දන්නෙම නෑ මගේ මේ බ්ලොග් එකට අවුරුද්දක් ගෙවිලා. මම මේ ලියන්නෙ මගේ 45වෙනි ලිපිය. අවුරුද්දට ලිපි 45ක් නිකම් මදි වගේ නේද? ඒත් මොනවා කරන්නද මේකත් ලියන්නෙ මේ ඔෆිස් එකේ වැඩ කරන ගමන්. මෙහෙමවත් ලිව්වා ඇති කියලා හිතෙනවා.
මගේ බ්ලොග් එකට අවුරුද්ද උනාට මම සිංහල බ්ලොග් දැන් අවු 1 1/2 ඉදන් විතර බලනවා. මට ඉස්සලාම සිංහල යුනිකෝඩ් ගැන දැන ගන්න ලැබුනේ orkut එකේ පැතුම් කියල කෙනෙකුගෙන්. එදා ඉදන් පුරුද්දක් වශයෙන් සිංහල බ්ලොග් බලන්න පුරුදු වෙලා හිටියා. අපරාදේ කියන්න බෑ ඒ නිසා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අඩුම ගානෙ මොබයිල් ෆෝන් එක යාවත්කාලීන කරන්න ඉගෙන ගත්තෙත් මෙහි පලවෙන බ්ලොග් හරහා. මම ඒ පිළිබඳව ඔබ සියළු දෙනාටම මගේ ස්තූතිය පල කරනවා.

Comments
චියර්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.............!!