මිත්‍රයණි, මගේ හැඟීමනම් රගර් ක්‍රීඩාව අපේ දේශගුණයට නොගැලපෙන ක්‍රීඩාවකි. එනමුදු මා උග්‍ර රග්බි ක්‍රීඩා ලෝලියෙකි. නමුත් පසුගිය අවුරුදු කිහිපය තුළ ලංකාවෙ පැවැත්වෙන බොහෝ තරඟ නැරඹීමට යන්නට මා අදි මදි කළෙමි. හේතුව බොහෝ පාසල් සහ සමාජ තරඟ තුළ කෙමෙන් කෙමෙන් තිබූ තරඟකාරිත්වය පහව ගිය නිසයි. නමුත් මේ අවුරුද්ද එය යම් තරමකට වෙනස් වී තිබෙන අයුරු පෙනෙන්ට විය. විශේෂයෙන් පසුගිය සතිඅන්ත කිහිපයේදී එය වඩාත් කැපී පෙනෙන්නට විය. පාසල් තරඟ අතරින් රාජකීය හමුවේ ත්‍රිත්ව කණ්ඩායමත්, ශාන්ත තෝමස් හමුවේ රාජකීය කණ්ඩායමත්, ත්‍රිත්ව හමුවේ කිංග්ස්වුඩ් කණ්ඩායමත්, ක්‍රීඩා සමාජ තරඟ අතර CR&FC හමුවේ මහනුවර කණ්ඩායමත් ඉතා හොඳ ජයග්‍රහණ වාර්තා කළේය. මේ තරඟ සියල්ලක්ම වාගේ රගර් ක්‍රීඩාවේ උසස් ගුණාංග වලින් පොහොසත්ව තිබිණි. ඒ නිසාම වඩා සජීවි තරඟ කිහිපයක් නිර්මාණය වී තිබිණි. මේ නිසා ක්‍රීඩා ලෝලින් නැවත ක්‍රීඩාගාර තුළට ඒමට පටන්ගන්නට විය. තවත් විශේෂිත කාරනයක් වුයේ වඩා උචිත විනිසුරුවන් මෙම තීරණාත්මක තරඟ සඳහා යොදා තිබීමයි. සමහර විණිසුරුවන් ඒ ඒ තරඟ සඳහාම විදේශ රටවලින් ගෙනවාගෙන තිබුණි. ඒ අතරම අයි නාළිකාව මේ තරඟ සියල්ලක්ම වාගේ සජීවි ලෙස...
අපේ සමාජය, මගේ සිහින, මගේ හැඟීම...