ඉන්ටර්නෙට් යද්දී වේගය කොච්චර තිබ්බත් මදි වගේනේ (ඇත්තටම ලංකාවෙ වේගය ගැන හිනා යනවනෙ) ඉතින් කවුරුත් දැනට තියන වේගය තවත් දශමයකින් හරි වැඩි කර ගන්න full try කරනවනෙ. එක එක පැකේජ් වලට මාරු වෙලා බලනවා එක එක බ්‍රව්සර් දාලා බලනවා. ඒත් මදි නෙ. ඉතින් මාත් මේ ලඟදී යාලුවෙක් කිව්ව විදියට කොම්පුටරේට පොඩි සෙල්ලමක් දාලා බැලුවා. හරියටම වේගය 20%කින් වැඩි වෙනවලු. කලේ මෙහෙමයි.
start > run > gpedit.msc කියල type කරලා enter කරන්න.
එතකොට group policy editor එක ඇරෙනවා.
ඊට පස්සෙ
local computer policy > computer configurtion > administrative templates > network > qos packet scheduler වෙනකන් යන්න.
ඊටත් පස්සෙ දකුණු පැත්තෙ limit reservable bandwidth කියන එක double click කරන්න.
ඊට පස්සෙ එන window එකේ settings යටතේ ඇති enable කියන තැන click කර පහතින් ඇති bandwidth limit එක 0 කරන්න.
එච්චරයි. මෙකෙන් වෙන්නෙ windows system එකට ඉන්ටර්නෙට් යන්න තියන් ඉන්න මුළු bandwidth ප්‍රමාණයෙන් 20%ක ඉඩ නැති කරල දාලා ඒ ඉඩත් අපිට ලබා ගන්න එකලු (මේක මට කියල දුන්න එකා කිව්වෙ)
මාත් ඉතින් කරල බැලුවා. අම්මට සිරි මාර වෙනසක්. speed එක මාර විදියට වෙනස් උනා : )
(මොන කිසි වෙනසක් නෑ වගේ) ඒත් ඉතින් එහෙම තියල බැලුවා. තව දවස් දෙක තුනක් බලලා වෙනසක් නැත්නම් ආයි වෙනස් කරල දානවා.
9561
7 comments:
thanks bro.....
එල එල මාත් ට්‍රයි කරන්න ඕනෙ
mamath wenas keruwa wenasak na wage
ජපානෙන් එන ටිපර් වලට උඩට ලෑලිත් ගහලා අපි වැලි ඇද්දට ඇන්ජිම හදලා තියෙන්නේ ඊට වඩා අඩු බරක් අදින්නනේ....එතකොට වෙන්නේ වැඩි බරක් ඇද්දට වාහනේ ආයුකාලය අඩු වෙන එකයි...
මේකෙනුත් එහෙම එකක් වෙන්න බැරිද.....
මයික්‍රොසොෆ්ට්ලා එහෙම හදන්න ඇත්තේ මොකක් හරි හේතුවක් නිසා වෙන්න බැරිද........
@Saman, එහෙම මොකක් හරි ඇති තමයි.
මේ අහන්නකො දැන් වතුර බටයක් තියනවා කියලා හිතන්නකො...
ඒ වතුර බටෙන් වතුර යන්නෙ 80%යි..
ඒත් බටේ හරහා 100%ක් වතුර ගියයි කියලා බටේට මොනවත් වෙනවද ??
මට හිතෙන හැටි..
සරලයි.. ඇත්තයි !!
Sinhala danne nathi kamata nemei english walin liyanne lesi nisa...
The 20% bandwidth reserve only applies while Windows is downloading updates. This means if there is a critical update, and you have Windows set to download, Windows has the right to 20% of the bandwidth to complete the download. Meaning - This would only affect you whenever there is a new update that your computer downloads, and only for a minute or two, generally during a time you're not using your computer. You should not change this setting.
Post a Comment