Skip to main content

Posts

Showing posts from April, 2009

අපේ යුතුකම

මා ඊයේ සිට රජගිරියේ බෝගස ඉදිරිපිට උතුරේ අවතැන් වී සිටින වැසියන් වෙනුවෙන් වියළි ආහාර සහ ඇඳුම් පැළඳුම් වැනි දෑ එකතු කිරීමේ වැඩසටහනකට සම්බන්ධ වී සිටිනවා. එකතු වෙන භාණ්ඩ ITN එකේ සහෝදර සත්කාරයට පිරිනමන අතර මේ සඳහා සැළකිය යුතු පිරිසක්ගෙන් සහයක් ලැබෙමින් පවතිනවා. බොහෝ දෙනා රජගිරිය අවට පිරිස. මේ අතර අපේ කාර්‍යය විවේචනය කරන පිරිසකුත් ඉන්නවා. හැමොම ඉතින් එක වගේ හිතන්නෙ නෑනෙ. මොනවා කරන්නද? ඒත් අපි අපිට පුළුවන් විදියට අපෙ යුතුකම කරමින් සිටිනවා.

Film එකක් විනාඩි 18න් බාගන්න

පහත දැක්වෙන්නේ, රවීන්දගේ සටහන් පොත සඳහන්ව තිබූ ආකාරයට Imageshack ආදාරයෙන් බාගත කරගත් චිත්‍රපටියක (torrent එකක්) විස්තරයි. හොඳට බලන්න එය සම්පූර්ණයෙන් බාගත වීමට ගත වී ඇත්තෙ විනාඩි 18ක් පමනයි. ඉන්පසු මට ඉතිරිව තිබුනේ Imageshack වෙතින් මෙම file එක direct download එකක් වශයෙන් download කර ගැනීම පමණයි.(ඒකට ඉතින් විනාඩි 15ක් විතරනෙ යන්නේ) ඉතින් වෙනදාවගේ torrent file එකක් බාගන්න දවස් ගනන් බලනින්න වෙන්නේ නෑ. හැබැයි මේ මං බාගත්ත ඉහළම වේගයයි. අනිත් ඒවත් සාමන්‍යයෙන් පැය 3-5 අතර කාලයක් තුළ download වෙනවා. හරිම ලේසියි. ඒකෙන් උනේ මම ෆිල්ම් බලන්න පුදුම විදියට ඇබ්බැහි වීමයි. Imageshack නිසා හොඳ film ටිකක් නම් බලාගන්න ලැබුනා. ඒ අතරින් Changeling, Eagle eye, Seven Pounds, In to the Wild, Million dollar Baby, walle e, Defiance, kung fu panda, The reader විශේෂයි. මේ අතරිනුත් Million dollar Baby ගොඩක් විශේෂ film එකක්. කොහොමත් මම Clint Eastwood ගේ films වලට ආසයි. මේ film එක මම දින 4ක් තුළ පස් වතාවක් බැලුවා. එහි රංගන ශිල්පීන් ගේ දායකත්වය අති විශිෂ්ටයි. ඒ වගේම තමයි අධ්‍යක්‍ෂනය. කියලා වැඩක් නෑ.

පිට රටකදී සැමරූ සිංහල අවුරුද්ද

මෙය වසර කීපයකට පෙර මා ජපානයේ වාසය කරන කාලයේ සැමරූ අවුරුද්දකි. දන්න කියන සිංහල යාළුවෝ ටිකයි ජපන් යහළුවෝ කීපදෙනෙකුයි එදා අපේ කාමරයට ඇවිල්ලා හිටියා. උන් හැමෝම වැඩ කරන තැන් වලින් බොහෝම අමාරුවෙන් තමයි නිවාඩු අරගෙන තිබ්බේ. කැවුම් කොකිස් නැතිවුනත් දන්න විදියට කොත්තු රොටියි සිංහල සැර බීම වගයකුයි තමයි ලෑස්ති කරලා තිබ්බේ. කොත්තු රොටි හැදුවෙ එහෙ තියෙන පකිස්ථාන් කඩ වලින් ගත් රොටි වලින්. හදන්න කොහොමත් මට මතක හැටියට පැය ගානක් ගියා. ඒ වෙලාව ගියෙත් කොකියෝ හැටක් විතර සහභාගිත්වයෙන් හදලත්. ඒවා කාපු ජපන්නු ටිකට දැවිල්ල අරන් එක ජංජාලයයි. කොහොම හරි එදා හොඳට කාලා බීලා විනෝද වුනා. හැබැයි අවසානයේ ලංකාවේ පුරුදු විදියට සිංදු කියන්නම් බැරි උනා. මොකද සද්දෙ ටිකක් වැඩි උනොත් අහල පහල උන් complain කරන හින්දා. ඒත් ඒක හරියට artificial සිංහල අවුරුද්දක් වගෙ. ඒත් ඉතින් ඒකාකාරී ජීවිතයෙන් මිදිලා ඒ ගෙවපු "artificial සිංහල අවුරුද්ද" තාමත් මගේ හිතේ හොඳට මතකයේ රැඳිලා තිබෙනවා.