Dec 9, 2010

ජරාම වැස්ස

මගේ  මේ ජීවිත කාලෙම දැක්ක මහ ජරාම වැස්ස තමා මේක. පටන් ගන්න වෙලාවකුත් නෑ ඉවරවෙන වෙලාවකුත් නෑ. හැබැයි අපරාදෙ කියන්න බෑ ඔෆිස් යන වෙලාවටයි  ඔෆිස් එකෙ ඉඳල එන වෙලාවටයි  නම් බඩු ෂුවර්ම තමයි. අනිවාර්යයෙන් දවසට තුන් හතර පාරක් තෙමෙනවාමයි. මේ වෙලාවට තමයි තේරෙන්නේ රෝද හතරක වටිනාකම. ඒ වගේම තමයි යන යන තැන හැම එකාටම වගේ හෙම්බිරිස්සාව. මටත් එහෙමයි. ඔලුවෙ සෙම පිරිලා. ගඳක් සුවඳක් තේරෙන්නෙත් නෑ . කොයි වෙලාවෙත් හූර හූර ඉන්න තමයි වෙලා තියෙන්නෙ. එපා වෙලා ඉන්නෙ. මේ ඔක්කොටම හේතුව මේ කරුම වැස්ස තමයි. lifestyle එක එහෙම පිටින්ම අවුල් වෙලා.  ඒ අතින් ගිනි කසේට පායන දවස් කොච්චර ෂෝක්ද ? හප්පා මතක් වෙනකොටත් දාඩිය දානවා.

3 comments:

said...

අපොයි වැස්ස ගැන නම් මතක් කරනන් එපා. දැන් නම් හොඳටම ඇති :-D

Champike Rathnayake said...

කොච්චර අමතක කරන්න හැදුවත් තෙමෙනකොට මතක් වෙනවා බං

Nadun said...

අපෝ වැස්ස එපාම උනා හැබැයි අ/පුර එචරම වැස්සේ නැ :)