Skip to main content

Posts

Showing posts from September, 2009

අලුත් බ්ලොග් එකක් හැදුවා

අලුත් බ්ලොග් එකක් හැදුවා. තේමාව "පාට" කෙරෙන්නෙ "මගෙ මොබයිල් ෆෝන් එකෙන් ගන්න ඦායාරූප පලකරන එක" ඒවා එදිනෙදා ජීවිතයේදි මට දකින්නට ලැබෙන දේවල්. හැම දෙයක්ම නෙමෙයි. හිතට හොඳට වදින දෙවල්. සමහර විට බොහොම සුළු සිද්දි. බ්ලොග් එකෙ ආකෘතිය ඉතාම ප්‍රාතමික මට්ටමින් පවත්වගෙන යන්න තමයි බලාපොරොත්තු වන්නේ. මෙන්න මේ ලින්ක් එකෙන් ගිහිල්ල බලන්න. ඔබගේ අදහස් ඉතා අගය කොට සලකමි.

ගියෙ පොත් බලන්න.. ඒත්

ඊයෙ ගියා book fair එක බලන්න. මාරම සෙනගක්. පොත් කඩත් ගොඩායි. බලන බලන තැන්වල මිනිස්සු පොත් ගන්නවා, කනවා, බොනවා ඒ අස්සෙන් ජොඩු ජෝඩු. හරියට නිකම් කානිවල් එකක් වගේ. පොත් දෙක තුනකුත් ගත්ත. මාර චාටරේ මගදී වැස්ස පටන් ගත්තා. අන්තිමයි. හැබැයි ඒකෙන් සෙනඟ ටිකක් අඩු උනා. හවස් ජාමෙ ඇවිදලා ඇවිදලා අමාරු හින්දා පොඩි බයිට් කෑල්ලකුත් හප හප ටිකක් වාඩිවෙලා හිටියා. මෙන්න එතකොට තමයි මේ සීන් එක උනේ. ලාවට වගෙ පොඩි තබ්ලා පාරක් ඇහුනා. ඒත් එක්කම මාර අත්පුඩි පාරකුත් ඇහුනා. ඉතින් නිකමට වගේ ගිහින් බැලුවා. සෙනඟ පිරිලා පොඩි පැදුරු පාටියක් වගෙ එකක්. හම්මට සිරි ගිය සෙනසුරාදා ස්වර්ණවාහිණියේ මියුසිකල් ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ල හිටිය තබ්ල ගහන කොල්ල ඉන්නෙ.(නම නම් මතක් නෑ) ඒත් එක්කම පොඩි කෑලි හතක අටක පොඩි ගෲප් එකක්.  තනිකර ඉන්දියානු සම්භාව්‍ය සංගීතයම තමයි play කලේ. හැබැයි මේක නොකියම බෑ. ඒ show එක තමයි මම බලපු හොඳම සංගීත ප්‍රසංගය. අර තබ්ල ගහන ශිල්පියා නම් මරේ මරු. ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි එයා තබ්ලා solo එකක් කලා. පට්ට! ඒ අස්සෙම අපි වෙනුවෙන් අපි ගීතය ගායනා කරන ගායකයත් ඇවිල්ල හිටියා(එයාගෙ නමත් මතක නෑ) ඔහු අපි වෙනුවෙන්

No Bravery - James Blunt

James Blunt කියන්නෙ මම ඉතා ආස කරන බටහිර ගායකයෙක්. මම ඉස්සලම ඔහුව අඳුරගත්තේ You're Beautiful කියන ගීතයෙන්. ඔහු ඉතා හොඳ තාත්විකවාදී ගායකයෙක්. ඔහුගේ සෑම ගීතයකටම වගේ මම ප්‍රිය කරනවා. ඒ අතරින් No Bravery කියන ගීතයට මම ගොඩක් ආසයි. මට ඒ ගීතය කොච්චර හිතට ඇල්ලුවද කියනවනම්, මම ඒ ගීතය ඇසුරින් wallpaper එකකුත් හැදුවා. (මේ යට තියෙන්නෙ ඒක) No Bravery ගීතය jango වෙබ් අඩවියෙන් ඇසීමට මෙතන click කරන්න. lyrics සඳහා මෙතනට ගොස් බලන්න. එහි වීඩියෝව(Youtube) මෙතනින් බලන්න. රසවිඳින්න.

card.ly සහ .tk domain

මම නොමිලේ ලබා දෙන .tk ඩොමේන් එකක් ලබාත්තා. ඊට පස්සේ ඒකට මගේ card.ly page එක ලින්ක් කලා. ප්‍රථිපලය නොමිලේ මගේම කියා වෙබ් සයිට් එකක් නිර්මාණය වීමයි.  මේ තියෙන්නෙ ඒකෙ screenshot එකක්. මගේ .tk domain නම champi.tk .

පල නොකල ලිපි

මේ මගේ බ්ලොග් එකෙ තවමත් draft විදියට save කරල තියෙන තවමත් පලකළ කල ගත නොහැකි වූ ලිපි කෑලි කිහිපයක්. විවිධ හේතු නිසා මට ඒවා ඉවර කර ගන්න බැරි වුනා. මට හිතුනා ඒවා ඔක්කොම එකතු කරල එක ලිපියක් පල කරන්න. දිනත් එක්කම. 24/8/09 අපි නිතරම මහ ජාතිය සහ සුළු ජාතිය අතර ඇති පරතරය ගැන කතා කරමින් සිටි. ඉඳහිට ඇති හැකි සහ නැති බැරි උන්ගේ පරතරය ගැනද කතා කර ඇත්තෙමු. අසල්වැසි ඉන්දියාවෙ හෝ සෞභාග්‍යමත් සිංගප්පූරුවේ සහ අපේ ලංකාවේ ඇති පරතරය ගැනද කතාකරනවා මම අසා ඇත්තෙමි. ඒ වගේම පැරණී රජදරුවන් සහ ඒ කාළයේ කොළ අතු ඇඳ සිටි යුරෝපයේ සුද්දන්ගේ කෙරුවාවල් වල පරතරයද ගැනද නිරන්තර සාකච්චවක යෙදී සිටිමින් සිටී. මේවා අපට නිතර අසන්නට ලැබෙන වෙනස්කම් සහ පරතරයන්ය. එහෙත් මට හැඟෙන ආකාරයට පසුගිය දිනවල සිදුවූ අවාසානාවන්ත සිදුවීම්ව්ලට ප්‍රධාන වශයෙන් බලපෑ මූලික හේතුවත් මේ විවිධ වු අප අතරම ඇති මේ පරතරයන් ය. 18/08/09 පසුගිය සති දෙක තුන තුළදී අපට අසන්නට ලැබුනු අවාසනාවන්ත සිද්ධි කිහිපයකි. 07/03/09 ගොඩනැගෙන්නනම් අපේ දේ අගයමු 29/10/08 අබා .. අප සංගමය තුළත් සහ සිංහළ ගූගල් සමූහය තුළත් ඉතා ගැඹුරින් සාකච්ඡා කරලා කරලා පිළුනු වෙච්ච මාතෘකාවක්. මෙම චිත

Jango (last.fm වලට ආදේශකයක්)

Jango කියන්නේ මේ දිනවල මම නිතරම යන එන වෙබ් සයිට් එකක්. සිංදු අහන්න, download කරන්න, last.fm එක වගේ profile හදන්න, artist ගෙ සිංදු අහන ගමන් ඒවයේ lyrics-photoes-vedioes බලන්න, last.fm වගේ radio station හදාගන්න වගේ මෙකි නොකී සෑම දෙයක්ම මෙමඟින් කරගන්න පුළුවන්. download ගැන කතා කරනවානම් මම ඉස්සර පාවිච්චි කරපු ලයිම්වය‍ර්, mp3raid වගේ සයිට් දැන් පාවිච්චි කරන්නෙම නෑ. මොකද ඒ ඔක්කොමට වඩා ඉතා ලේසියෙන් jango එකෙන් ඒක කර ගන්න පුළුවන් නිසා. තවත් මං කැමතිම දෙයක් තමා jango එකෙන් මගෙ mail එකට එවන news letter එක. මගේ station වල ඉන්න artist කෙනෙකුගෙ යම් අලුත් ගීතයක් හෝ ඇල්බමයක් නිකුත් වීමත් සමඟ එය මට මේ news letter එක මඟින් දැනුම් දෙනවා. මේ මගේ Hip Hop සහ Rock station දෙක Station වලට ආර්ටිස්ට්ලව ඇඩ් කරන්න තියෙන්නෙ මේ විදියට download කරන්න විශේෂයෙන් ඉඩක් නැති වුවත් මගෙ IDM එකෙන් මේ වගෙ ඕනෑම ගීතයක් download කරල දෙනවා. මෙහිදී යම් artist කෙනුකුගේ page එකකට ගියහම සමහර ගීත අපට කැමති පරිදි වාදනය කිරීමට නොහැකි ලෙස පෙන්නනවා. එවිට ඔබට අවශ්‍ය එම ගීතයේ lyrics වෙත ගොස් එහි ඇති Listen Now ක්ලික් කරන්න. එවිට එය වාදනය