Skip to main content

Posts

Showing posts from November, 2009

Google Wave 16යි. ඒවා හරිම ලාබයි.

මට Google Wave එකක් හම්බඋනේ දැන මාසයකට විතර උඩදී. සුදාරක මල්ලී තමයි මට invitation එක එවලා තිබුනේ. ඉතින් මට ඕක ලැබිච්ච දවසෙ ඉඳන් මාත් බලන් ඉන්නෙ කාට හරි මගෙ ගානෙ invitation එකක් යවන්නෙ කොහොමද කියලා. මේ ලඟදි wave account එකට ලොග් වෙලා බලද්දී මටත් ඇවිල්ල තිබ්බා ඔය invitation යවන්න පුළුවන් කියන මැසේජ් එක. ඉතින් හරී.. සතුටුයි. ඉතින් ඕක දැක්ක වෙලේ ඉඳන් වටේටම කෝල් ගැහුවා. ඕනෙද කියල අහන්න. මම හිතුවෙ උණු කැවුම් වගෙ යයි කියලා. මොන, මුංගෙ ආඩම්බර. එකෙක්ටවත් එපාලු. එක්කො උන්ට හම්බ වෙලා. නැත්තම් එක එකා කියන ඒවා අහල දාලා බලන්නත් ඉස්සෙල්ලා එපාලු. කාට කියන්නද. තාම එකක්වත් දිගන්න බැරි උනා. facebook twitter වලටත් දැම්මා. ඒත් නෑ. ඉතින් බැරිම තැන තමයි මේ බ්ලොග් එකට දාන්න හිතුවෙ. අනේ කවුරු හරි ඕන එකෙක් ඉන්නවනම් මේල් එක දාලා කොමෙන්ට එකක් දාන්න ප්ලීස්. 8ම දෙනවා.   8යි නෙමෙයි 16යි(පස්සෙ දැක්කෙ).

songbird සහ podcast

songbird ගැන කවුද නොදන්නෙ. කමක් නෑ දන්නැත්නම් මෙතන ට යන්න. මේක Mozilla ආයතනයෙන් ලබා දෙන open-source මීඩියා ප්ලෙයර් එකක්. Firefox Thunderbird වල වගේම මේකෙත් add-ons ගොඩායි. ඒ අතරින් මම වඩාත් කැමති fasterbird, mash tape, lyric master, shoutcast radio, google search, now playing වගේ ඒවාට. මෙවත් එකතු කර ගත්තම jukebox එකයි search box එකයි දෙකම එකට රසවිඳින්න පුළුවන් වෙනවා. මේ තියෙන්නෙ songbird web browser එකෙන් මගෙ බ්ලොග් එක පේන විදිහ.වේගයත් නරක නෑ. (සිංහළවලටත් කිසි අවුලක් නෑ.) mp3 files ඇතුලත් වෙලා තියෙන බ්ලොග්ස් වගේ දේවල් වලින් කෙලින්ම download කරල දාගන්නත් පුළුවන්. මේ තියෙන්නෙ ඒ විදියට techකතා site එක පේන විදිය. මේ වගෙ podcast අහන්න තවත් විදියක් තමයි මෙන්න මෙතනට ගිහිල්ලා podcast RSS එකට podcast link එකක් songbird එකටම හදාගන්න එක. ඒ ක්‍රමේ තමයි ලේසිම විදිහ. අලුත් podcast එකක් ආවම ඉබේම ඒව අපිට බලා දෙනවා. ඊට අමතරව මෙහි මං කැමතිම තවත් අංගයක් තමයි scrolling lyrics. මේ ඇඩෝනය මඟින් අපිටම scrolling lyrics හදාගන්නත් පුළුවන්. ඒක නම් පට්ට. කරන්නත් හරිම ලේසියි. මම අලුත් lyrics කිහිපයක

Google Analytics ඔබේ blogger site එකට

ගූගල් අපේ ජීවිතයේ අංගයක් වෙලා ඉවරයි(හොඳට හෝ නරකට ඒක එහෙම තමයි වෙලා  තියෙන්නෙ) අපි ගූගල්ලගෙ සේවාවන් කීයක් එක් දවසකට පාවිච්චි කරනවාද? මේ තවත් ගූගල් සේවාවක් ගැන, Google Analytics, ගූගල් වෙතින් ලබා දෙන වෙබ් විශ්ලේෂකයක් (web analytic). මෙමඟින් ඔබේ වෙබ් පිටු බොලොග් පිටු යනාදීයෙහි සමස්ත් විශ්ලේෂකයක් ලබා ගත හැකි වෙනවා. මට තියෙන්නෙ blogger සයිට් එකක් නිසා මම නිකමට වගේ Google Analytics ක්‍රියාත්මක කරලා බැලුවා.(ඇත්තටම  කරල බලන්න ඕන නිසා පටන් ගත්තෙ) කරන්න තියෙන්නෙ Google Analytics හි ගිණුමක් ආරම්භ කරලා ඔබේ blogger account එකේ විස්තර එහි ඇතුලත් කිරීම පමණයි. ඉන්පසු ඔවුන් ලබා දෙන code එක blogger හි edit html වෙත ගොස්  පහත දක්වා ඇති ආකාරයට ඇතුලත් කරන්න. account එක active උනාට පස්සේ ඔබේ dashboard එක මෙන්න මේ වගෙ දිස්වෙයි. බ්ලොග් එක විසිට් කරපු ගණන එක් එක් පිටුවට පැමිණි ගණන පළාත වෙගේ දෙවල් වගේම ඊට එහා ගිය  professional site එකකට අවශ්‍ය තොරතුරුත් ලබා ගන්න පුළුවන්.  මේ වගේ තව ගොඩක් දේවල් තියෙනවා. මම තාම දන්නෙ ඔච්චරයි. (සවිස්තර වාර්ථවක්) (පැමිණි අය සිටින පළාත්) (විසිට් කරපු කට්ටිය

හැදුව Micro Blog එකක්

කාලෙකින් ලියන්න හම්බවුනෙ. මම තව අලුත් බ්ලොග් එකක් පටන්ගත්තා. ඒක  tumblr එකේ Micro Blog එකක්. ඇත්තම කිව්වොත් එහෙම එකක් පටන්ගන්න උවමනාවක් තිබ්බෙ නම් නෑ. ඒත් නිකං කරල බලන්න එකක් හැදුවා. මේ තියෙන්නෙ ගිහින් බලන්න්න. http://champiker.tumblr.com . නම Micro Me. (මගෙ site එක) tumblr එකේ මාර features වගයක් තියෙනවා. අපි අළුත් පොස්ට් එකක් ලියන්න යනකොට මෙන්න මේ වගේ window එකක් තමයි තියෙන්නෙ. අපිට අවශ්‍ය පරිදි text, photo,quote, link, audio හෝ video එකක් upload කරන්න පුළුවන්. අපි ඒ ලියන පොස්ට් ඉබේම අපේ twitter එකට යන්නත් හදා ගන්න පුළුවන්. twitter එකේ posts අපේ dashboard එකට ගෙන්න ගන්නත් පුළුවන්.  (Dashboard එක) එහි ඇති popular පිටුවට ගොස් දැනට tumblr වල ප්‍රසිද්ධ පොස්ට් බලාගන්න පුළුවන්. ඒ වෙලෙම ඒ සයිට් එක හොඳනම් අපිට twitter වල වගේ ඒවා follow කරන්න පුළුවන්. ඊට පස්සෙ අපි අපේ dashboard එකට ගියාම ඉහත රූපයේ ආකාරයට අපි follow කරන කට්ටියගේ පොස්ට් twitter එකේ වගේ display වෙනවා. ඒ අතරිනුත් අපි ගොඩක් ආස පොස්ට් හම්බ උනොත් ඒවා අපෙ likes වලට add කරගන්න පුළුවන්. ඒවා වෙනම display වෙනවා. ඒ ගැන දැනට එච