අපේ උන් ගහන කාලෙකින් බලපු හොඳම මැච් එක. දෙපැත්තට පැද්දි පැද්දි තිබිලා නොහිතපු විදියට අපේ උන් කරකෝපු ලස්සන. මාරයි. නිදාමරාගෙන බැලුවා. බලලා ඉවර වෙලා ඇඳට ගියාම නින්ද ගියෙත් නෑ. ඇයි මුළු ඇඟම ගැහෙනවා වගෙ. මාර kick එකක් තිබ්බෙ. අපරාදේ 10ට හරි තනියෙන් ගහන්න පුළුවන් තත්වෙක හිටියෙ.ඒ මදිවට අපෙ පැත්තෙ උන් ඒ මහ රෑ දාපිය චීන පටස්. යකො අවුරුද්ද පහුවෙලා මාසයක් විතර වෙනවා. මුං කොහෙ හංගගෙන හිටපුවද මංද. දකින දකින මනුස්සයා කතා කරන්නෙ අද මැච් එක ගැන. හරියට අර ජනාධිපතිවරණය කාලෙ sf ද? mr ද? කියල හැමෝම අහන්නෙ, අන්න ඒ වගෙ. කියන කතා ඇහුවාම ඇඟෙ මයිල් කෙලින් වෙන්න. ඕක හදිසියෙ පැරදුනාම් එහෙම.... කොට කොට හිටපු සංගා, දිල්ෂාන්, මැතිවුස්, කපුගෙදර ලකුණු අතරට, අලුතෙන් ආපු බෝලර් ගෙ යෝකර්ස්, ඉන්දියාවෙ අන්තිම ඕවර දහයේ අඩු ලකුණු, මේවා තමයි හේතු. ඕවත් එක්කම luck එකත් ටිකක් තියෙන්න ඕනෙ. සංගයි මැතිවුසුයි හිර වෙලා ඉඳල ඉඳල එකපාරට වනන්න ගත්තෙ නිකං හරියට වාහනේක ගියර් මාරු කරනවා වගෙ. වේලාවට ගහන ගහන එක හරි ගියා. තාක්ෂණය වගේම ඉතින් luck එකත් ටිකක් ඕන වෙන්නෙ ඔය වගෙ වෙලාවට. මම හිතුවෙ යාන්තම් 144 පහුකරගනියි කියල. ඒත් කොහෙද අරුං දෙන්නා ...
අපේ සමාජය, මගේ සිහින, මගේ හැඟීම...