Skip to main content

20%කින් ඉන්ටර්නෙට් වේගය වැඩි කර ගැනීම

ඉන්ටර්නෙට් යද්දී වේගය කොච්චර තිබ්බත් මදි වගේනේ (ඇත්තටම ලංකාවෙ වේගය ගැන හිනා යනවනෙ) ඉතින් කවුරුත් දැනට තියන වේගය තවත් දශමයකින් හරි වැඩි කර ගන්න full try කරනවනෙ. එක එක පැකේජ් වලට මාරු වෙලා බලනවා එක එක බ්‍රව්සර් දාලා බලනවා. ඒත් මදි නෙ. ඉතින් මාත් මේ ලඟදී යාලුවෙක් කිව්ව විදියට කොම්පුටරේට පොඩි සෙල්ලමක් දාලා බැලුවා. හරියටම වේගය 20%කින්  වැඩි වෙනවලු. කලේ මෙහෙමයි.


start > run > gpedit.msc කියල type කරලා enter කරන්න.

එතකොට group policy editor එක ඇරෙනවා.

ඊට පස්සෙ 
local computer policy > computer configurtion > administrative templates > network > qos packet scheduler වෙනකන් යන්න.

ඊටත් පස්සෙ දකුණු පැත්තෙ limit reservable bandwidth කියන එක double click කරන්න.

ඊට පස්සෙ එන window එකේ settings යටතේ ඇති enable කියන තැන click කර පහතින් ඇති bandwidth limit එක 0 කරන්න.


එච්චරයි. මෙකෙන් වෙන්නෙ windows system එකට ඉන්ටර්නෙට් යන්න තියන් ඉන්න මුළු bandwidth ප්‍රමාණයෙන් 20%ක ඉඩ නැති කරල දාලා ඒ ඉඩත් අපිට ලබා ගන්න එකලු (මේක මට කියල දුන්න එකා කිව්වෙ) 


මාත් ඉතින් කරල බැලුවා. අම්මට සිරි මාර වෙනසක්. speed එක මාර විදියට වෙනස් උනා : ) 

(මොන කිසි වෙනසක් නෑ වගේ) ඒත් ඉතින් එහෙම තියල බැලුවා. තව දවස් දෙක තුනක් බලලා වෙනසක් නැත්නම් ආයි වෙනස් කරල දානවා.


 9561                           

Comments

Ruwan bhagya said…
thanks bro.....
පැතා said…
එල එල මාත් ට්‍රයි කරන්න ඕනෙ
sumith said…
mamath wenas keruwa wenasak na wage
9XM said…
ජපානෙන් එන ටිපර් වලට උඩට ලෑලිත් ගහලා අපි වැලි ඇද්දට ඇන්ජිම හදලා තියෙන්නේ ඊට වඩා අඩු බරක් අදින්නනේ....එතකොට වෙන්නේ වැඩි බරක් ඇද්දට වාහනේ ආයුකාලය අඩු වෙන එකයි...
මේකෙනුත් එහෙම එකක් වෙන්න බැරිද.....
මයික්‍රොසොෆ්ට්ලා එහෙම හදන්න ඇත්තේ මොකක් හරි හේතුවක් නිසා වෙන්න බැරිද........
Unknown said…
@Saman, එහෙම මොකක් හරි ඇති තමයි.
Bhagya Sanuka said…
මේ අහන්නකො දැන් වතුර බටයක් තියනවා කියලා හිතන්නකො...
ඒ වතුර බටෙන් වතුර යන්නෙ 80%යි..
ඒත් බටේ හරහා 100%ක් වතුර ගියයි කියලා බටේට මොනවත් වෙනවද ??
මට හිතෙන හැටි..
සරලයි.. ඇත්තයි !!
Sinhala danne nathi kamata nemei english walin liyanne lesi nisa...
The 20% bandwidth reserve only applies while Windows is downloading updates. This means if there is a critical update, and you have Windows set to download, Windows has the right to 20% of the bandwidth to complete the download. Meaning - This would only affect you whenever there is a new update that your computer downloads, and only for a minute or two, generally during a time you're not using your computer. You should not change this setting.

Popular posts from this blog

උෂ්නත්වය සහ රාත්‍රී නින්ද (සහ මගෙ ඇඳ)

මේ දවස්වල මාර රස්නෙයි. මං මදුරුවො කනවට නෙට් එකක් දාගෙන නිදාගන්නෙ. තවත් රස්නෙයි. ඉතින් ඔය දෙකම එකතු උනාම නිදාගන්නෙ කොහොමද? fan එක කෙස් ගලවගෙන යන සයිස් එකට දැම්මත් අමාරුයි. මාරම රස්නයක්. හැබැයි ඉතින් සෙට්වෙලා ආපු දවසකට නම් කිසි ප්‍රශ්ණයක් නෑ. බබා වගේ නිදි. ඔය වගෙ මේ ලඟදි සෙට් වෙච්ච දවසක උදෙ නැගිටල බලපුවාම් ඇඳුම් පිටින්ම නිදි. අම්ම ඇවිල්ලා අහනවා "------- උඹ ඊයෙ ගෙදර ආවේ කොහොමද කියලා?" මම මතක් කලා මතක් කලා අම්මට ආපු හැටි කියන්න. ඒත් ඒ වෙලාවෙ මතක් උනේ නෑ :) . හැබැයි ඔහොම හැමදාම වෙන්නෙත් නෑ. එදා සුට්ටක් වැඩි වෙලා.                       මම නිදාගන්නෙත් අමුතු විදියකට(හැමෝම එහෙමද දන්නෙ නෑ) මට ඔලුවට කොට්ටයකුයි, කකුල් දෙක අස්සෙ ගහන්න තව කොට්ටයකුයි ඕනෙ. එහෙම කරන්නෙ පැත්තට හැරිලා නිදා ගන්නකොට කොන්දට එන ප්‍රෙෂර් එක අඩු කර ගන්න. පොඩි කාලෙ රගර් ගහල කොන්දෙ පොඩි අප්සෙට් එකක් තියෙනවා. හැබැයි ඒක තාම කෙලින්. ඒ වාගෙම තමයි රෑට සිංදු අහල headphone එක තියන්නත් ඇදෙ මම පොඩි ඉඩක් හදාගෙන ඉන්නෙ. කොච්චර නින්ද ගියත් කවදාවත් එක තියන තැනට අතවත් යන්නෙ නෑ. headphone එක කවදාවත් ඇඳෙන් වැටිලත් නෑ. එතනම තමයි මොබ

Google Wave 16යි. ඒවා හරිම ලාබයි.

මට Google Wave එකක් හම්බඋනේ දැන මාසයකට විතර උඩදී. සුදාරක මල්ලී තමයි මට invitation එක එවලා තිබුනේ. ඉතින් මට ඕක ලැබිච්ච දවසෙ ඉඳන් මාත් බලන් ඉන්නෙ කාට හරි මගෙ ගානෙ invitation එකක් යවන්නෙ කොහොමද කියලා. මේ ලඟදි wave account එකට ලොග් වෙලා බලද්දී මටත් ඇවිල්ල තිබ්බා ඔය invitation යවන්න පුළුවන් කියන මැසේජ් එක. ඉතින් හරී.. සතුටුයි. ඉතින් ඕක දැක්ක වෙලේ ඉඳන් වටේටම කෝල් ගැහුවා. ඕනෙද කියල අහන්න. මම හිතුවෙ උණු කැවුම් වගෙ යයි කියලා. මොන, මුංගෙ ආඩම්බර. එකෙක්ටවත් එපාලු. එක්කො උන්ට හම්බ වෙලා. නැත්තම් එක එකා කියන ඒවා අහල දාලා බලන්නත් ඉස්සෙල්ලා එපාලු. කාට කියන්නද. තාම එකක්වත් දිගන්න බැරි උනා. facebook twitter වලටත් දැම්මා. ඒත් නෑ. ඉතින් බැරිම තැන තමයි මේ බ්ලොග් එකට දාන්න හිතුවෙ. අනේ කවුරු හරි ඕන එකෙක් ඉන්නවනම් මේල් එක දාලා කොමෙන්ට එකක් දාන්න ප්ලීස්. 8ම දෙනවා.   8යි නෙමෙයි 16යි(පස්සෙ දැක්කෙ).

දැන් blogger templete හදන්න පට්ට ලේසියි

දැන් blogger templete අපිටම කියල හදාගන්න පුළුවන්. මාර ලේසියි. දෙන්නෙත් blogger site එකෙන්ම තමයි. හැබැයි sighn in වෙන්න ඕනෙ blogger in draft account එකෙන්. හිතන්න දෙයක් නෑ. blogger account එකක් තියෙනවනම් නිකම්ම මේකට යන්න පුළුවන්. යන්න මෙතනින් . ඊට පස්සෙ Layout > Page Elements වලට. ගියහම ඇති Template Desighner කියල tab එකක්. යන්න ඒකට. ඊට පස්සෙ වෙන දේ මම ලියල කියනවට වඩා මේ වීඩියොව බැලුවම ලේසියෙන් දැන ගන්න පුළුවන්. මට නම මාර happy. මම උග්‍ර blogger fan කෙනෙක්. හැබැයි තාම අත්හද බලන්න බැරි උනා. මාර busy. 7455