Skip to main content

Posts

Showing posts from June, 2010

waka waka සිංදුව

මේ තියෙන්නෙ මේ දවස්වල මම මේ දවස්වල වැඩියෙන්ම අහන සිංදුවක්. football උනත් එක්ක මේකත් නැගල යනවා. ගායනා කරන්නෙ ශකීරා, නම් කරල තියෙන්නෙ waka waka කියල. අපෙ භාෂාවෙන් නම් වකා වකා කිව්වම නිකං මෙලෝ රහක් නෑ වගෙ. ඕක අප්‍රිකාවේ native language එකක වචන ටිකක්. තේරුම මෙතනින් බලන්න. අයිමත් මේ සිංදුවට ගියොත් එහෙම, පලමුවෙන්ම කියන්න තියෙන්නෙ, ශකීරා මේකේ මාර sexy කියන එක. සුපුරුදු ඇබරිල්ලත් එක්ක bare foot දාන soft dance එකනම් නියමයි. වීඩියෝ එකත් පට්ට. ඉතින් world cup එකේ opening ceremony එකෙ තිබ්බ මියුසිකල් එකෙත් මේක ගියා. ඉතින් වැඩි හොඳට බලා ගන්න මුළු show එකම download කරල බැලුවා.

උබුන්ටු දාගත්තට පස්සෙ.

මට නම් උබුන්ටු 10.04 හොඳට හිතට අල්ලල ගියා. පෙනුමද performance ද පහසුකම්ද  සෑහෙන්න ෆයිට් එකක් දෙන්න පුළුවන් තත්වෙක ඉන්නවා. ඒත් අනිත් os වගේම මේකත් මට ඕන විදියට මගේම කරගන්න පොඩි සෙල්ලම් ටිකක් දාගන්න වෙනවා. ඒ අතරින් කිහිපයක් තමයි මේ.  සිංහල දානීම - උබුන්ටු එක්ක එන සිංහල ෆොන්ට් එක මෙලො රහක් නෑ. අපිට සිංහල හරියට පේන්නෙ නැත්නම් වැඩක් තියෙනවැ.  මේ පාර close button තියෙන්නෙ රුහිතෙට, හැමතිස්සෙම පැටලෙන නිසා ඒක දාගත්ත පුරුදු දකුණු පැත්තට   යට තියෙන පැනල් එක remove කරල dock එකක් දාගන්න එක. docky සහ avant එක තමයි මාරුවෙන් මාරුවට පාවිච්චි කරන්නෙ. වඩා කැමති avant එකට.  vlc media player එක දාගන්න එක.  icon size එක සහ font size වෙනස් කර ගන්න එක. තියෙන එක ලොකු වැඩියි. මොට්ට පාටයි.  chrome සහ skype දාගන්න එක. ඕව නැතිව බෑ.  photoshop එකත් එක්ක නිතර ඉන්න නිසා gimp දාගන්න එක. virtual box දාගන්න එක  අලුතින් ඇවිල්ලා තියෙන Gwibber එකනම් එච්චර ඇල්ලුවෙ නෑ. ඉතින් firefox එකට echofon දාගෙන අනිත් social network වලට පුරුදු විදියටම යනවා. ඕව තමයි ඉති මට අවශ්‍ය වෙන්නෙ හැබැයි ඔය ඔක්කොටම ඉස්සෙල්ලා update ma

නාවික හමුදාව මහනුවර වනසයි.

මෙන්න unbeaten kandy team එක අපෙ navy එකෙ කොල්ලො beat කරලා. ලකුණු තත්වය 13ට 14යි. මට නම් මතක ඇති කාලෙක kandy පැරදුනාමයි. අවුරුදු ගානක ඉඳන් ලංකාවේ champion ල නෙ. ඉතින් පොඩ්ඩක් උඩින් තමයි kandy team එකෙ කට්ටිය යන්නෙ එන්නෙ. උන්ගෙ සපෝටර්ල ඊට හපන්. navy team එක මේ ඊයෙ පෙරෙද වෙනකම් මෙලො රහක් නැතිව හිටියෙ. ඒත් ජනාධිපතිතුමාගේ දෙවැනි පුතා, යෝෂිත ඒ කණ්ඩායමට එකතු වුනත් එක්කම ටීම් එකට අලුත් players ටිකක් සෙට් කරගෙන දැන් අලුත් විදියකට කරගෙන යනවා. ඒ අතර ඉස්සර cr එකේ ගැහුව දේව් ආනන්ද් විශේෂයි. ඊයෙත් දේව්ගෙ drop cicks තමයි ජයග්‍රහණයට ගොඩක් බලපෑවේ. නාමලුත් විනාඩි 10ක් විතර play කරා. ඉතින් ගොඩක් අය හිතන් හිටියා නාමල්ලා ගහන හින්ද රෙෆා ඒ පැත්තට අදින්න ඇති කියල. අනෙ මම මැච් එක ඉවරවෙනකම්ම බැලුවා එහෙම කිසිම දෙයක් වුනේ නෑ. navy team එකේ prominence වලින්ම තමයි මැච් එක ගහ ගත්තෙ. ඒ ගැන නම් කිසිම කතාවක් නෑ. මොනා නමුත් හොඳ මැච් එකක්නම් බැලුවා. හැබැයි දෙපැත්තෙම මාර මිස්ටේක් වැඩියි.  ground එකේ පොඩ්ඩක් තෙත ගතියකුත් තිබ්බා. හැමදාම එකම team එකක් දිනන්නෙ නැතිව මේ වගේ තියනවනම් හොඳයි කියල තමයි මට හිතෙන්නෙ. 8618

iifa mtch බලන්න ගිහිල්ලා

නිකන් ටිකට් හම්බ වුනා. යන්නත් කම්මැලියි. බලන්න තියෙන්නෙ ssc එකේ තණකොල බිස්සෙ වෙන්න ඇති කියල හිතන් ගියෙ. ගිහිල්ලා බැරිනම් vip box එකක. පිස්සු හැදෙනවා. අපේ ක්‍රිකට් ටීම් එකෙ කස්ටියගෙ වයිෆ්ල දෙන්නෙක් තුන්දෙනෙකුත් හිටියා එතන. office වැඩ කරන ගමන් ගිය නිසා හොඳට ඇඳගෙන ගියෙත් නෑ. අපරාදේ.   match එකත් ෂේප් එකෙ පටන් ගත්තා. stars ල වැහි වැහැලා. ඇතුලට ගියා විතරයි බිපාෂා බාසුයි තව කවුද මංද එකෙකුයි ඇඟේ ගෑවි නොගෙවී ගියා. මේ පැත්ත බලලා අර පැත්ත බලනකොට star කෙනෙක්. අපෙ උන් නෙමෙ bollywood උන්. ඒ ගොල්ලව නම් මට වැඩිය ප්‍රියක් නෑ. ඒත් ඉතින් ඉබේම බැලෙනවා. glamorous අතින් උපරිම. vip හින්ද බුෆේ එකකුත් සෙට් කරල තිබ්බා. හප්පේ අපෙ vip ල කෑමට පොරකන විදිහ. හරිම කැතයි. මේ බලන්න. හත් අවුරද්දකින් කාලා නෑ වගේ. කාලා බීල ටිකක් නිවි සැනසිල්ලෙ ඉඳ ගත්තා match එක ටිකක් බලන්න. මොන මැච් බැලලිද. හරියට ඩිව්‍ය ලෝකෙ ගියා වගෙ. ඉන්දියාවෙ නිකං කෑලිත් stars ල වගේනෙ. යෝගට් පාටයි. උන්ට hindi stars ල දැක්කම නිකං අමුතු රෝගයක් හැදෙනවා. පුටු උඩ පවා නගිනවා. ඒ අස්සෙන් අපෙ ක්‍රිකටර්ස්ල කිහිප දෙනෙකුත් එහෙට මෙහෙට කැරකෙනවා. ඒ ගොල්ලා මාරය