Skip to main content

Posts

Showing posts from April, 2010

අවුරුද්දට කුරුළු කූඩුවක්

මේ පාර ගෙදර දවස් දෙක තුනක් හිටපු හින්ද දන්නෙ. අපෙ වත්තෙ ළිඳ ගාවම තියෙන මල් පඳුරක කොන්ඩ කුරුල්ලෙක් කූඩුවක් හදල. පුදුමෙ කියන්නෙ පඳුර ඇති මගෙ උස විතර. කූඩුව මගෙ ඉනේ ගානට විතර තියෙන්නෙ. අවුරුද්ද දවසෙ බලද්දි මේකෙ පැටව් දෙන්නෙක් ඉන්නව. මාරයි මම ඔය දැක්කමයි. බලන්න මේ තියෙන පිංතූර දිහා. මේ දවස්වල අම්බානෙක වහින හින්ද උඩින් ඉටි කොල කෑල්ලක් දාලා වහල දැම්මා. හැබැයි වැස්ස හොඳයි. අමාරුම අපෙ ගෙවල් වල ඉන්න පොඩි උන්ගෙන් මේක බේර ගන්න. උන්ගෙ වැඩේම මේක වටෙ කැරකෙන එක.  ඔය රවුමක් ඇඳලා තියෙන හරියෙ තමයි කූඩුව තියෙන්නෙ. (හැබැයි ඔය ළිඳ වැඩිය පාවිච්චි වෙන්නෙ නෑ)  මෙන්න පැටවු දෙන්නා. 7975

(චිත්‍රපටියක විස්තර) Invictus - ගන්න නායකත්වය

මම ආසම චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා Clint Eastwood මහත්මයා. එයා ඒ දවස්වල රඟපෑම විතරයි කලෙ (for few more dollars එකෙත් dirty hary එකේ රඟපෑවෙත් ඔහු) ඒත් දැන්නම් ඔහු අධ්‍යක්ෂණය තමා වැඩිපුර කරන්නෙ. ඔහු ඔහුගෙ නිර්මාණ වලින් ඇමරිකානු සමාජයට විහිළු කරනවා වගෙ හැඟීමක් තමයි මට තියෙන්නෙ. මම සාමන්‍යයෙන් එයාගේ film එකක් ආවම කොහොම හරි ෆලෝ කරල බලනවා. එහෙම එලවල බලපු මම වඩාත්ම කැමති  film එකක් තමයි Million Dollar Baby කියන film එක. ඒක තමයි මම වැඩියෙන්ම බලපු චිත්‍රපටිය. මට මතක විදියට 8 පාරක්. ඉතින් ක්ලින්ට් මහතාගේ අලුත්ම film එක (අලුත් කිව්වට 2009. ටොරන්ට් වලට අලුත්) තමයි "Invictus" . මෙහි ක්ලින්ට් ගෙ සහයකයා Morgan Freeman සහ Matt Damon ප්‍රධාන චරිත රඟපානවා. මම නම් මේ දෙන්නව එකට දැක්කමයි. ඔවුන් දෙදෙනා නිරූපණය කරන්නෙත් එසෙ මෙසේ දෙන්නෙක්ව නෙමේ. Nelson Mandela සහ Francois Pienaar ව. Francois කියන්නෙ දකුණු අප්‍රිකාවේ රග්බි කණ්ඩායමේ හිටපු නායකයෙක්. මේකෙ තියෙන්නෙ මේ දෙන්නගෙ සහයෝගයෙන් දකුණු අප්‍රිකාව 1995 රග්බි ලෝක කුසලානය දිනපු විස්තරය. එහෙම කිව්වට එහෙමත්ම නෙමේද මන්ද. මට අන්තිමට හිතු