Skip to main content

magic වගෙ cricket

අපේ උන් ගහන කාලෙකින් බලපු හොඳම මැච් එක. දෙපැත්තට පැද්දි පැද්දි තිබිලා නොහිතපු විදියට අපේ උන් කරකෝපු ලස්සන. මාරයි. නිදාමරාගෙන බැලුවා. බලලා ඉවර වෙලා ඇඳට ගියාම නින්ද ගියෙත් නෑ. ඇයි මුළු ඇඟම ගැහෙනවා වගෙ. මාර kick එකක් තිබ්බෙ. අපරාදේ 10ට හරි තනියෙන් ගහන්න පුළුවන් තත්වෙක හිටියෙ.ඒ මදිවට අපෙ පැත්තෙ උන් ඒ මහ රෑ දාපිය චීන පටස්. යකො අවුරුද්ද පහුවෙලා මාසයක් විතර වෙනවා. මුං කොහෙ හංගගෙන හිටපුවද මංද.
දකින දකින මනුස්සයා කතා කරන්නෙ අද මැච් එක ගැන. හරියට අර ජනාධිපතිවරණය කාලෙ sf ද? mr ද? කියල හැමෝම අහන්නෙ, අන්න ඒ වගෙ. කියන කතා ඇහුවාම ඇඟෙ මයිල් කෙලින් වෙන්න. ඕක හදිසියෙ පැරදුනාම් එහෙම....
කොට කොට හිටපු සංගා, දිල්ෂාන්, මැතිවුස්, කපුගෙදර ලකුණු අතරට, අලුතෙන් ආපු බෝලර් ගෙ යෝකර්ස්, ඉන්දියාවෙ අන්තිම ඕවර දහයේ අඩු ලකුණු, මේවා තමයි හේතු. ඕවත් එක්කම luck එකත් ටිකක් තියෙන්න ඕනෙ. සංගයි මැතිවුසුයි හිර වෙලා ඉඳල ඉඳල එකපාරට වනන්න ගත්තෙ නිකං හරියට වාහනේක ගියර් මාරු කරනවා වගෙ. වේලාවට ගහන ගහන එක හරි ගියා. තාක්ෂණය වගේම ඉතින් luck එකත් ටිකක් ඕන වෙන්නෙ ඔය වගෙ වෙලාවට. මම හිතුවෙ යාන්තම් 144 පහුකරගනියි කියල. ඒත් කොහෙද අරුං දෙන්නා මාර යක්කු දෙන්නෙක්නෙ. මුංට වැරදිලා Jamaican ග්‍රාස් ටිකක්වත් ‍පෙවුනද මංද? 
ඊළඟට ඉන්නෙ එන්ගලන්තය. ලේසි නෑ. full ෆෝම් එකේ ඉන්නෙ. හැබැයි ඉතින් අපෙ කොල්ලොත් ඉන්නෙ ෆුල්ම ෆෝම් එකෙ තමයි. හොඳ මැච් එකක් නම් බලාගන්න පුළුවන් වෙයි sure.

8146

Comments

budhajeewa said…
ඒක නං උපරිම මැච් එකක්!
Shirosh said…
එළම මැච් එකක්! ෂිඃ මට කපූගේ අන්තිම හයේ පාරවල් ටික බලාගන්න බැරි වුණානේ!
හෙළයා said…
අපරාදේ මම බැලුවේ නෑනෙ.
:(
(ඒකමද දන්නේ නෑ ගැහුවේ)
Dinesh_Silva said…
මන් නම් හිතන්නේ අපි දිනපු තරඟ වලින් හොඳම තරඟය මේක. කපුවයි සංගයි ඇන්ජලෝ යි නියමටම කරා. ඒ වගේම තමයි තිසර පෙරේරා මාලින්ග සුරාජ් හොඳට බෝල් කරා.
Unknown said…
@budhajeewa & Dinesh_Silva, ඇත්ත.

@Shiroshan Randika & @හෙළයා, අපරාදෙ ඔය වගෙ මැච් අවු 10ට එකක් වගෙ තමයි එන්නෙ.

මෙච්චර හොඳ මැච් එකකට පස්සෙ ඊයෙ තිබ්බ මැච් එකෙන් අපි නොහිතපු විදියට පරාද උනා. මොනව කරන්නද ඔහොම තමයි ජීවිතෙ හැටි. ඒ වගේම එංගලන්ත කන්ඩායම හොඳට සෙල්ලම් කලා.

Popular posts from this blog

උෂ්නත්වය සහ රාත්‍රී නින්ද (සහ මගෙ ඇඳ)

මේ දවස්වල මාර රස්නෙයි. මං මදුරුවො කනවට නෙට් එකක් දාගෙන නිදාගන්නෙ. තවත් රස්නෙයි. ඉතින් ඔය දෙකම එකතු උනාම නිදාගන්නෙ කොහොමද? fan එක කෙස් ගලවගෙන යන සයිස් එකට දැම්මත් අමාරුයි. මාරම රස්නයක්. හැබැයි ඉතින් සෙට්වෙලා ආපු දවසකට නම් කිසි ප්‍රශ්ණයක් නෑ. බබා වගේ නිදි. ඔය වගෙ මේ ලඟදි සෙට් වෙච්ච දවසක උදෙ නැගිටල බලපුවාම් ඇඳුම් පිටින්ම නිදි. අම්ම ඇවිල්ලා අහනවා "------- උඹ ඊයෙ ගෙදර ආවේ කොහොමද කියලා?" මම මතක් කලා මතක් කලා අම්මට ආපු හැටි කියන්න. ඒත් ඒ වෙලාවෙ මතක් උනේ නෑ :) . හැබැයි ඔහොම හැමදාම වෙන්නෙත් නෑ. එදා සුට්ටක් වැඩි වෙලා.                       මම නිදාගන්නෙත් අමුතු විදියකට(හැමෝම එහෙමද දන්නෙ නෑ) මට ඔලුවට කොට්ටයකුයි, කකුල් දෙක අස්සෙ ගහන්න තව කොට්ටයකුයි ඕනෙ. එහෙම කරන්නෙ පැත්තට හැරිලා නිදා ගන්නකොට කොන්දට එන ප්‍රෙෂර් එක අඩු කර ගන්න. පොඩි කාලෙ රගර් ගහල කොන්දෙ පොඩි අප්සෙට් එකක් තියෙනවා. හැබැයි ඒක තාම කෙලින්. ඒ වාගෙම තමයි රෑට සිංදු අහල headphone එක තියන්නත් ඇදෙ මම පොඩි ඉඩක් හදාගෙන ඉන්නෙ. කොච්චර නින්ද ගියත් කවදාවත් එක තියන තැනට අතවත් යන්නෙ නෑ. headphone එක කවදාවත් ඇඳෙන් වැටිලත් නෑ. එතනම තමයි මොබ

Google Wave 16යි. ඒවා හරිම ලාබයි.

මට Google Wave එකක් හම්බඋනේ දැන මාසයකට විතර උඩදී. සුදාරක මල්ලී තමයි මට invitation එක එවලා තිබුනේ. ඉතින් මට ඕක ලැබිච්ච දවසෙ ඉඳන් මාත් බලන් ඉන්නෙ කාට හරි මගෙ ගානෙ invitation එකක් යවන්නෙ කොහොමද කියලා. මේ ලඟදි wave account එකට ලොග් වෙලා බලද්දී මටත් ඇවිල්ල තිබ්බා ඔය invitation යවන්න පුළුවන් කියන මැසේජ් එක. ඉතින් හරී.. සතුටුයි. ඉතින් ඕක දැක්ක වෙලේ ඉඳන් වටේටම කෝල් ගැහුවා. ඕනෙද කියල අහන්න. මම හිතුවෙ උණු කැවුම් වගෙ යයි කියලා. මොන, මුංගෙ ආඩම්බර. එකෙක්ටවත් එපාලු. එක්කො උන්ට හම්බ වෙලා. නැත්තම් එක එකා කියන ඒවා අහල දාලා බලන්නත් ඉස්සෙල්ලා එපාලු. කාට කියන්නද. තාම එකක්වත් දිගන්න බැරි උනා. facebook twitter වලටත් දැම්මා. ඒත් නෑ. ඉතින් බැරිම තැන තමයි මේ බ්ලොග් එකට දාන්න හිතුවෙ. අනේ කවුරු හරි ඕන එකෙක් ඉන්නවනම් මේල් එක දාලා කොමෙන්ට එකක් දාන්න ප්ලීස්. 8ම දෙනවා.   8යි නෙමෙයි 16යි(පස්සෙ දැක්කෙ).

දැන් blogger templete හදන්න පට්ට ලේසියි

දැන් blogger templete අපිටම කියල හදාගන්න පුළුවන්. මාර ලේසියි. දෙන්නෙත් blogger site එකෙන්ම තමයි. හැබැයි sighn in වෙන්න ඕනෙ blogger in draft account එකෙන්. හිතන්න දෙයක් නෑ. blogger account එකක් තියෙනවනම් නිකම්ම මේකට යන්න පුළුවන්. යන්න මෙතනින් . ඊට පස්සෙ Layout > Page Elements වලට. ගියහම ඇති Template Desighner කියල tab එකක්. යන්න ඒකට. ඊට පස්සෙ වෙන දේ මම ලියල කියනවට වඩා මේ වීඩියොව බැලුවම ලේසියෙන් දැන ගන්න පුළුවන්. මට නම මාර happy. මම උග්‍ර blogger fan කෙනෙක්. හැබැයි තාම අත්හද බලන්න බැරි උනා. මාර busy. 7455