Skip to main content

ජපන් පාඩම 1 - ජපන් අක්ෂර.

(මා මගේ ප්‍රථම සටහනින් සඳහන් කළ ආකාරයට මෙම බ්ලොගය තුළින් මට වේලාවක් ලැබෙන ආකාරයට මා සතු ජපන් භාෂාව පිළිබඳව ඇති දැනුම ඔබ කාඅතරත් බෙදා හදා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමි. ඉතින් මේ ඉන් පළමු සටහනයි.)

ජපන් අක්ෂර.

ජපන් භාෂාව ඈත අතීතයේදී චීනයේ සිට චීන භාෂාවෙන් පැවත ආ බව සැලකේ. තවමත් චීන අක්ෂර තරමක් වෙනස් වී කන්ජි අක්ෂර(Kanji) ලෙස ජපන් භාෂාවේ භාවිතයේ ඇත. ඊට අමතරව හිරගනා(Hiragana) සහ කතකනා(Katakana) යන අක්ෂරද, භාවිතා කරයි.

  • කන්ජී : සාම්ප්‍රදායික ජපන් වචන ලිවීමට භාවිතා කරයි.බොහෝ විට එක කන්ජියකින් එක වචනයක තේරුමක් ඇත. මෙවැනි කන්ජි 50,000 ක් පමණ ඇතිමුත් සාමාන්‍යයෙන් ඉන් කන්ජි 10,000ක් පමණ භාවිතා කරයි. මීට අමතරව ජපන් රජය විසින් මුද්‍රිත මාධ්‍යවල භාවිතය සඳහා අකුරු 1945 ක් නම් කරන ලදී. මේවා ජෝයෝ කන්ජි ලෙස හඳුන්වයි.
  • හිරඟනා : ජපන් භාෂාවට ආවේනික වචන ලිවීමට මෙය භාවිතා කරයි. කන්ජි වල ශබ්දයද මෙමඟින් ලියා දක්වයි. මෙය අකුරු 46න් සමන්විත වන අතර එක් අකුරකින් එක් ශබ්දයක් පමණක් උපද්දවයි.

  • කතකනා : ජපන් භාෂාවට වෙනත් විදේශීය භාෂා වලින් පැමිනි වචන සහ නම් කතකනා අක්ෂර වලින් ලියයි. මෙයද අකුරු 46න් සමන්විත වේ.

* ජපන් බස ඉගැනුම ආරම්භ කරන්නන්ගේ පහසුව සඳහා "රෝමන්ජි"(Romanji) නමින්, ජපන් වචන ඉංග්‍රීසි අකුරු යොදා ලිවීමෙ ක්‍රමයක්ද ඇත. මෙහිදී "මස්" සහ "දෙස්" යන වචන පමණක් "Masu" සහ "Desu" යන ආකාරයට ලියයි.

ඉහත රූපයෙන් දැක්වෙන්නේ එකම ශබ්දය විවිධ අකුරු ක්‍රම වලින් ලියන ආකාරයයි.

Comments

මොනව හරි කරමු
Unknown said…
karamu, karamu

Popular posts from this blog

Google Wave 16යි. ඒවා හරිම ලාබයි.

මට Google Wave එකක් හම්බඋනේ දැන මාසයකට විතර උඩදී. සුදාරක මල්ලී තමයි මට invitation එක එවලා තිබුනේ. ඉතින් මට ඕක ලැබිච්ච දවසෙ ඉඳන් මාත් බලන් ඉන්නෙ කාට හරි මගෙ ගානෙ invitation එකක් යවන්නෙ කොහොමද කියලා. මේ ලඟදි wave account එකට ලොග් වෙලා බලද්දී මටත් ඇවිල්ල තිබ්බා ඔය invitation යවන්න පුළුවන් කියන මැසේජ් එක. ඉතින් හරී.. සතුටුයි. ඉතින් ඕක දැක්ක වෙලේ ඉඳන් වටේටම කෝල් ගැහුවා. ඕනෙද කියල අහන්න. මම හිතුවෙ උණු කැවුම් වගෙ යයි කියලා. මොන, මුංගෙ ආඩම්බර. එකෙක්ටවත් එපාලු. එක්කො උන්ට හම්බ වෙලා. නැත්තම් එක එකා කියන ඒවා අහල දාලා බලන්නත් ඉස්සෙල්ලා එපාලු. කාට කියන්නද. තාම එකක්වත් දිගන්න බැරි උනා. facebook twitter වලටත් දැම්මා. ඒත් නෑ. ඉතින් බැරිම තැන තමයි මේ බ්ලොග් එකට දාන්න හිතුවෙ. අනේ කවුරු හරි ඕන එකෙක් ඉන්නවනම් මේල් එක දාලා කොමෙන්ට එකක් දාන්න ප්ලීස්. 8ම දෙනවා.   8යි නෙමෙයි 16යි(පස්සෙ දැක්කෙ).

කාලෙකට පස්සේ

කාලෙකට පස්සේ blog account  එක පැත්තෙ ආවෙ.   හරියටම කිව්වොත් අවු එකා මාරකින් විතර.   දැන් SBU එකෙත් නැති නිසා කවුරුත් මගේ එකා බලන්න එන්නෙත් නැනේ. මම හිතන්නේ blog post නැති නිසා මාව කපල දාලා. කමක් නෑ මොකෙක් හරි මේක දකිනෙ. මේ දවස් වල නම් ජිවිතේ අන්තිමට තිත්ත වෙලා ඉන්නේ.මෙලෝ රහක් නෑ.   කරදර පිට කරදර ඉවරයක් නෑ. ඒ මදිවට   ජොබ් එක නැතුව මාස ගානක් හිටියා. කොහොම හරි ගෙදර ප්‍රශ්නත් ටිකක් හරි ගියාට   පස්සේ අයෙට්ඔලුව හදාගෙන  ජොබ් එකක් කරන්න හිතුවා. හරි දැන් ඉතින් කොහොම හරි පරණ පුරුදු විදියට ජිඉවත් වෙන්න පටන් ගන්න ඕනේ.

දැන් blogger templete හදන්න පට්ට ලේසියි

දැන් blogger templete අපිටම කියල හදාගන්න පුළුවන්. මාර ලේසියි. දෙන්නෙත් blogger site එකෙන්ම තමයි. හැබැයි sighn in වෙන්න ඕනෙ blogger in draft account එකෙන්. හිතන්න දෙයක් නෑ. blogger account එකක් තියෙනවනම් නිකම්ම මේකට යන්න පුළුවන්. යන්න මෙතනින් . ඊට පස්සෙ Layout > Page Elements වලට. ගියහම ඇති Template Desighner කියල tab එකක්. යන්න ඒකට. ඊට පස්සෙ වෙන දේ මම ලියල කියනවට වඩා මේ වීඩියොව බැලුවම ලේසියෙන් දැන ගන්න පුළුවන්. මට නම මාර happy. මම උග්‍ර blogger fan කෙනෙක්. හැබැයි තාම අත්හද බලන්න බැරි උනා. මාර busy. 7455