Skip to main content

Posts

Showing posts from December, 2009

Any Video Converter එකෙ අළුත් කෑලි

මං Any Video Converter කාලයක් තිස්සෙ පාවිච්චි කලා. එහි අලුත්ම version එකේ අලුත් features ටිකක් තිබ්බ පට්ට. හරිම ප්‍රොයෝජනවත් :) ඉන් එකක් තමයි video clipping. එකෙන් video එකේ අවශ්‍ය ප්‍රාමාණය පමනක් තෝරා කපා ගන්න පුළුවන්. තව එකක් තමයි video crop එක. නමින්ම තේරෙන විදියට video එකේ අපිට අවශ්‍ය ප්‍රමාණය crop කර ගන්න පුළුවන්. video to mp3 මේකනම් පරණ එකෙත් තිබ්බා. මේකත් හරීම ප්‍රොයෝජනවත් :) මීට අමතරව වෙනදා වගේම කිසි කරදරයක් නැතිව video convert කර ගන්න පුළුවන්(ඒක තමයි වැදගත්ම එක)

DNS settings වලට පැන පැන යන්න software එකක්

google එකත් DNS service එකක් පටන් ගත්තනෙ. එගොල්ලා හදාගන්න හරි ලේසි නොම්බර ටිකක් දීලා තියෙන්නෙ. ඒ උනාට ගොඩක් කට්ටිය තාමත් කැමති open DNS වලට. සමහර අය කැමති තියන එකම තියාගෙන ඉන්න. ඉතින් මේකෙන් හොඳම එක හොයන්නෙ කොහොමද?  ඒක කරන්න ඉතින් settings හද හද බලන්න එපැයි. කම්මැලියිනෙ. හොඳ එක හොයන්න නෙමෙයි නිකම් අත්හදා බලන්න වෙගෙ ඉක්මන්ටම DNS settings මාරු කරගන්න ලේසි software එකක් තමයි DNS jumper . එක ක්ලික් එකෙන් වැඩෙ වෙනවා. මෙතනින් download page එකට යන්න.

Thunderbird වලට Google Wave ටැබ්

කාලෙකින් ලියන්නෙ. මේ දවස්වල අප්සෙට් සීන්මයි වෙන්නෙ. චින්තිගෙ අලුත් cd එක පට්ට. ඒකෙ තියෙනවා "ලෝකෙ සැරයි" කියලා සිංදුවක් අපේ දේශපාලකයින්ටත් නියමෙට ගැලපෙනවා. මාස කීපයකට ඉස්සෙල්ලා අපේ දේශය ගැන ආඩම්බර වෙන්න කියල දුන්න අපේම නායකයෝ ටික ඔක්කොම එකතු වෙලා ඒ ආඩම්බරය අපෙන් ටික ටික අරගන්නව බලන් ඉන්නේ හරිම වේදනාවෙන්. දැනට ඒවා ඇති. මේ ලඟදි tech blog එකක දාලා තිබබා thunderbird 3 වලට අපිට කැමති ඕනෑම වෙබ් පිටුවක් ටැබ් එකක් වශයෙන් දාගන්න හැටි. ඒක හරිම ප්‍රොයෝජනවත්. කරන්න තියෙන්නෙ, 1. මේක කොපි කරගන්න. Components.classes['@mozilla.org/appshell/window-mediator;1'].getService(Components.interfaces.nsIWindowMediator).getMostRecentWindow("mail:3pane").document.getElementById("tabmail").openTab("contentTab", {contentPage: "https://wave.google.com/wave/?nouacheck"});    මම මෙහි දාලා තියෙන්නෙ Google Wave link එක. 2.  දැන් thunderbird එකට ගිහිල්ලා, Tools-> Error Console වෙත යන්න. 3. ඉහත code එක paste කර Evaluate යන්න ඔබන්න. එච්චරයි. දැන් thunderb