් දන්න විදියට කොත්තු රොටියි සිංහල සැර බීම වගයකුයි තමයි ලෑස්ති කරලා තිබ්බේ. කොත්තු රොටි හැදුවෙ එහෙ තියෙන පකිස්ථාන් කඩ වලින් ගත් රොටි වලින්. හදන්න කොහොමත් මට මතක හැටියට පැය ගානක් ගියා. ඒ වෙලාව ගියෙත් කොකියෝ හැටක් විතර සහභාගිත්වයෙන් හදලත්. ඒවා කාපු ජපන්නු ටිකට දැවිල්ල අරන් එක ජංජාලයයි. කොහොම හරි එදා හොඳට කාලා බීලා විනෝද වුනා. හැබැයි අවසානයේ ලංකාවේ පුරුදු විදියට සිංදු කියන්නම් බැරි උනා. මොකද සද්දෙ ටිකක් වැඩි උනොත් අහල පහල උන් complain කරන හින්දා. ඒත් ඒක හරියට artificial සිංහල අවුරුද්දක් වගෙ. ඒත් ඉතින් ඒකාකාරී ජීවිතයෙන් මිදිලා ඒ ගෙවපු "artificial සිංහල අවුරුද්ද" තාමත් මගේ හිතේ හොඳට මතකයේ රැඳිලා තිබෙනවා.

හරක් මස් නම් එපා!

දැන් දැන් නිතර ඇහෙන කතාවක් ඕක. අනේ මචං හරක් මස් නම් එපා.. (set වෙන්න ගියත් ඕක තමයි.) ඒත් මුං අනිත් මස් ජාති, මාළු කෑම වලට හොඳට පහර දෙනවා. හරියට ඒවට පව් නෑ වගේ. හැබැයි හරක් මස් නම් පව්. ඇත්ත තමයි අපේ සංස්කෘතියේ හැටියට හරක කියන්නේ විශේෂ සත්වයෙක් තමයි. ඒත් මට පෙන්නන්න බැරි මුං අනිත් සතුන්ගෙ කෑම හොඳට රහ කර කර කන ගමන් හරකගෙ පව ගැන කතා කරන එක ගැනයි. මේ ඔක්කොම නොකා ඉඳපං කියලා එකෙක්වත් කියන්නේ නෑනෙ.

Firefox හි බර අඩුකරගමු

මම හැමතිස්සෙම Firefox එකයි Photoshop යන දෙකම එකම වේලාවෙ ඇරල වැඩ කරනවා. එතකොට කොම්පුටරය ටිකක් පරන නිසා හිර වෙන අවස්ථා අනන්තයි. මේකට ප්‍රධාන හේතුව Firefox හි ඇති බරයි. ඉතින් මේකට කරන්න පුලුවන් පොඩි ට්‍රික් එකක් ගැන මට කියවන්න ලැබුනා. මෙමඟින් Firefox minimize කල විට ram එකෙන් ගන්න ඉඩ ඉතා අඩු මට්ටමකට පවත්වාගෙන යන්න පුලුවන්. ඒක කරන්නේ මෙහෙමයි. 1. Firefox හි නව ටැබයක් තුල about:config ලෙස type කර enter කරන්න. 2. I'll be carefull මත click enter කරන්න. 3. ලැබෙන පිටුවෙහි right-click කර New -> Boolean එකක් තෝරාගන්න. 4. ලැබෙන window හි config.trim_on_minimize ලෙස type කර enter කරන්න. 5. ලැබෙන ඊ ළඟ window හි true තෝරා enter කරන්න. 5. Firefox restart කරන්න. දැන් Firefox එකෙහි ටැබ් කිහිපයක් open කර Windows Task Manager මඟින් ram එකෙන් ලබා ගන්නා ඉඩ ප්‍රමාණය සහ firfox එක minimize කර ram එකෙන් ලබා ගන්නා ඉඩ ප්‍රමාණය සසඳා බලන්න. ( lifehacker මඟින් උපුටා ගන්නා ලදි.)

මේ දවස්ටික

හරිම කම්මැලි දවස් ටිකක්. ඊයෙ නම් මලින්තට මාර වදයක් දීලා මොබයිල් ෆෝන් එක අප්ඩේට් කරගත්තා. අද උදේ ඉදන් කලේ windows 7 පාවිච්චි කරලා බලපු එක. දැනටනම් ඒ ගැන ඉතා පැහැදීමෙන් ඉන්නේ. පසුගිය ටිකේ aXXo ගෙ පිහිටෙන් හොන්ද ෆිල්ම් ටිකකුත් බැලුවා. පරන twitter account එකක් තියෙද්දිම අලුත් එකක් හදල පොඩි පොඩි updates වගයක් කළා. ඒකත් ඩිගටම කරන්න කම්මැලියි. මාර වැඩක් වෙලා තියෙන්නෙ.

Windows 7 නොමිලේ!

මේ රටේ ජරමර අස්සේ අමුතු ආරංචියක් ලැබුනා. මයික්‍රොසොෆ්ට් සමාගම ඔවුන්ගේ මීළඟ OS එක වන Windows 7 මහජනයා වෙත හෙට සිට (ජනවාරි 9) නොමිලේ බාගත කර ගන්නට දෙනවාලු. Vista හි අසාර්ථකත්වය හමුවේ Windows 7 හී මුදාහරීම වේගවත් වු බවත් ආරංචියි. වැඩි විස්තර

හදපිරි උත්තමාචාරය

ජයෙන් ජය ලබා ඉදිරියටම යන ...... වීර රණවිරුවනට මගේ හදපිරි උත්තමාචාරය