Skip to main content

දැන් blogger templete හදන්න පට්ට ලේසියි

දැන් blogger templete අපිටම කියල හදාගන්න පුළුවන්. මාර ලේසියි. දෙන්නෙත් blogger site එකෙන්ම තමයි. හැබැයි sighn in වෙන්න ඕනෙ blogger in draft account එකෙන්. හිතන්න දෙයක් නෑ. blogger account එකක් තියෙනවනම් නිකම්ම මේකට යන්න පුළුවන්. යන්න මෙතනින්. ඊට පස්සෙ Layout > Page Elements වලට. ගියහම ඇති Template Desighner කියල tab එකක්. යන්න ඒකට. ඊට පස්සෙ වෙන දේ මම ලියල කියනවට වඩා මේ වීඩියොව බැලුවම ලේසියෙන් දැන ගන්න පුළුවන්.


මට නම මාර happy. මම උග්‍ර blogger fan කෙනෙක්. හැබැයි තාම අත්හද බලන්න බැරි උනා. මාර busy.

7455

Comments

එළ බොහෝම ස්තූතියි. මාත් ට්‍රයි කරල බලන්නම්..
ආයමත් බොහෝම පිං
Gayan Tharaka said…
මම නං කෝඩ් කරල එකක් හදන්න ඉන්නේ. මට ඕන විදියට ඕන ඒව එකතු කරලා.
Achira said…
බොහෝම ස්තුතියි. මාත් ට්‍රයි කරල බැලුවා. වැඩේ හරි. ටිකක් මහන්සි වුනොත් හොද එකක් හදා ගන්න පුළුවන්.
Shirosh said…
හැබැයි ඕක තාම අත්හදා බැලීමේ තත්ත්වේ තියෙන්නේ. ඒ කොහොම හරි මෙකෙන් අපිටම කියලා ටෙම්ප්ලේට් එකක් හදාගන්න පුළුවන්. මොනවා වුණත් Geek කෙනෙක් නම් Edit Html එකෙන් හදන එක තමා ලේසි. ඒක සංකීර්ණ වුනාට එළටම හදන්න පුවවන්.
@ Shiroshan Randika : එකඟයි....
දයියා said…
මලයෝ
අපි කොහොමත් කම්මැලියි. ඒ උපන් හැටිමයි.ඒ නිසා අනුන්ගේ පානෙන් එළිය බලන්නම තමයි කැමති. හොඳ එකා වගේ තව හොයපං හොයා ගත්තු ගමන්ම අපිට කියපං. නැත්නං ඉතිං අපි ලැග්ග තැනම තමයි.
සුභ දවසක්
Sam said…
එළ බොහෝම ස්තූතියි..
මාත් ටෙම්ප්ලීට් ටිකක් හැදුවා. ඒවා හැදුවේ dreamviwer වලින් .XML code කරලා ඔන්නම්
XML දන්නවා නම් ලේසීයි. w3shcool වල තියෙනවා XML lesson එවා බැලුවොත් ඉගෙන ගන්න පුළුවන්. ස්තුතියි ඔත්තුවට ට්‍රයි කරලා බලන්න ඕනේ
Unknown said…
@සසීන්ද්‍ර වීරසිංහ, පිං වලට පිං.
@ගයාන් තාරක, මාත් ආසයි එහෙම කරන්න. ඒත් මට ඒ ගැන දැනුම මදි.
@Shiroshan Randika,සසීන්ද්‍ර වීරසිංහ, අපි වගෙ මොන්ටිසෝරි ලමයින්ට පිහිට ඉතින් මේ වගෙ සරල දෙයක් තමා.
@අචිර ලියනගේ,දයියා,ධනංජය, ස්තූතියි කොමෙන්ට්ස් වලට.
අපිත් තීම් හදන වැඩක් කරන්න ගියා..එත් වෙලාව මඳකම සහ ප්‍රතිචාර මඳකම නිසා වැඩේ නැවැත්තුවා.
(ඒ උනාට තීම් දෙක තුනක් නම් හදාගත්ත but දැම්මෙ නෑ.)
මේකට ගිහින් බලන්නකො
Unknown said…
@සසීන්ද්‍ර වීරසිංහ, අපරදෙනෙ නැවත්තුවෙ.
This comment has been removed by the author.
අපි ලැබෙන comment බලල තමයි මේක කරන්න හිටියෙ.බැරි වෙලාවත් කවුරුවත් ගත්තෙ නැත්තං නිකං අපේ කාලය නාස්ති වුනා වෙනව.අනිත් එක මම මේ පාර O/L කරන නිසා මේ පිළිබඳ වැඩි අවධානයක් දෙන්න වෙලාවක් ලැබෙන්නෙත් නෑ.
ගූගල්ලගෙත් මාර වැඩ තමයි තියෙන්නෙ :D
ඔහොම ගිහින් ලෝකෙම අල්ලන්න වගේ ලෑස්තිය ;)

Popular posts from this blog

නාවික හමුදාව මහනුවර වනසයි.

මෙන්න unbeaten kandy team එක අපෙ navy එකෙ කොල්ලො beat කරලා. ලකුණු තත්වය 13ට 14යි. මට නම් මතක ඇති කාලෙක kandy පැරදුනාමයි. අවුරුදු ගානක ඉඳන් ලංකාවේ champion ල නෙ. ඉතින් පොඩ්ඩක් උඩින් තමයි kandy team එකෙ කට්ටිය යන්නෙ එන්නෙ. උන්ගෙ සපෝටර්ල ඊට හපන්. navy team එක මේ ඊයෙ පෙරෙද වෙනකම් මෙලො රහක් නැතිව හිටියෙ. ඒත් ජනාධිපතිතුමාගේ දෙවැනි පුතා, යෝෂිත ඒ කණ්ඩායමට එකතු වුනත් එක්කම ටීම් එකට අලුත් players ටිකක් සෙට් කරගෙන දැන් අලුත් විදියකට කරගෙන යනවා. ඒ අතර ඉස්සර cr එකේ ගැහුව දේව් ආනන්ද් විශේෂයි. ඊයෙත් දේව්ගෙ drop cicks තමයි ජයග්‍රහණයට ගොඩක් බලපෑවේ. නාමලුත් විනාඩි 10ක් විතර play කරා. ඉතින් ගොඩක් අය හිතන් හිටියා නාමල්ලා ගහන හින්ද රෙෆා ඒ පැත්තට අදින්න ඇති කියල. අනෙ මම මැච් එක ඉවරවෙනකම්ම බැලුවා එහෙම කිසිම දෙයක් වුනේ නෑ. navy team එකේ prominence වලින්ම තමයි මැච් එක ගහ ගත්තෙ. ඒ ගැන නම් කිසිම කතාවක් නෑ. මොනා නමුත් හොඳ මැච් එකක්නම් බැලුවා. හැබැයි දෙපැත්තෙම මාර මිස්ටේක් වැඩියි.  ground එකේ පොඩ්ඩක් තෙත ගතියකුත් තිබ්බා. හැමදාම එකම team එකක් දිනන්නෙ නැතිව මේ වගේ තියනවනම් හොඳයි කියල තමයි මට හිතෙන්නෙ. 8618

iphone පෝලිම

iphone3G මෙ මස 11දා නිකුත් වීමට නියමිතයි. වැඩ ගොඩක් සමඟ ඇදහිය නොහැකි මිලකට එන මේ සුරතල් භාණ්ඩය උණු කැවුම් වගේ විකිනීයාමට නියමිතයි. ඒ සඳහා පාරිභෝගිකයින් දැන්මම පෝලිම් ගැහෙමින් සිටිනවා. මේ පින්තූරවල ඉන්නේ ඒ සමහරක්. මේ ජපානයේ තෝකියෝ නුවර පෝලිමක්. ඉහත ඇත්තේ ඇමරිකාවේ නිවයෝක් නුවර පෝලිමක්. ( Engadget ඇසුරෙනි) (පසුව [ඉතා දුකෙන්] ලියමි) මමත් ආසාවෙන් ඉන්නේ iphone 3G එකක් ගන්න. ඒත් තාම ලංකාවට එන දවසක් නම් දන්නේ නෑ. මේ දවස්වල අතේ කෑෂුත් ටිකක් හිඟයි.

Google Wave 16යි. ඒවා හරිම ලාබයි.

මට Google Wave එකක් හම්බඋනේ දැන මාසයකට විතර උඩදී. සුදාරක මල්ලී තමයි මට invitation එක එවලා තිබුනේ. ඉතින් මට ඕක ලැබිච්ච දවසෙ ඉඳන් මාත් බලන් ඉන්නෙ කාට හරි මගෙ ගානෙ invitation එකක් යවන්නෙ කොහොමද කියලා. මේ ලඟදි wave account එකට ලොග් වෙලා බලද්දී මටත් ඇවිල්ල තිබ්බා ඔය invitation යවන්න පුළුවන් කියන මැසේජ් එක. ඉතින් හරී.. සතුටුයි. ඉතින් ඕක දැක්ක වෙලේ ඉඳන් වටේටම කෝල් ගැහුවා. ඕනෙද කියල අහන්න. මම හිතුවෙ උණු කැවුම් වගෙ යයි කියලා. මොන, මුංගෙ ආඩම්බර. එකෙක්ටවත් එපාලු. එක්කො උන්ට හම්බ වෙලා. නැත්තම් එක එකා කියන ඒවා අහල දාලා බලන්නත් ඉස්සෙල්ලා එපාලු. කාට කියන්නද. තාම එකක්වත් දිගන්න බැරි උනා. facebook twitter වලටත් දැම්මා. ඒත් නෑ. ඉතින් බැරිම තැන තමයි මේ බ්ලොග් එකට දාන්න හිතුවෙ. අනේ කවුරු හරි ඕන එකෙක් ඉන්නවනම් මේල් එක දාලා කොමෙන්ට එකක් දාන්න ප්ලීස්. 8ම දෙනවා.   8යි නෙමෙයි 16යි(පස්සෙ දැක්කෙ).