ඔන්න ආයෙමත් කට්ටිය ක්‍රිකට් මැච් බලනවා. අපරාදෙ කියන්න බෑ අපේ උනුත් හොඳට ගහනවා. හැබැයි මොන මලදානයක් වෙලාද මන්දා මේ ලංකාවෙ හරි ඉන්දියාවෙ හරි ගහන මැච් ඇරෙන්න අනිත් ඒවා බලන්න මට හරි කම්මැලියි. කොහොමත් දැන් වර්ල්ඩ් කප් එක දිනපු කාලෙ වගෙ උනන්දුවෙන් මැච් බැලෙන්නෙ නෑ. ඒ දවස් වල මාර උනක් තිබ්බේ. ඒ සමහර මැච් ඊයෙ පෙරෙදා ගැහුවා වගේ තාම මතකයි . ඒ අතරිනුත් අති විශේෂ එක මැච් එකක් තාමත් මට හොඳට මතකයි. කවුරු හරි ඇහුවොත් අපේ උන් ගහපු හොඳම මැච් එක මොකක්ද කියලා මම එක පාරටම කියන්නේ ඒ 96 World Cup එකේ අපි ඉන්දියාව එක්ක ගහපු semifinal මැච් එක කියලා. එදා ඊඩ්න් ගාර්ඩ්න් එක full house. රටවල් දෙකටම තීරනාත්මක මැච් එකක්. අපේ උන් වටේටම ගහගෙන ආවේ. හැබැයි වැඩි දෙනෙක් හිතා ගෙන හිටියෙ ඉන්දියාව තුළ ප්‍රබල ඉන්දියානු කන්ඩායම දෙවරක් පරාජය කරන්න බෑ කියලයි. අපිටත් ඒ විදියටම හිතුනා අපේ ප්‍රථම විකට් 3ක් ඉක්මනටම යනකොට. අපේ බලාපොරොත්තු සුන්වෙලා හිටියේ. ජයා, කළ...