Skip to main content

Posts

Showing posts from February, 2010

We are the World ආයි කියනවා.

1980 ගනන් වල මම අහපු ආසම සිංදුවක් තමයි " We are the world " කියන එක. මම හිතන්නේ ඒක ගායක ගායිකාවන් ගොඩ දෙනෙක් එකතුවෙලා කරපු පලවෙනි සිංදුව වෙන්න ඇති. නැතනම් ජනප්‍රිය වෙච්ච පලවෙනි ඒ වගෙ සිංදුව වෙන්න ඇති. එකාට එකා මරාගන්න ඇමරිකවවේ showbiz වල කට්ටිය ඒ වගේ එදා එකතු උනෙ අප්‍රිකාවේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන්ලු. ඒකට මුල් උනෙ Michael Jackson, Lionel Richie සහ තව කවුරු හරි තව එක්කෙනෙක්(නම මතක නෑ). ඒ විස්තරය මෙතන . කොහොම හරි පසුගිය දිනක ඒ ගීතය නැවත් ගායනා කෙරුනා. පලවෙනි පාර වගේම charity single එකක් වශයෙන් තමයි release කලේ. මේ පාර සංවිධායකයින්ගෙ අවධානය යොමු වෙලා තියෙන්නෙ හයිටි හි විපතට පත් වෙච්ච මිනිස්සු. මෙවර සහභාගි උනෙ නව පරපුරෙ ගායක ගායිකාවන් පිරිසක්. ඒ වගේම පසුගිය එක වගේම Lionel Richie සහ Michael Jackson ත් සහභාගි උනා. එහෙම කලේ Michael Jackson ගෙ පරණ clip එක නැවත දාලා. සම්පූර්ණ වීඩියෝව මෙතනින් බලන්න. ඒ එක්කම මේ යට තියෙන වීඩියෝ එකත් බලන්න. ඒ Jamie Foxx ඒ ගීතයේ intro එක ඉදිරිපත් කරන ආකාරයයි.

Playing with Flock browser

ඊයෙද පෙරෙදද කොහෙද mozilla ගෙ Flock web browser ආපහු දාලා බැලුවා. ඕක කාලයක් තිස්සෙ තිබ්බා. එක පාරක් දාලත් තිබ්බ ඒත් performance මදි හින්ද uninstall කරල දැම්මා. එතකොට තිබ්බෙ version 1.5 වගෙ ගානක්, වැඩක්ම නෑ. දැන් ඇවිල්ල තියෙන අලුත්ම version එක තමයි flock 2.5.6. ඕක තමයි දාල බැලුවෙ. අප්පට සිරි UI එක නියමයි. bookmarks import කලා. අවුලක් නෑ. sidebar එකෙ තියෙන ඒවා update කරල master password එකක් දාලා දැම්මා(මොකද හිටපු ගමන් office එකේ අනිත් උන් මේකට එන හින්ද) gmail, twitter, facebook, blogger, flickr, picasa accounts ටික දැම්මා. කිසි කරදරයක් නැතුව වැඩ. extension ටිකකුත් දැම්මා. අවුලක් නෑ වැඩ. firefox එකේ extension සමහර ඒවා වැඩ.  youtube බලනකොට speedBit video එකත් වැඩ. එතනත් අවුලක් නෑ. speed එකත් හොඳයි. තාම download manager එකක් නම් හම්බ උනෙ නෑ. memory නම් ඉතින් firefox වගේම තමයි. ටිකක් කනවා. ඔක්කොම බැලුවම ඉතින් අවුලක් නම් නෑ. දැනට google chrome 4.0.249.78 ත් දාලා තියෙනවා. ඒකට වඩා හොඳට වැඩ. twitter facebook freinds ලාගෙ updates ලේසියෙන් බලන්න පුළුවන්. එහෙම්ම chat කරන්නත් පුළුවන්. Flickr