Skip to main content

Posts

Showing posts from June, 2009

මඥ්ඥං ලෝකෙ - toilet r paper

මඥ්ඥං ලෝකෙ පාවිච්චියට ඇති toilet r paper designs කිහිපයක්.

අවුරුද්දයි!

දන්නෙම නෑ මගේ මේ බ්ලොග් එකට අවුරුද්දක් ගෙවිලා. මම මේ ලියන්නෙ මගේ 45වෙනි ලිපිය. අවුරුද්දට ලිපි 45ක් නිකම් මදි වගේ නේද? ඒත් මොනවා කරන්නද මේකත් ලියන්නෙ මේ ඔෆිස් එකේ වැඩ කරන ගමන්. මෙහෙමවත් ලිව්වා ඇති කියලා හිතෙනවා. මගේ බ්ලොග් එකට අවුරුද්ද උනාට මම සිංහල බ්ලොග් දැන් අවු 1 1/2 ඉදන් විතර බලනවා. මට ඉස්සලාම සිංහල යුනිකෝඩ් ගැන දැන ගන්න ලැබුනේ orkut එකේ පැතුම් කියල කෙනෙකුගෙන්. එදා ඉදන් පුරුද්දක් වශයෙන් සිංහල බ්ලොග් බලන්න පුරුදු වෙලා හිටියා. අපරාදේ කියන්න බෑ ඒ නිසා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අඩුම ගානෙ මොබයිල් ෆෝන් එක යාවත්කාලීන කරන්න ඉගෙන ගත්තෙත් මෙහි පලවෙන බ්ලොග් හරහා. මම ඒ පිළිබඳව ඔබ සියළු දෙනාටම මගේ ස්තූතිය පල කරනවා.

අපේ උන් ගහපු හොඳම මැච් එක සහ අරවින්ද

ඔන්න ආයෙමත් කට්ටිය ක්‍රිකට් මැච් බලනවා. අපරාදෙ කියන්න බෑ අපේ උනුත් හොඳට ගහනවා. හැබැයි මොන මලදානයක් වෙලාද මන්දා මේ ලංකාවෙ හරි ඉන්දියාවෙ හරි ගහන මැච් ඇරෙන්න අනිත් ඒවා බලන්න මට හරි කම්මැලියි. කොහොමත් දැන් වර්ල්ඩ් කප් එක දිනපු කාලෙ වගෙ උනන්දුවෙන් මැච් බැලෙන්නෙ නෑ. ඒ දවස් වල මාර උනක් තිබ්බේ. ඒ සමහර මැච් ඊයෙ පෙරෙදා ගැහුවා වගේ තාම මතකයි . ඒ අතරිනුත් අති විශේෂ එක මැච් එකක් තාමත් මට හොඳට මතකයි. කවුරු හරි ඇහුවොත් අපේ උන් ගහපු හොඳම මැච් එක මොකක්ද කියලා මම එක පාරටම කියන්නේ ඒ 96 World Cup එකේ අපි ඉන්දියාව එක්ක ගහපු semifinal මැච් එක කියලා. එදා ඊඩ්න් ගාර්ඩ්න් එක full house. රටවල් දෙකටම තීරනාත්මක මැච් එකක්. අපේ උන් වටේටම ගහගෙන ආවේ. හැබැයි වැඩි දෙනෙක් හිතා ගෙන හිටියෙ ඉන්දියාව තුළ ප්‍රබල ඉන්දියානු කන්ඩායම දෙවරක් පරාජය කරන්න බෑ කියලයි. අපිටත් ඒ විදියටම හිතුනා අපේ ප්‍රථම විකට් 3ක් ඉක්මනටම යනකොට. අපේ බලාපොරොත්තු සුන්වෙලා හිටියේ. ජයා, කළ

ගිටාර් වලින් කතාකිරීම

පහත දැක්වෙන්නේ ඉතා විරළ වීඩීයෝ ක්ලිප් එකක්. රොක් සංගීතයේ පතාක යෝදයින් දෙදෙනෙකුගේ සංවාදයක්. මේ සංවාදය ඔවුන් කරන්නෙ ගිටාර් වලින්. සමහරවිට ඒ ඔවුන් දෙදෙනාම දන්න, දෙදෙනාටම තේරෙන හොඳම භාෂව නිසා වෙන්නැති. මේ ලෝකපූජිත ඉලෙක්ට්‍රික් ගිටාර් වාදකයින් දෙදෙනුකු වන එරික් ක්ලැප්ටන් මහතා සහ කාලෝස් සන්තානා යි. ඔවුන්ගේ දෙදෙනාගේම සිංදුවලට මම ඉතා ප්‍රියයි. ඉතින් මේ දෙදෙනාම එකතු වී කරන වාදනය ගැන කතා දෙකක් නෑ. බලන්න මේ මහල්ලන් දෙදෙනා කෙතරම් තරුණද කියා.