Skip to main content

Posts

Showing posts from March, 2010

dolphine බලන්න trip එකක්

ගිය සෙනසුරාදා ගියා trip එකක්. තේමාව තමයි dolphine බලන එක. තැන කල්පිටිය. අර අටපට්ටමෙ ලංකාවෙ dolphineල ඉන්නව  කියල පෙන්නුව කියන්නෙත් මෙතන තමයි. ගියේ ගිණි පාන්දර(ආවෙත් පාන්දර). නැවතුනෙ.... (මතක නෑ). උදේට කාලා 10ට විතර බෝට්ටුවට නැග්ගා(18 දෙනෙක් හිටපු හින්ද 6 ගානෙ බොට්ටු 3ක් තිබ්බා). බෝට්ටුවෙ මුහුදෙ යන්නෙ 1st Time හින්ද මුල ටිකෙ පන බයේ හිටියෙ. ෆුල් තද වෙන්න life jacket දාලා අත් දෙකෙන්ම බෝට්ටුව අල්ලල ගෙන. ගිණි කාස්ටකෙ. ටිකක් දුර ගියා. දැන් බය ටිකක් අඩු වෙලා. බෝට්ටුවෙ එහාට මෙහාට ඇවිදල් බැලුවා. අපරාදෙ කියන්න බෑ හොඳ හයි හත්ටියට හදල තියෙනවා. හැබැයි භූමි තෙල් ගඳේ බෑ. ඒ අස්සෙන් බොට්ටුව එලවන එකා ගහනව තඩි බීඩියක්. එකපාරටම අපිට ඉස්සරහින් ගිය බෝට්ටුව නැවත්තුවා. අම්මට සිරි dolphins ලවත්ද? මොන, තඩි කැස්බෑවෙක්. දැල් වලට අහු වෙලා මැරිලා. පාවි පාවි ඉන්නවා. අපෙ කස්ටිය photo ගහනවා එකසිය ගානට(මාත් ගැහුවා). පැය භාගයක් විතර කැස්බෑවගෙ වටේ කැරකි කැරකි ඉඳලා උගෙ මරණ පරීක්ශනෙත් කරල ආයි පිටත් උනා යන්න. ආයි dolphine. ඔය විසිල් එක ගහන එකා වයසට ගියාට හෙන දසයා. අපෙ office staff එකේ හෙන තදයෙක්. කනක් ඇහිලා ඉන්න නෑ. ත

දැන් blogger templete හදන්න පට්ට ලේසියි

දැන් blogger templete අපිටම කියල හදාගන්න පුළුවන්. මාර ලේසියි. දෙන්නෙත් blogger site එකෙන්ම තමයි. හැබැයි sighn in වෙන්න ඕනෙ blogger in draft account එකෙන්. හිතන්න දෙයක් නෑ. blogger account එකක් තියෙනවනම් නිකම්ම මේකට යන්න පුළුවන්. යන්න මෙතනින් . ඊට පස්සෙ Layout > Page Elements වලට. ගියහම ඇති Template Desighner කියල tab එකක්. යන්න ඒකට. ඊට පස්සෙ වෙන දේ මම ලියල කියනවට වඩා මේ වීඩියොව බැලුවම ලේසියෙන් දැන ගන්න පුළුවන්. මට නම මාර happy. මම උග්‍ර blogger fan කෙනෙක්. හැබැයි තාම අත්හද බලන්න බැරි උනා. මාර busy. 7455

උෂ්නත්වය සහ රාත්‍රී නින්ද (සහ මගෙ ඇඳ)

මේ දවස්වල මාර රස්නෙයි. මං මදුරුවො කනවට නෙට් එකක් දාගෙන නිදාගන්නෙ. තවත් රස්නෙයි. ඉතින් ඔය දෙකම එකතු උනාම නිදාගන්නෙ කොහොමද? fan එක කෙස් ගලවගෙන යන සයිස් එකට දැම්මත් අමාරුයි. මාරම රස්නයක්. හැබැයි ඉතින් සෙට්වෙලා ආපු දවසකට නම් කිසි ප්‍රශ්ණයක් නෑ. බබා වගේ නිදි. ඔය වගෙ මේ ලඟදි සෙට් වෙච්ච දවසක උදෙ නැගිටල බලපුවාම් ඇඳුම් පිටින්ම නිදි. අම්ම ඇවිල්ලා අහනවා "------- උඹ ඊයෙ ගෙදර ආවේ කොහොමද කියලා?" මම මතක් කලා මතක් කලා අම්මට ආපු හැටි කියන්න. ඒත් ඒ වෙලාවෙ මතක් උනේ නෑ :) . හැබැයි ඔහොම හැමදාම වෙන්නෙත් නෑ. එදා සුට්ටක් වැඩි වෙලා.                       මම නිදාගන්නෙත් අමුතු විදියකට(හැමෝම එහෙමද දන්නෙ නෑ) මට ඔලුවට කොට්ටයකුයි, කකුල් දෙක අස්සෙ ගහන්න තව කොට්ටයකුයි ඕනෙ. එහෙම කරන්නෙ පැත්තට හැරිලා නිදා ගන්නකොට කොන්දට එන ප්‍රෙෂර් එක අඩු කර ගන්න. පොඩි කාලෙ රගර් ගහල කොන්දෙ පොඩි අප්සෙට් එකක් තියෙනවා. හැබැයි ඒක තාම කෙලින්. ඒ වාගෙම තමයි රෑට සිංදු අහල headphone එක තියන්නත් ඇදෙ මම පොඩි ඉඩක් හදාගෙන ඉන්නෙ. කොච්චර නින්ද ගියත් කවදාවත් එක තියන තැනට අතවත් යන්නෙ නෑ. headphone එක කවදාවත් ඇඳෙන් වැටිලත් නෑ. එතනම තමයි මොබ