ඔන්න ආයෙමත් කට්ටිය ක්‍රිකට් මැච් බලනවා. අපරාදෙ කියන්න බෑ අපේ උනුත් හොඳට ගහනවා. හැබැයි මොන මලදානයක් වෙලාද මන්දා මේ ලංකාවෙ හරි ඉන්දියාවෙ හරි ගහන මැච් ඇරෙන්න අනිත් ඒවා බලන්න මට හරි කම්මැලියි. කොහොමත් දැන් වර්ල්ඩ් කප් එක දිනපු කාලෙ වගෙ උනන්දුවෙන් මැච් බැලෙන්නෙ නෑ. ඒ දවස් වල මාර උනක් තිබ්බේ. ඒ සමහර මැච් ඊයෙ පෙරෙදා ගැහුවා වගේ තාම මතකයි . ඒ අතරිනුත් අති විශේෂ එක මැච් එකක් තාමත් මට හොඳට මතකයි.
කවුරු හරි ඇහුවොත් අපේ උන් ගහපු හොඳම මැච් එක මොකක්ද කියලා මම එක පාරටම කියන්නේ ඒ 96 World Cup එකේ අපි ඉන්දියාව එක්ක ගහපු semifinal මැච් එක කියලා.
එදා ඊඩ්න් ගාර්ඩ්න් එක full house. රටවල් දෙකටම තීරනාත්මක මැච් එකක්. අපේ උන් වටේටම ගහගෙන ආවේ. හැබැයි වැඩි දෙනෙක් හිතා ගෙන හිටියෙ ඉන්දියාව තුළ ප්‍රබල ඉන්දියානු කන්ඩායම දෙවරක් පරාජය කරන්න බෑ කියලයි. අපිටත් ඒ විදියටම හිතුනා අපේ ප්‍රථම විකට් 3ක් ඉක්මනටම යනකොට. අපේ බලාපොරොත්තු සුන්වෙලා හිටියේ. ජයා, කළු සහ ඒ දවස්වල අපෙ තාප්පේ ගුරුසිංහ තුන් දෙනාම ඇතුලේ. ඉන්දියාව 50%ක් මැච් එක දිනලා ඉවරයි. ඒ වෙලාවේ අරවින්ද පිටිය මැද හිටියේ. 3වන විකට්ටුවත් එක්ක අර්ජුන එන්නෙ නැතුව ඒ වෙනුවට මහනාමව එව්වා. ඒ වෙලාවෙ හැටියට එහෙම කරන්න ඇති. එතකොටත් ඉක්මන් විකට් ගත්ත හින්දා ජවගල් සහ ප්‍රසාද් අඩි කිහිපයක් උඩින් තමයි හිටියේ. අරවින්ද නම් ඉතින් පුරුදු විදියට අහල පහල කොට කොට තමයි ඉන්නවා දැක්කේ.
අනේ ඉතින් මුකුත් වෙලා නෑ වගෙ අරා ජවගල්ට කන හරහා cover drive එකක් ගැහුවා(මට ඒක නම් තාම මතකයි). මුළු ඊඩ්න් ගාඩ්න් එකම හ්ම්.. නැතුව ගියා. තවත් එකක් දෙකක් ගැහුවා. ඊඩ්න් ගාඩ්න් එක මීයට පිඹලා වගේ. මහනාම එහා පැත්තෙ ඉඳන් ගානට එක දාලා දෙනවා. මහනාම එදා මුළු ලෝකෙටම පෙන්නුවා ලකුණු අතර ඉන්න ක්‍රීඩකයෙකු සමඟ ක්‍රිඩා කරන හොඳම විදිය. ඒ අතර අපේ mad max ට හොඳටම පිස්සු හැදිලා. කිසිම සමාවක් නෑ. දුර්වල පන්දු හොය හොය පහර දෙනවා. අනේ පැය භාගයකට ඉස්සලා හූ තියපු ඊඩ්න් ගාඩ්න් එක කට ඇරගෙන බලා ඉන්නවා. දන්නෙම නෑ අරා 66 බෝල 47න්. එදා විචාරකයින් කිව්වේ ක්‍රිකට් ඉතිහාසයේ දැකපු හොඳම පිතිකරණයක් බවයි. ඒක ගැනනම් කියලා වැඩක් නෑ. මතක් වෙනකොටත් අඟේ හිරිකඩු පිපෙනවා. ඒ එක්කම මහනාමත් ෂේප් එකෙ පනස් ගානක් ගහල. කොහොම හරි අන්තිමට හොඳ score එකක්. ලකුණු 252ක් ගහල. තනිකරම උඩුයටිකුරු වෙච්ච මැච් එකක්. කවුද හිතුවෙ එදා අපේ උන්ට 200ක් වත් ගහගන්න ලැබෙයි කියලා. කොහොම හරි ඊට පස්සේ වෙච්ච දේ ඔබ කවුරුත් දන්නවා ඇතිනේ. පරාජය දරා ගන්න බැරුව වියරු වැටුන ඊඩ්න් ගාඩ්න් එක එදා ක්‍රිකට ලෝකයේ කළු පැල්ලමක් තිබ්බා. තරඟයේ වීරයා අපේ අරා.
අරවින්ද අපිට එදා පාඩම්ක් කියා දුන්නා. භාහිර පීඩනයන්ට යටත් නොවී තමන්ගේ පුරුදු ක්‍රීඩාව කරගෙන යන විදිහ එදා අපිට ඔහු ඉගැන්නුවා. මටනම් ඒක තමයි ඔහුගේ හොඳම ඉනිම. ඒ semifinal එක තම මම බලපු වඩාත්ම මතකයේ රැඳුනු මැච් එක. ක්‍රීඩාවක් කියන්නේ අපේ ජීවිතයට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙන හොඳම ක්‍රමයක්. මේ මැච් එකෙන් මගේ ක්‍රීඩා දිවියටත්, මගේ පුද්ගලික ජීවිතයටත් බොහෝ දේවල් ලබා ගෙන තියෙනවා. ඒක එතරම්ම වටින මැච් එකක්.

Comments