කාලෙකට පස්සේ blog account එක පැත්තෙ ආවෙ. හරියටම කිව්වොත් අවු එකා මාරකින් විතර. දැන් SBU එකෙත් නැති නිසා කවුරුත් මගේ එකා බලන්න එන්නෙත් නැනේ. මම හිතන්නේ blog post නැති නිසා මාව කපල දාලා. කමක් නෑ මොකෙක් හරි මේක දකිනෙ. මේ දවස් වල නම් ජිවිතේ අන්තිමට තිත්ත වෙලා ඉන්නේ.මෙලෝ රහක් නෑ. කරදර පිට කරදර ඉවරයක් නෑ. ඒ මදිවට ජොබ් එක නැතුව මාස ගානක් හිටියා. කොහොම හරි ගෙදර ප්‍රශ්නත් ටිකක් හරි ගියාට පස්සේ අයෙට්ඔලුව හදාගෙන ජොබ් එකක් කරන්න හිතුවා. හරි දැන් ඉතින් කොහොම හරි පරණ පුරුදු විදියට ජිඉවත් වෙන්න පටන් ගන්න ඕනේ.
මගේ මේ ජීවිත කාලෙම දැක්ක මහ ජරාම වැස්ස තමා මේක. පටන් ගන්න වෙලාවකුත් නෑ ඉවරවෙන වෙලාවකුත් නෑ. හැබැයි අපරාදෙ කියන්න බෑ ඔෆිස් යන වෙලාවටයි ඔෆිස් එකෙ ඉඳල එන වෙලාවටයි නම් බඩු ෂුවර්ම තමයි. අනිවාර්යයෙන් දවසට තුන් හතර පාරක් තෙමෙනවාමයි. මේ වෙලාවට තමයි තේරෙන්නේ රෝද හතරක වටිනාකම. ඒ වගේම තමයි යන යන තැන හැම එකාටම වගේ හෙම්බිරිස්සාව. මටත් එහෙමයි. ඔලුවෙ සෙම පිරිලා. ගඳක් සුවඳක් තේරෙන්නෙත් නෑ . කොයි වෙලාවෙත් හූර හූර ඉන්න තමයි වෙලා තියෙන්නෙ. එපා වෙලා ඉන්නෙ. මේ ඔක්කොටම හේතුව මේ කරුම වැස්ස තමයි. lifestyle එක එහෙම පිටින්ම අවුල් වෙලා. ඒ අතින් ගිනි කසේට පායන දවස් කොච්චර ෂෝක්ද ? හප්පා මතක් වෙනකොටත් දාඩිය දානවා.