Skip to main content

නාවික හමුදාව මහනුවර වනසයි.

මෙන්න unbeaten kandy team එක අපෙ navy එකෙ කොල්ලො beat කරලා. ලකුණු තත්වය 13ට 14යි. මට නම් මතක ඇති කාලෙක kandy පැරදුනාමයි. අවුරුදු ගානක ඉඳන් ලංකාවේ champion ල නෙ. ඉතින් පොඩ්ඩක් උඩින් තමයි kandy team එකෙ කට්ටිය යන්නෙ එන්නෙ. උන්ගෙ සපෝටර්ල ඊට හපන්.

navy team එක මේ ඊයෙ පෙරෙද වෙනකම් මෙලො රහක් නැතිව හිටියෙ. ඒත් ජනාධිපතිතුමාගේ දෙවැනි පුතා, යෝෂිත ඒ කණ්ඩායමට එකතු වුනත් එක්කම ටීම් එකට අලුත් players ටිකක් සෙට් කරගෙන දැන් අලුත් විදියකට කරගෙන යනවා. ඒ අතර ඉස්සර cr එකේ ගැහුව දේව් ආනන්ද් විශේෂයි. ඊයෙත් දේව්ගෙ drop cicks තමයි ජයග්‍රහණයට ගොඩක් බලපෑවේ. නාමලුත් විනාඩි 10ක් විතර play කරා. ඉතින් ගොඩක් අය හිතන් හිටියා නාමල්ලා ගහන හින්ද රෙෆා ඒ පැත්තට අදින්න ඇති කියල. අනෙ මම මැච් එක ඉවරවෙනකම්ම බැලුවා එහෙම කිසිම දෙයක් වුනේ නෑ. navy team එකේ prominence වලින්ම තමයි මැච් එක ගහ ගත්තෙ. ඒ ගැන නම් කිසිම කතාවක් නෑ.

මොනා නමුත් හොඳ මැච් එකක්නම් බැලුවා. හැබැයි දෙපැත්තෙම මාර මිස්ටේක් වැඩියි.  ground එකේ පොඩ්ඩක් තෙත ගතියකුත් තිබ්බා. හැමදාම එකම team එකක් දිනන්නෙ නැතිව මේ වගේ තියනවනම් හොඳයි කියල තමයි මට හිතෙන්නෙ.

8618

Comments

මට මතක හැටියට ගිය පාර තරඟාවලියෙදිත් නාවික හමුදාව නුවරට දුවන්න ගැහුවා.මාත් හිතන්නේ ඒක සම්පූර්න "හැකියාව මත" ගත්තු ජයක් කියලයි.
Unknown said…
ow ow giyaparath gahuwa. mata eka amathaka una.
හානේ මාරයි...
KAS said…
අනේ පවු නාවික හමුදාවේ සපෝටර්ට මාර හැපී වගේ. මතකද කව්ද හොදටම සෙල්ලම් කළේ කියලා, දේව් ආනන්ද්, බිලාල් හසන් දෙන්නම නුවර කිංග්ස්වුඩ් එකේ. හෙට්ටිආරඩ්ඩි නුවර, නිලුෆ කලින් කැන්ඩි සෙල්ලම් කළා, නාලකගේ මල්ලි එරන්ද, පුලුක්කුට්ටිආරච්චි ත් නුවර. ඉතින් අපි කැන්ඩි සපෝටර්ල වෙලා අපිටත් සන්තොසයි මොකද නේවි එකේ රග්බි දිනන්න නුවරින්ම යන්න ඔනේ නිසා. ජයවේවා නේවි.

පසුලිපි: මතක විදිහට පුහුණුකරුත් නුවර
priyantha said…
ඒ කියන්නේ නේවි කිව්වට කැන්ඩි ටීම් එක නේවි වෙලා සෙල්ලම් කරලද?
Unknown said…
@KAS & PiyNtha
KAS කියන කාරනය කැන්ඩි ටීම් එකටත් අදාලයි. කොළඹ ක්‍රීඩකයෝ කීදෙනෙක් ඔය ටීම් එකෙ ඉන්නවද. වල්පොල, මල්ලිකාරච්චි, සංජීව ජයසිංහ වගෙ කට්ටිය. සංජීව අවුරුදු කීපයක් කැප්ටන් කරේ. නුවර නායකත්වයට සුදුසු කවුරුත් නැති නිසාද? එහෙනම් කොළඹින් ගන්නෙ නැතුව කැන්ඩිට ගහගන්න බෑ කියලත් කියන්න පුළුවන්නෙ. ඒ හින්දා ඒකට බොරුවට ආඩම්බර වෙලා වැඩක් නෑ.
ලංකාවේ හැම ටීම් එකකම තත්වෙ ඕක තමයි. ඕක නේවි එකෙ විතරක් වෙච්ච දෙයක් නෙමෙනේ.අනිත් එක බිලාල් හසන් ගැහුවෙ රෝයල් එකෙනෙ.
KAS said…
සමාවෙන්න, මම අදහස් කළේ බිලාල් හසන් නෙවෙයි. වැරදීමට සමාව දෙන්න.

අනික මම බොරුවට ආඩම්බර කතා කිව්වේ නැහැ. නුවර රග්බි හොද වෙලා තියෙන්නේ කොළඹ අය නිසාම නෙවෙයි.

ඒකට හේතුව කොළඹින් පිට තියෙන එකම A Division ක්ලබ් එක නුවර වීමයි. කොළඹදි තියෙන පාසැල් කීපයේ ක්‍රීඩකයෝ ක්‍රීඩා සමාජ 6 කට විතර බෙදිල යනවා, ඒත් නුවරදි මුළු නුවරම තියෙන පාසල් වල ක්‍රීඩකයෝ එක තැනකට එනවා. ඔය කොළඹ ක්ලබ් වල ගහන ගොඩක් අය නුවරදී ප්ලේස් නැති නිසා කොළඹට එන අය. මොකද නුවර තැනක් තියෙනවනම් කව්රුත් කොළඹ එන්නේ නැහැ, එකක් ගෙවීම් හොද නිසා අනික අනිත් ප්‍රතිලාභ කොළඹ ක්ලබ් වලට වඩා හොද නිසා.

කොළඹන් නුවරට එන්නේ ඒ කන්ඩායම් වල ඉන්න හොදම අය හේතුව ආයෙත් ගෙවීම්.

මම ඇත්තටම කැමතියි නේවි එක මේ තරගය දින්නට, දැන් තරගයක් තියෙනවා, නැත්නම් වෙන්නේ හැමදාම නුවර ටීම් එක තරගාවලියේ මැදට යනකොට කප් එක දිනලා ඉවරයි. ගිය අවුරුද්දේ කැන්ඩි නේවි එකට පැරදුනත් ඒ දෙවන අධියරේ නිසා වැඩක් වුනේ නැහැ.
Unknown said…
@ KAS, agree

Popular posts from this blog

iphone පෝලිම

iphone3G මෙ මස 11දා නිකුත් වීමට නියමිතයි. වැඩ ගොඩක් සමඟ ඇදහිය නොහැකි මිලකට එන මේ සුරතල් භාණ්ඩය උණු කැවුම් වගේ විකිනීයාමට නියමිතයි. ඒ සඳහා පාරිභෝගිකයින් දැන්මම පෝලිම් ගැහෙමින් සිටිනවා. මේ පින්තූරවල ඉන්නේ ඒ සමහරක්. මේ ජපානයේ තෝකියෝ නුවර පෝලිමක්. ඉහත ඇත්තේ ඇමරිකාවේ නිවයෝක් නුවර පෝලිමක්. ( Engadget ඇසුරෙනි) (පසුව [ඉතා දුකෙන්] ලියමි) මමත් ආසාවෙන් ඉන්නේ iphone 3G එකක් ගන්න. ඒත් තාම ලංකාවට එන දවසක් නම් දන්නේ නෑ. මේ දවස්වල අතේ කෑෂුත් ටිකක් හිඟයි.

Google Wave 16යි. ඒවා හරිම ලාබයි.

මට Google Wave එකක් හම්බඋනේ දැන මාසයකට විතර උඩදී. සුදාරක මල්ලී තමයි මට invitation එක එවලා තිබුනේ. ඉතින් මට ඕක ලැබිච්ච දවසෙ ඉඳන් මාත් බලන් ඉන්නෙ කාට හරි මගෙ ගානෙ invitation එකක් යවන්නෙ කොහොමද කියලා. මේ ලඟදි wave account එකට ලොග් වෙලා බලද්දී මටත් ඇවිල්ල තිබ්බා ඔය invitation යවන්න පුළුවන් කියන මැසේජ් එක. ඉතින් හරී.. සතුටුයි. ඉතින් ඕක දැක්ක වෙලේ ඉඳන් වටේටම කෝල් ගැහුවා. ඕනෙද කියල අහන්න. මම හිතුවෙ උණු කැවුම් වගෙ යයි කියලා. මොන, මුංගෙ ආඩම්බර. එකෙක්ටවත් එපාලු. එක්කො උන්ට හම්බ වෙලා. නැත්තම් එක එකා කියන ඒවා අහල දාලා බලන්නත් ඉස්සෙල්ලා එපාලු. කාට කියන්නද. තාම එකක්වත් දිගන්න බැරි උනා. facebook twitter වලටත් දැම්මා. ඒත් නෑ. ඉතින් බැරිම තැන තමයි මේ බ්ලොග් එකට දාන්න හිතුවෙ. අනේ කවුරු හරි ඕන එකෙක් ඉන්නවනම් මේල් එක දාලා කොමෙන්ට එකක් දාන්න ප්ලීස්. 8ම දෙනවා.   8යි නෙමෙයි 16යි(පස්සෙ දැක්කෙ).