Skip to main content

Posts

කාලෙකට පස්සේ

කාලෙකට පස්සේ blog account  එක පැත්තෙ ආවෙ.   හරියටම කිව්වොත් අවු එකා මාරකින් විතර.   දැන් SBU එකෙත් නැති නිසා කවුරුත් මගේ එකා බලන්න එන්නෙත් නැනේ. මම හිතන්නේ blog post නැති නිසා මාව කපල දාලා. කමක් නෑ මොකෙක් හරි මේක දකිනෙ. මේ දවස් වල නම් ජිවිතේ අන්තිමට තිත්ත වෙලා ඉන්නේ.මෙලෝ රහක් නෑ.   කරදර පිට කරදර ඉවරයක් නෑ. ඒ මදිවට   ජොබ් එක නැතුව මාස ගානක් හිටියා. කොහොම හරි ගෙදර ප්‍රශ්නත් ටිකක් හරි ගියාට   පස්සේ අයෙට්ඔලුව හදාගෙන  ජොබ් එකක් කරන්න හිතුවා. හරි දැන් ඉතින් කොහොම හරි පරණ පුරුදු විදියට ජිඉවත් වෙන්න පටන් ගන්න ඕනේ.
Recent posts

ජරාම වැස්ස

මගේ  මේ ජීවිත කාලෙම දැක්ක මහ ජරාම වැස්ස තමා මේක. පටන් ගන්න වෙලාවකුත් නෑ ඉවරවෙන වෙලාවකුත් නෑ. හැබැයි අපරාදෙ කියන්න බෑ ඔෆිස් යන වෙලාවටයි  ඔෆිස් එකෙ ඉඳල එන වෙලාවටයි  නම් බඩු ෂුවර්ම තමයි. අනිවාර්යයෙන් දවසට තුන් හතර පාරක් තෙමෙනවාමයි. මේ වෙලාවට තමයි තේරෙන්නේ රෝද හතරක වටිනාකම. ඒ වගේම තමයි යන යන තැන හැම එකාටම වගේ හෙම්බිරිස්සාව. මටත් එහෙමයි. ඔලුවෙ සෙම පිරිලා. ගඳක් සුවඳක් තේරෙන්නෙත් නෑ . කොයි වෙලාවෙත් හූර හූර ඉන්න තමයි වෙලා තියෙන්නෙ. එපා වෙලා ඉන්නෙ. මේ ඔක්කොටම හේතුව මේ කරුම වැස්ස තමයි. lifestyle එක එහෙම පිටින්ම අවුල් වෙලා.  ඒ අතින් ගිනි කසේට පායන දවස් කොච්චර ෂෝක්ද ? හප්පා මතක් වෙනකොටත් දාඩිය දානවා.

20%කින් ඉන්ටර්නෙට් වේගය වැඩි කර ගැනීම

ඉන්ටර්නෙට් යද්දී වේගය කොච්චර තිබ්බත් මදි වගේනේ (ඇත්තටම ලංකාවෙ වේගය ගැන හිනා යනවනෙ) ඉතින් කවුරුත් දැනට තියන වේගය තවත් දශමයකින් හරි වැඩි කර ගන්න full try කරනවනෙ. එක එක පැකේජ් වලට මාරු වෙලා බලනවා එක එක බ්‍රව්සර් දාලා බලනවා. ඒත් මදි නෙ. ඉතින් මාත් මේ ලඟදී යාලුවෙක් කිව්ව විදියට කොම්පුටරේට පොඩි සෙල්ලමක් දාලා බැලුවා. හරියටම වේගය 20%කින්  වැඩි වෙනවලු. කලේ මෙහෙමයි. start > run > gpedit.msc කියල type කරලා enter කරන්න. එතකොට group policy editor එක ඇරෙනවා. ඊට පස්සෙ  local computer policy > computer configurtion > administrative templates > network > qos packet scheduler වෙනකන් යන්න. ඊටත් පස්සෙ දකුණු පැත්තෙ limit reservable bandwidth කියන එක double click කරන්න. ඊට පස්සෙ එන window එකේ settings යටතේ ඇති enable කියන තැන click කර පහතින් ඇති bandwidth limit එක 0 කරන්න. එච්චරයි. මෙකෙන් වෙන්නෙ windows system එකට ඉන්ටර්නෙට් යන්න තියන් ඉන්න මුළු bandwidth ප්‍රමාණයෙන් 20%ක ඉඩ නැති කරල දාලා ඒ ඉඩත් අපිට ලබා ගන්න එකලු (මේක මට කියල දුන්න එකා කිව්වෙ)  මාත් ඉතින් කරල බැලු

මගේ ring-tones history එක

හරියට අර pc එකෙ wallpaper මාරු කරනවා වගේ ෆෝන් එකෙත් ring tones  එක මාරුකර කර බලන්නත් මම මාර ආසයි. හැබැයි මොකක් දැම්මත් කාටවත් කරදරයක් වෙන්නෙ නැතිවෙන්න මගේ ගානට ඇහෙන්න තමයි මම ring tones සෙට් කරන්නෙ. ඒ දාන ඒවා ගොඩක් වෙලාවට අවශ්‍ය තැන විතරක් play වෙන්න edit කරල operation එකක් දීල තමයි දාගන්නෙ. මට ඔය subject එකට සෑහෙන්න උනන්දුවක් තියෙන්නෙ. මේ තියෙන්නෙ මට මතක මම මෑතකදි මම පාවිච්චි කරපු ring tones ටිකක්. heroes - the wallflower you're beautiful - james blunt brilliant disguise - Bruce Springsteen i gotta a feeling - black eye peas black hole sun - sound garden (මේක තමයි මම වැඩිම කලක් පාවිච්චි කරපු එක) yeah - usher මල් හොරුන් - chinthy (මේක තමයි දැනට දාගෙන ඉන්නෙ) layla - eric clapton side - travis tubthumping i get knock down - chumbawamba time for miracle - Adam Lambert losing my religion - REM Empire state of Mind - Jay-Z ft Alicia Key  scar tissue - red hot chilli papers   waiting at the world to change - John Mayer   Money for nothing - Mark Knopfler  what's t

waka waka සිංදුව

මේ තියෙන්නෙ මේ දවස්වල මම මේ දවස්වල වැඩියෙන්ම අහන සිංදුවක්. football උනත් එක්ක මේකත් නැගල යනවා. ගායනා කරන්නෙ ශකීරා, නම් කරල තියෙන්නෙ waka waka කියල. අපෙ භාෂාවෙන් නම් වකා වකා කිව්වම නිකං මෙලෝ රහක් නෑ වගෙ. ඕක අප්‍රිකාවේ native language එකක වචන ටිකක්. තේරුම මෙතනින් බලන්න. අයිමත් මේ සිංදුවට ගියොත් එහෙම, පලමුවෙන්ම කියන්න තියෙන්නෙ, ශකීරා මේකේ මාර sexy කියන එක. සුපුරුදු ඇබරිල්ලත් එක්ක bare foot දාන soft dance එකනම් නියමයි. වීඩියෝ එකත් පට්ට. ඉතින් world cup එකේ opening ceremony එකෙ තිබ්බ මියුසිකල් එකෙත් මේක ගියා. ඉතින් වැඩි හොඳට බලා ගන්න මුළු show එකම download කරල බැලුවා.

උබුන්ටු දාගත්තට පස්සෙ.

මට නම් උබුන්ටු 10.04 හොඳට හිතට අල්ලල ගියා. පෙනුමද performance ද පහසුකම්ද  සෑහෙන්න ෆයිට් එකක් දෙන්න පුළුවන් තත්වෙක ඉන්නවා. ඒත් අනිත් os වගේම මේකත් මට ඕන විදියට මගේම කරගන්න පොඩි සෙල්ලම් ටිකක් දාගන්න වෙනවා. ඒ අතරින් කිහිපයක් තමයි මේ.  සිංහල දානීම - උබුන්ටු එක්ක එන සිංහල ෆොන්ට් එක මෙලො රහක් නෑ. අපිට සිංහල හරියට පේන්නෙ නැත්නම් වැඩක් තියෙනවැ.  මේ පාර close button තියෙන්නෙ රුහිතෙට, හැමතිස්සෙම පැටලෙන නිසා ඒක දාගත්ත පුරුදු දකුණු පැත්තට   යට තියෙන පැනල් එක remove කරල dock එකක් දාගන්න එක. docky සහ avant එක තමයි මාරුවෙන් මාරුවට පාවිච්චි කරන්නෙ. වඩා කැමති avant එකට.  vlc media player එක දාගන්න එක.  icon size එක සහ font size වෙනස් කර ගන්න එක. තියෙන එක ලොකු වැඩියි. මොට්ට පාටයි.  chrome සහ skype දාගන්න එක. ඕව නැතිව බෑ.  photoshop එකත් එක්ක නිතර ඉන්න නිසා gimp දාගන්න එක. virtual box දාගන්න එක  අලුතින් ඇවිල්ලා තියෙන Gwibber එකනම් එච්චර ඇල්ලුවෙ නෑ. ඉතින් firefox එකට echofon දාගෙන අනිත් social network වලට පුරුදු විදියටම යනවා. ඕව තමයි ඉති මට අවශ්‍ය වෙන්නෙ හැබැයි ඔය ඔක්කොටම ඉස්සෙල්ලා update ma

නාවික හමුදාව මහනුවර වනසයි.

මෙන්න unbeaten kandy team එක අපෙ navy එකෙ කොල්ලො beat කරලා. ලකුණු තත්වය 13ට 14යි. මට නම් මතක ඇති කාලෙක kandy පැරදුනාමයි. අවුරුදු ගානක ඉඳන් ලංකාවේ champion ල නෙ. ඉතින් පොඩ්ඩක් උඩින් තමයි kandy team එකෙ කට්ටිය යන්නෙ එන්නෙ. උන්ගෙ සපෝටර්ල ඊට හපන්. navy team එක මේ ඊයෙ පෙරෙද වෙනකම් මෙලො රහක් නැතිව හිටියෙ. ඒත් ජනාධිපතිතුමාගේ දෙවැනි පුතා, යෝෂිත ඒ කණ්ඩායමට එකතු වුනත් එක්කම ටීම් එකට අලුත් players ටිකක් සෙට් කරගෙන දැන් අලුත් විදියකට කරගෙන යනවා. ඒ අතර ඉස්සර cr එකේ ගැහුව දේව් ආනන්ද් විශේෂයි. ඊයෙත් දේව්ගෙ drop cicks තමයි ජයග්‍රහණයට ගොඩක් බලපෑවේ. නාමලුත් විනාඩි 10ක් විතර play කරා. ඉතින් ගොඩක් අය හිතන් හිටියා නාමල්ලා ගහන හින්ද රෙෆා ඒ පැත්තට අදින්න ඇති කියල. අනෙ මම මැච් එක ඉවරවෙනකම්ම බැලුවා එහෙම කිසිම දෙයක් වුනේ නෑ. navy team එකේ prominence වලින්ම තමයි මැච් එක ගහ ගත්තෙ. ඒ ගැන නම් කිසිම කතාවක් නෑ. මොනා නමුත් හොඳ මැච් එකක්නම් බැලුවා. හැබැයි දෙපැත්තෙම මාර මිස්ටේක් වැඩියි.  ground එකේ පොඩ්ඩක් තෙත ගතියකුත් තිබ්බා. හැමදාම එකම team එකක් දිනන්නෙ නැතිව මේ වගේ තියනවනම් හොඳයි කියල තමයි මට හිතෙන්නෙ. 8618