Skip to main content

Posts

Showing posts from 2010

ජරාම වැස්ස

මගේ  මේ ජීවිත කාලෙම දැක්ක මහ ජරාම වැස්ස තමා මේක. පටන් ගන්න වෙලාවකුත් නෑ ඉවරවෙන වෙලාවකුත් නෑ. හැබැයි අපරාදෙ කියන්න බෑ ඔෆිස් යන වෙලාවටයි  ඔෆිස් එකෙ ඉඳල එන වෙලාවටයි  නම් බඩු ෂුවර්ම තමයි. අනිවාර්යයෙන් දවසට තුන් හතර පාරක් තෙමෙනවාමයි. මේ වෙලාවට තමයි තේරෙන්නේ රෝද හතරක වටිනාකම. ඒ වගේම තමයි යන යන තැන හැම එකාටම වගේ හෙම්බිරිස්සාව. මටත් එහෙමයි. ඔලුවෙ සෙම පිරිලා. ගඳක් සුවඳක් තේරෙන්නෙත් නෑ . කොයි වෙලාවෙත් හූර හූර ඉන්න තමයි වෙලා තියෙන්නෙ. එපා වෙලා ඉන්නෙ. මේ ඔක්කොටම හේතුව මේ කරුම වැස්ස තමයි. lifestyle එක එහෙම පිටින්ම අවුල් වෙලා.  ඒ අතින් ගිනි කසේට පායන දවස් කොච්චර ෂෝක්ද ? හප්පා මතක් වෙනකොටත් දාඩිය දානවා.

20%කින් ඉන්ටර්නෙට් වේගය වැඩි කර ගැනීම

ඉන්ටර්නෙට් යද්දී වේගය කොච්චර තිබ්බත් මදි වගේනේ (ඇත්තටම ලංකාවෙ වේගය ගැන හිනා යනවනෙ) ඉතින් කවුරුත් දැනට තියන වේගය තවත් දශමයකින් හරි වැඩි කර ගන්න full try කරනවනෙ. එක එක පැකේජ් වලට මාරු වෙලා බලනවා එක එක බ්‍රව්සර් දාලා බලනවා. ඒත් මදි නෙ. ඉතින් මාත් මේ ලඟදී යාලුවෙක් කිව්ව විදියට කොම්පුටරේට පොඩි සෙල්ලමක් දාලා බැලුවා. හරියටම වේගය 20%කින්  වැඩි වෙනවලු. කලේ මෙහෙමයි. start > run > gpedit.msc කියල type කරලා enter කරන්න. එතකොට group policy editor එක ඇරෙනවා. ඊට පස්සෙ  local computer policy > computer configurtion > administrative templates > network > qos packet scheduler වෙනකන් යන්න. ඊටත් පස්සෙ දකුණු පැත්තෙ limit reservable bandwidth කියන එක double click කරන්න. ඊට පස්සෙ එන window එකේ settings යටතේ ඇති enable කියන තැන click කර පහතින් ඇති bandwidth limit එක 0 කරන්න. එච්චරයි. මෙකෙන් වෙන්නෙ windows system එකට ඉන්ටර්නෙට් යන්න තියන් ඉන්න මුළු bandwidth ප්‍රමාණයෙන් 20%ක ඉඩ නැති කරල දාලා ඒ ඉඩත් අපිට ලබා ගන්න එකලු (මේක මට කියල දුන්න එකා කිව්වෙ)  මාත් ඉතින් කරල බැලු

මගේ ring-tones history එක

හරියට අර pc එකෙ wallpaper මාරු කරනවා වගේ ෆෝන් එකෙත් ring tones  එක මාරුකර කර බලන්නත් මම මාර ආසයි. හැබැයි මොකක් දැම්මත් කාටවත් කරදරයක් වෙන්නෙ නැතිවෙන්න මගේ ගානට ඇහෙන්න තමයි මම ring tones සෙට් කරන්නෙ. ඒ දාන ඒවා ගොඩක් වෙලාවට අවශ්‍ය තැන විතරක් play වෙන්න edit කරල operation එකක් දීල තමයි දාගන්නෙ. මට ඔය subject එකට සෑහෙන්න උනන්දුවක් තියෙන්නෙ. මේ තියෙන්නෙ මට මතක මම මෑතකදි මම පාවිච්චි කරපු ring tones ටිකක්. heroes - the wallflower you're beautiful - james blunt brilliant disguise - Bruce Springsteen i gotta a feeling - black eye peas black hole sun - sound garden (මේක තමයි මම වැඩිම කලක් පාවිච්චි කරපු එක) yeah - usher මල් හොරුන් - chinthy (මේක තමයි දැනට දාගෙන ඉන්නෙ) layla - eric clapton side - travis tubthumping i get knock down - chumbawamba time for miracle - Adam Lambert losing my religion - REM Empire state of Mind - Jay-Z ft Alicia Key  scar tissue - red hot chilli papers   waiting at the world to change - John Mayer   Money for nothing - Mark Knopfler  what's t

waka waka සිංදුව

මේ තියෙන්නෙ මේ දවස්වල මම මේ දවස්වල වැඩියෙන්ම අහන සිංදුවක්. football උනත් එක්ක මේකත් නැගල යනවා. ගායනා කරන්නෙ ශකීරා, නම් කරල තියෙන්නෙ waka waka කියල. අපෙ භාෂාවෙන් නම් වකා වකා කිව්වම නිකං මෙලෝ රහක් නෑ වගෙ. ඕක අප්‍රිකාවේ native language එකක වචන ටිකක්. තේරුම මෙතනින් බලන්න. අයිමත් මේ සිංදුවට ගියොත් එහෙම, පලමුවෙන්ම කියන්න තියෙන්නෙ, ශකීරා මේකේ මාර sexy කියන එක. සුපුරුදු ඇබරිල්ලත් එක්ක bare foot දාන soft dance එකනම් නියමයි. වීඩියෝ එකත් පට්ට. ඉතින් world cup එකේ opening ceremony එකෙ තිබ්බ මියුසිකල් එකෙත් මේක ගියා. ඉතින් වැඩි හොඳට බලා ගන්න මුළු show එකම download කරල බැලුවා.

උබුන්ටු දාගත්තට පස්සෙ.

මට නම් උබුන්ටු 10.04 හොඳට හිතට අල්ලල ගියා. පෙනුමද performance ද පහසුකම්ද  සෑහෙන්න ෆයිට් එකක් දෙන්න පුළුවන් තත්වෙක ඉන්නවා. ඒත් අනිත් os වගේම මේකත් මට ඕන විදියට මගේම කරගන්න පොඩි සෙල්ලම් ටිකක් දාගන්න වෙනවා. ඒ අතරින් කිහිපයක් තමයි මේ.  සිංහල දානීම - උබුන්ටු එක්ක එන සිංහල ෆොන්ට් එක මෙලො රහක් නෑ. අපිට සිංහල හරියට පේන්නෙ නැත්නම් වැඩක් තියෙනවැ.  මේ පාර close button තියෙන්නෙ රුහිතෙට, හැමතිස්සෙම පැටලෙන නිසා ඒක දාගත්ත පුරුදු දකුණු පැත්තට   යට තියෙන පැනල් එක remove කරල dock එකක් දාගන්න එක. docky සහ avant එක තමයි මාරුවෙන් මාරුවට පාවිච්චි කරන්නෙ. වඩා කැමති avant එකට.  vlc media player එක දාගන්න එක.  icon size එක සහ font size වෙනස් කර ගන්න එක. තියෙන එක ලොකු වැඩියි. මොට්ට පාටයි.  chrome සහ skype දාගන්න එක. ඕව නැතිව බෑ.  photoshop එකත් එක්ක නිතර ඉන්න නිසා gimp දාගන්න එක. virtual box දාගන්න එක  අලුතින් ඇවිල්ලා තියෙන Gwibber එකනම් එච්චර ඇල්ලුවෙ නෑ. ඉතින් firefox එකට echofon දාගෙන අනිත් social network වලට පුරුදු විදියටම යනවා. ඕව තමයි ඉති මට අවශ්‍ය වෙන්නෙ හැබැයි ඔය ඔක්කොටම ඉස්සෙල්ලා update ma

නාවික හමුදාව මහනුවර වනසයි.

මෙන්න unbeaten kandy team එක අපෙ navy එකෙ කොල්ලො beat කරලා. ලකුණු තත්වය 13ට 14යි. මට නම් මතක ඇති කාලෙක kandy පැරදුනාමයි. අවුරුදු ගානක ඉඳන් ලංකාවේ champion ල නෙ. ඉතින් පොඩ්ඩක් උඩින් තමයි kandy team එකෙ කට්ටිය යන්නෙ එන්නෙ. උන්ගෙ සපෝටර්ල ඊට හපන්. navy team එක මේ ඊයෙ පෙරෙද වෙනකම් මෙලො රහක් නැතිව හිටියෙ. ඒත් ජනාධිපතිතුමාගේ දෙවැනි පුතා, යෝෂිත ඒ කණ්ඩායමට එකතු වුනත් එක්කම ටීම් එකට අලුත් players ටිකක් සෙට් කරගෙන දැන් අලුත් විදියකට කරගෙන යනවා. ඒ අතර ඉස්සර cr එකේ ගැහුව දේව් ආනන්ද් විශේෂයි. ඊයෙත් දේව්ගෙ drop cicks තමයි ජයග්‍රහණයට ගොඩක් බලපෑවේ. නාමලුත් විනාඩි 10ක් විතර play කරා. ඉතින් ගොඩක් අය හිතන් හිටියා නාමල්ලා ගහන හින්ද රෙෆා ඒ පැත්තට අදින්න ඇති කියල. අනෙ මම මැච් එක ඉවරවෙනකම්ම බැලුවා එහෙම කිසිම දෙයක් වුනේ නෑ. navy team එකේ prominence වලින්ම තමයි මැච් එක ගහ ගත්තෙ. ඒ ගැන නම් කිසිම කතාවක් නෑ. මොනා නමුත් හොඳ මැච් එකක්නම් බැලුවා. හැබැයි දෙපැත්තෙම මාර මිස්ටේක් වැඩියි.  ground එකේ පොඩ්ඩක් තෙත ගතියකුත් තිබ්බා. හැමදාම එකම team එකක් දිනන්නෙ නැතිව මේ වගේ තියනවනම් හොඳයි කියල තමයි මට හිතෙන්නෙ. 8618

iifa mtch බලන්න ගිහිල්ලා

නිකන් ටිකට් හම්බ වුනා. යන්නත් කම්මැලියි. බලන්න තියෙන්නෙ ssc එකේ තණකොල බිස්සෙ වෙන්න ඇති කියල හිතන් ගියෙ. ගිහිල්ලා බැරිනම් vip box එකක. පිස්සු හැදෙනවා. අපේ ක්‍රිකට් ටීම් එකෙ කස්ටියගෙ වයිෆ්ල දෙන්නෙක් තුන්දෙනෙකුත් හිටියා එතන. office වැඩ කරන ගමන් ගිය නිසා හොඳට ඇඳගෙන ගියෙත් නෑ. අපරාදේ.   match එකත් ෂේප් එකෙ පටන් ගත්තා. stars ල වැහි වැහැලා. ඇතුලට ගියා විතරයි බිපාෂා බාසුයි තව කවුද මංද එකෙකුයි ඇඟේ ගෑවි නොගෙවී ගියා. මේ පැත්ත බලලා අර පැත්ත බලනකොට star කෙනෙක්. අපෙ උන් නෙමෙ bollywood උන්. ඒ ගොල්ලව නම් මට වැඩිය ප්‍රියක් නෑ. ඒත් ඉතින් ඉබේම බැලෙනවා. glamorous අතින් උපරිම. vip හින්ද බුෆේ එකකුත් සෙට් කරල තිබ්බා. හප්පේ අපෙ vip ල කෑමට පොරකන විදිහ. හරිම කැතයි. මේ බලන්න. හත් අවුරද්දකින් කාලා නෑ වගේ. කාලා බීල ටිකක් නිවි සැනසිල්ලෙ ඉඳ ගත්තා match එක ටිකක් බලන්න. මොන මැච් බැලලිද. හරියට ඩිව්‍ය ලෝකෙ ගියා වගෙ. ඉන්දියාවෙ නිකං කෑලිත් stars ල වගේනෙ. යෝගට් පාටයි. උන්ට hindi stars ල දැක්කම නිකං අමුතු රෝගයක් හැදෙනවා. පුටු උඩ පවා නගිනවා. ඒ අස්සෙන් අපෙ ක්‍රිකටර්ස්ල කිහිප දෙනෙකුත් එහෙට මෙහෙට කැරකෙනවා. ඒ ගොල්ලා මාරය

magic වගෙ cricket

අපේ උන් ගහන කාලෙකින් බලපු හොඳම මැච් එක. දෙපැත්තට පැද්දි පැද්දි තිබිලා නොහිතපු විදියට අපේ උන් කරකෝපු ලස්සන. මාරයි. නිදාමරාගෙන බැලුවා. බලලා ඉවර වෙලා ඇඳට ගියාම නින්ද ගියෙත් නෑ. ඇයි මුළු ඇඟම ගැහෙනවා වගෙ. මාර kick එකක් තිබ්බෙ. අපරාදේ 10ට හරි තනියෙන් ගහන්න පුළුවන් තත්වෙක හිටියෙ.ඒ මදිවට අපෙ පැත්තෙ උන් ඒ මහ රෑ දාපිය චීන පටස්. යකො අවුරුද්ද පහුවෙලා මාසයක් විතර වෙනවා. මුං කොහෙ හංගගෙන හිටපුවද මංද. දකින දකින මනුස්සයා කතා කරන්නෙ අද මැච් එක ගැන. හරියට අර ජනාධිපතිවරණය කාලෙ sf ද? mr ද? කියල හැමෝම අහන්නෙ, අන්න ඒ වගෙ. කියන කතා ඇහුවාම ඇඟෙ මයිල් කෙලින් වෙන්න. ඕක හදිසියෙ පැරදුනාම් එහෙම.... කොට කොට හිටපු සංගා, දිල්ෂාන්, මැතිවුස්, කපුගෙදර ලකුණු අතරට, අලුතෙන් ආපු බෝලර් ගෙ යෝකර්ස්, ඉන්දියාවෙ අන්තිම ඕවර දහයේ අඩු ලකුණු, මේවා තමයි හේතු. ඕවත් එක්කම luck එකත් ටිකක් තියෙන්න ඕනෙ. සංගයි මැතිවුසුයි හිර වෙලා ඉඳල ඉඳල එකපාරට වනන්න ගත්තෙ නිකං හරියට වාහනේක ගියර් මාරු කරනවා වගෙ. වේලාවට ගහන ගහන එක හරි ගියා. තාක්ෂණය වගේම ඉතින් luck එකත් ටිකක් ඕන වෙන්නෙ ඔය වගෙ වෙලාවට. මම හිතුවෙ යාන්තම් 144 පහුකරගනියි කියල. ඒත් කොහෙද අරුං දෙන්නා

අවුරුද්දට කුරුළු කූඩුවක්

මේ පාර ගෙදර දවස් දෙක තුනක් හිටපු හින්ද දන්නෙ. අපෙ වත්තෙ ළිඳ ගාවම තියෙන මල් පඳුරක කොන්ඩ කුරුල්ලෙක් කූඩුවක් හදල. පුදුමෙ කියන්නෙ පඳුර ඇති මගෙ උස විතර. කූඩුව මගෙ ඉනේ ගානට විතර තියෙන්නෙ. අවුරුද්ද දවසෙ බලද්දි මේකෙ පැටව් දෙන්නෙක් ඉන්නව. මාරයි මම ඔය දැක්කමයි. බලන්න මේ තියෙන පිංතූර දිහා. මේ දවස්වල අම්බානෙක වහින හින්ද උඩින් ඉටි කොල කෑල්ලක් දාලා වහල දැම්මා. හැබැයි වැස්ස හොඳයි. අමාරුම අපෙ ගෙවල් වල ඉන්න පොඩි උන්ගෙන් මේක බේර ගන්න. උන්ගෙ වැඩේම මේක වටෙ කැරකෙන එක.  ඔය රවුමක් ඇඳලා තියෙන හරියෙ තමයි කූඩුව තියෙන්නෙ. (හැබැයි ඔය ළිඳ වැඩිය පාවිච්චි වෙන්නෙ නෑ)  මෙන්න පැටවු දෙන්නා. 7975

(චිත්‍රපටියක විස්තර) Invictus - ගන්න නායකත්වය

මම ආසම චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා Clint Eastwood මහත්මයා. එයා ඒ දවස්වල රඟපෑම විතරයි කලෙ (for few more dollars එකෙත් dirty hary එකේ රඟපෑවෙත් ඔහු) ඒත් දැන්නම් ඔහු අධ්‍යක්ෂණය තමා වැඩිපුර කරන්නෙ. ඔහු ඔහුගෙ නිර්මාණ වලින් ඇමරිකානු සමාජයට විහිළු කරනවා වගෙ හැඟීමක් තමයි මට තියෙන්නෙ. මම සාමන්‍යයෙන් එයාගේ film එකක් ආවම කොහොම හරි ෆලෝ කරල බලනවා. එහෙම එලවල බලපු මම වඩාත්ම කැමති  film එකක් තමයි Million Dollar Baby කියන film එක. ඒක තමයි මම වැඩියෙන්ම බලපු චිත්‍රපටිය. මට මතක විදියට 8 පාරක්. ඉතින් ක්ලින්ට් මහතාගේ අලුත්ම film එක (අලුත් කිව්වට 2009. ටොරන්ට් වලට අලුත්) තමයි "Invictus" . මෙහි ක්ලින්ට් ගෙ සහයකයා Morgan Freeman සහ Matt Damon ප්‍රධාන චරිත රඟපානවා. මම නම් මේ දෙන්නව එකට දැක්කමයි. ඔවුන් දෙදෙනා නිරූපණය කරන්නෙත් එසෙ මෙසේ දෙන්නෙක්ව නෙමේ. Nelson Mandela සහ Francois Pienaar ව. Francois කියන්නෙ දකුණු අප්‍රිකාවේ රග්බි කණ්ඩායමේ හිටපු නායකයෙක්. මේකෙ තියෙන්නෙ මේ දෙන්නගෙ සහයෝගයෙන් දකුණු අප්‍රිකාව 1995 රග්බි ලෝක කුසලානය දිනපු විස්තරය. එහෙම කිව්වට එහෙමත්ම නෙමේද මන්ද. මට අන්තිමට හිතු

dolphine බලන්න trip එකක්

ගිය සෙනසුරාදා ගියා trip එකක්. තේමාව තමයි dolphine බලන එක. තැන කල්පිටිය. අර අටපට්ටමෙ ලංකාවෙ dolphineල ඉන්නව  කියල පෙන්නුව කියන්නෙත් මෙතන තමයි. ගියේ ගිණි පාන්දර(ආවෙත් පාන්දර). නැවතුනෙ.... (මතක නෑ). උදේට කාලා 10ට විතර බෝට්ටුවට නැග්ගා(18 දෙනෙක් හිටපු හින්ද 6 ගානෙ බොට්ටු 3ක් තිබ්බා). බෝට්ටුවෙ මුහුදෙ යන්නෙ 1st Time හින්ද මුල ටිකෙ පන බයේ හිටියෙ. ෆුල් තද වෙන්න life jacket දාලා අත් දෙකෙන්ම බෝට්ටුව අල්ලල ගෙන. ගිණි කාස්ටකෙ. ටිකක් දුර ගියා. දැන් බය ටිකක් අඩු වෙලා. බෝට්ටුවෙ එහාට මෙහාට ඇවිදල් බැලුවා. අපරාදෙ කියන්න බෑ හොඳ හයි හත්ටියට හදල තියෙනවා. හැබැයි භූමි තෙල් ගඳේ බෑ. ඒ අස්සෙන් බොට්ටුව එලවන එකා ගහනව තඩි බීඩියක්. එකපාරටම අපිට ඉස්සරහින් ගිය බෝට්ටුව නැවත්තුවා. අම්මට සිරි dolphins ලවත්ද? මොන, තඩි කැස්බෑවෙක්. දැල් වලට අහු වෙලා මැරිලා. පාවි පාවි ඉන්නවා. අපෙ කස්ටිය photo ගහනවා එකසිය ගානට(මාත් ගැහුවා). පැය භාගයක් විතර කැස්බෑවගෙ වටේ කැරකි කැරකි ඉඳලා උගෙ මරණ පරීක්ශනෙත් කරල ආයි පිටත් උනා යන්න. ආයි dolphine. ඔය විසිල් එක ගහන එකා වයසට ගියාට හෙන දසයා. අපෙ office staff එකේ හෙන තදයෙක්. කනක් ඇහිලා ඉන්න නෑ. ත

දැන් blogger templete හදන්න පට්ට ලේසියි

දැන් blogger templete අපිටම කියල හදාගන්න පුළුවන්. මාර ලේසියි. දෙන්නෙත් blogger site එකෙන්ම තමයි. හැබැයි sighn in වෙන්න ඕනෙ blogger in draft account එකෙන්. හිතන්න දෙයක් නෑ. blogger account එකක් තියෙනවනම් නිකම්ම මේකට යන්න පුළුවන්. යන්න මෙතනින් . ඊට පස්සෙ Layout > Page Elements වලට. ගියහම ඇති Template Desighner කියල tab එකක්. යන්න ඒකට. ඊට පස්සෙ වෙන දේ මම ලියල කියනවට වඩා මේ වීඩියොව බැලුවම ලේසියෙන් දැන ගන්න පුළුවන්. මට නම මාර happy. මම උග්‍ර blogger fan කෙනෙක්. හැබැයි තාම අත්හද බලන්න බැරි උනා. මාර busy. 7455

උෂ්නත්වය සහ රාත්‍රී නින්ද (සහ මගෙ ඇඳ)

මේ දවස්වල මාර රස්නෙයි. මං මදුරුවො කනවට නෙට් එකක් දාගෙන නිදාගන්නෙ. තවත් රස්නෙයි. ඉතින් ඔය දෙකම එකතු උනාම නිදාගන්නෙ කොහොමද? fan එක කෙස් ගලවගෙන යන සයිස් එකට දැම්මත් අමාරුයි. මාරම රස්නයක්. හැබැයි ඉතින් සෙට්වෙලා ආපු දවසකට නම් කිසි ප්‍රශ්ණයක් නෑ. බබා වගේ නිදි. ඔය වගෙ මේ ලඟදි සෙට් වෙච්ච දවසක උදෙ නැගිටල බලපුවාම් ඇඳුම් පිටින්ම නිදි. අම්ම ඇවිල්ලා අහනවා "------- උඹ ඊයෙ ගෙදර ආවේ කොහොමද කියලා?" මම මතක් කලා මතක් කලා අම්මට ආපු හැටි කියන්න. ඒත් ඒ වෙලාවෙ මතක් උනේ නෑ :) . හැබැයි ඔහොම හැමදාම වෙන්නෙත් නෑ. එදා සුට්ටක් වැඩි වෙලා.                       මම නිදාගන්නෙත් අමුතු විදියකට(හැමෝම එහෙමද දන්නෙ නෑ) මට ඔලුවට කොට්ටයකුයි, කකුල් දෙක අස්සෙ ගහන්න තව කොට්ටයකුයි ඕනෙ. එහෙම කරන්නෙ පැත්තට හැරිලා නිදා ගන්නකොට කොන්දට එන ප්‍රෙෂර් එක අඩු කර ගන්න. පොඩි කාලෙ රගර් ගහල කොන්දෙ පොඩි අප්සෙට් එකක් තියෙනවා. හැබැයි ඒක තාම කෙලින්. ඒ වාගෙම තමයි රෑට සිංදු අහල headphone එක තියන්නත් ඇදෙ මම පොඩි ඉඩක් හදාගෙන ඉන්නෙ. කොච්චර නින්ද ගියත් කවදාවත් එක තියන තැනට අතවත් යන්නෙ නෑ. headphone එක කවදාවත් ඇඳෙන් වැටිලත් නෑ. එතනම තමයි මොබ

We are the World ආයි කියනවා.

1980 ගනන් වල මම අහපු ආසම සිංදුවක් තමයි " We are the world " කියන එක. මම හිතන්නේ ඒක ගායක ගායිකාවන් ගොඩ දෙනෙක් එකතුවෙලා කරපු පලවෙනි සිංදුව වෙන්න ඇති. නැතනම් ජනප්‍රිය වෙච්ච පලවෙනි ඒ වගෙ සිංදුව වෙන්න ඇති. එකාට එකා මරාගන්න ඇමරිකවවේ showbiz වල කට්ටිය ඒ වගේ එදා එකතු උනෙ අප්‍රිකාවේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන්ලු. ඒකට මුල් උනෙ Michael Jackson, Lionel Richie සහ තව කවුරු හරි තව එක්කෙනෙක්(නම මතක නෑ). ඒ විස්තරය මෙතන . කොහොම හරි පසුගිය දිනක ඒ ගීතය නැවත් ගායනා කෙරුනා. පලවෙනි පාර වගේම charity single එකක් වශයෙන් තමයි release කලේ. මේ පාර සංවිධායකයින්ගෙ අවධානය යොමු වෙලා තියෙන්නෙ හයිටි හි විපතට පත් වෙච්ච මිනිස්සු. මෙවර සහභාගි උනෙ නව පරපුරෙ ගායක ගායිකාවන් පිරිසක්. ඒ වගේම පසුගිය එක වගේම Lionel Richie සහ Michael Jackson ත් සහභාගි උනා. එහෙම කලේ Michael Jackson ගෙ පරණ clip එක නැවත දාලා. සම්පූර්ණ වීඩියෝව මෙතනින් බලන්න. ඒ එක්කම මේ යට තියෙන වීඩියෝ එකත් බලන්න. ඒ Jamie Foxx ඒ ගීතයේ intro එක ඉදිරිපත් කරන ආකාරයයි.

Playing with Flock browser

ඊයෙද පෙරෙදද කොහෙද mozilla ගෙ Flock web browser ආපහු දාලා බැලුවා. ඕක කාලයක් තිස්සෙ තිබ්බා. එක පාරක් දාලත් තිබ්බ ඒත් performance මදි හින්ද uninstall කරල දැම්මා. එතකොට තිබ්බෙ version 1.5 වගෙ ගානක්, වැඩක්ම නෑ. දැන් ඇවිල්ල තියෙන අලුත්ම version එක තමයි flock 2.5.6. ඕක තමයි දාල බැලුවෙ. අප්පට සිරි UI එක නියමයි. bookmarks import කලා. අවුලක් නෑ. sidebar එකෙ තියෙන ඒවා update කරල master password එකක් දාලා දැම්මා(මොකද හිටපු ගමන් office එකේ අනිත් උන් මේකට එන හින්ද) gmail, twitter, facebook, blogger, flickr, picasa accounts ටික දැම්මා. කිසි කරදරයක් නැතුව වැඩ. extension ටිකකුත් දැම්මා. අවුලක් නෑ වැඩ. firefox එකේ extension සමහර ඒවා වැඩ.  youtube බලනකොට speedBit video එකත් වැඩ. එතනත් අවුලක් නෑ. speed එකත් හොඳයි. තාම download manager එකක් නම් හම්බ උනෙ නෑ. memory නම් ඉතින් firefox වගේම තමයි. ටිකක් කනවා. ඔක්කොම බැලුවම ඉතින් අවුලක් නම් නෑ. දැනට google chrome 4.0.249.78 ත් දාලා තියෙනවා. ඒකට වඩා හොඳට වැඩ. twitter facebook freinds ලාගෙ updates ලේසියෙන් බලන්න පුළුවන්. එහෙම්ම chat කරන්නත් පුළුවන්. Flickr

චන්දෙ දාන්න ගිහිල්ලා car එකට වෙච්ච දේ

පාන්දම ගියා චන්දෙ දාන්න. තිබ්බෙ පැලවත්තෙ මයුරපාද් පිරිවනෙ. චන්දෙත් දාලා ආවා එලියට ආවා කියමුකො. car park එකේ මාර සද්දයක්. ගිහින් පොඩ්ඩක් හොට දාලා බැලුවා. වෙලා තියෙන දේ මේ පොටො එකෙන්ම බලන්නකො. ඔය car park එකේ අන්තිම ගැට්ට. වාහනය පදවපු එක්කෙනා ඒ ගැට්ටත් කඩාගෙන ගිහිල්ලා. ගැට්ටෙන් එහා පැත්තෙ අඩි 15-20 ක බෑවුම. යන්තම් බේරිල තියෙන්නෙ. වටෙ ඉන්න මිනිස්සු ඔක්කොම එකතු වෙලා කොහොම හරි car එක ගොඩ දාගත්ත.