Skip to main content

Posts

Showing posts from March, 2009

හරක් මස් නම් එපා!

දැන් දැන් නිතර ඇහෙන කතාවක් ඕක. අනේ මචං හරක් මස් නම් එපා.. (set වෙන්න ගියත් ඕක තමයි.) ඒත් මුං අනිත් මස් ජාති, මාළු කෑම වලට හොඳට පහර දෙනවා. හරියට ඒවට පව් නෑ වගේ. හැබැයි හරක් මස් නම් පව්. ඇත්ත තමයි අපේ සංස්කෘතියේ හැටියට හරක කියන්නේ විශේෂ සත්වයෙක් තමයි. ඒත් මට පෙන්නන්න බැරි මුං අනිත් සතුන්ගෙ කෑම හොඳට රහ කර කර කන ගමන් හරකගෙ පව ගැන කතා කරන එක ගැනයි. මේ ඔක්කොම නොකා ඉඳපං කියලා එකෙක්වත් කියන්නේ නෑනෙ.

Firefox හි බර අඩුකරගමු

මම හැමතිස්සෙම Firefox එකයි Photoshop යන දෙකම එකම වේලාවෙ ඇරල වැඩ කරනවා. එතකොට කොම්පුටරය ටිකක් පරන නිසා හිර වෙන අවස්ථා අනන්තයි. මේකට ප්‍රධාන හේතුව Firefox හි ඇති බරයි. ඉතින් මේකට කරන්න පුලුවන් පොඩි ට්‍රික් එකක් ගැන මට කියවන්න ලැබුනා. මෙමඟින් Firefox minimize කල විට ram එකෙන් ගන්න ඉඩ ඉතා අඩු මට්ටමකට පවත්වාගෙන යන්න පුලුවන්. ඒක කරන්නේ මෙහෙමයි. 1. Firefox හි නව ටැබයක් තුල about:config ලෙස type කර enter කරන්න. 2. I'll be carefull මත click enter කරන්න. 3. ලැබෙන පිටුවෙහි right-click කර New -> Boolean එකක් තෝරාගන්න. 4. ලැබෙන window හි config.trim_on_minimize ලෙස type කර enter කරන්න. 5. ලැබෙන ඊ ළඟ window හි true තෝරා enter කරන්න. 5. Firefox restart කරන්න. දැන් Firefox එකෙහි ටැබ් කිහිපයක් open කර Windows Task Manager මඟින් ram එකෙන් ලබා ගන්නා ඉඩ ප්‍රමාණය සහ firfox එක minimize කර ram එකෙන් ලබා ගන්නා ඉඩ ප්‍රමාණය සසඳා බලන්න. ( lifehacker මඟින් උපුටා ගන්නා ලදි.)