Skip to main content

අපේ යුතුකම

මා ඊයේ සිට රජගිරියේ බෝගස ඉදිරිපිට උතුරේ අවතැන් වී සිටින වැසියන් වෙනුවෙන් වියළි ආහාර සහ ඇඳුම් පැළඳුම් වැනි දෑ එකතු කිරීමේ වැඩසටහනකට සම්බන්ධ වී සිටිනවා. එකතු වෙන භාණ්ඩ ITN එකේ සහෝදර සත්කාරයට පිරිනමන අතර මේ සඳහා සැළකිය යුතු පිරිසක්ගෙන් සහයක් ලැබෙමින් පවතිනවා. බොහෝ දෙනා රජගිරිය අවට පිරිස. මේ අතර අපේ කාර්‍යය විවේචනය කරන පිරිසකුත් ඉන්නවා. හැමොම ඉතින් එක වගේ හිතන්නෙ නෑනෙ. මොනවා කරන්නද? ඒත් අපි අපිට පුළුවන් විදියට අපෙ යුතුකම කරමින් සිටිනවා.

Comments

C4 said…
නියමයි මචන් වැඩෙ අපිත් හෙට ඔය වැඩෙ අපෙ ගෙවල් පැත්තේ කරනවා

Popular posts from this blog

Google Wave 16යි. ඒවා හරිම ලාබයි.

මට Google Wave එකක් හම්බඋනේ දැන මාසයකට විතර උඩදී. සුදාරක මල්ලී තමයි මට invitation එක එවලා තිබුනේ. ඉතින් මට ඕක ලැබිච්ච දවසෙ ඉඳන් මාත් බලන් ඉන්නෙ කාට හරි මගෙ ගානෙ invitation එකක් යවන්නෙ කොහොමද කියලා. මේ ලඟදි wave account එකට ලොග් වෙලා බලද්දී මටත් ඇවිල්ල තිබ්බා ඔය invitation යවන්න පුළුවන් කියන මැසේජ් එක. ඉතින් හරී.. සතුටුයි. ඉතින් ඕක දැක්ක වෙලේ ඉඳන් වටේටම කෝල් ගැහුවා. ඕනෙද කියල අහන්න. මම හිතුවෙ උණු කැවුම් වගෙ යයි කියලා. මොන, මුංගෙ ආඩම්බර. එකෙක්ටවත් එපාලු. එක්කො උන්ට හම්බ වෙලා. නැත්තම් එක එකා කියන ඒවා අහල දාලා බලන්නත් ඉස්සෙල්ලා එපාලු. කාට කියන්නද. තාම එකක්වත් දිගන්න බැරි උනා. facebook twitter වලටත් දැම්මා. ඒත් නෑ. ඉතින් බැරිම තැන තමයි මේ බ්ලොග් එකට දාන්න හිතුවෙ. අනේ කවුරු හරි ඕන එකෙක් ඉන්නවනම් මේල් එක දාලා කොමෙන්ට එකක් දාන්න ප්ලීස්. 8ම දෙනවා.   8යි නෙමෙයි 16යි(පස්සෙ දැක්කෙ).

නාවික හමුදාව මහනුවර වනසයි.

මෙන්න unbeaten kandy team එක අපෙ navy එකෙ කොල්ලො beat කරලා. ලකුණු තත්වය 13ට 14යි. මට නම් මතක ඇති කාලෙක kandy පැරදුනාමයි. අවුරුදු ගානක ඉඳන් ලංකාවේ champion ල නෙ. ඉතින් පොඩ්ඩක් උඩින් තමයි kandy team එකෙ කට්ටිය යන්නෙ එන්නෙ. උන්ගෙ සපෝටර්ල ඊට හපන්. navy team එක මේ ඊයෙ පෙරෙද වෙනකම් මෙලො රහක් නැතිව හිටියෙ. ඒත් ජනාධිපතිතුමාගේ දෙවැනි පුතා, යෝෂිත ඒ කණ්ඩායමට එකතු වුනත් එක්කම ටීම් එකට අලුත් players ටිකක් සෙට් කරගෙන දැන් අලුත් විදියකට කරගෙන යනවා. ඒ අතර ඉස්සර cr එකේ ගැහුව දේව් ආනන්ද් විශේෂයි. ඊයෙත් දේව්ගෙ drop cicks තමයි ජයග්‍රහණයට ගොඩක් බලපෑවේ. නාමලුත් විනාඩි 10ක් විතර play කරා. ඉතින් ගොඩක් අය හිතන් හිටියා නාමල්ලා ගහන හින්ද රෙෆා ඒ පැත්තට අදින්න ඇති කියල. අනෙ මම මැච් එක ඉවරවෙනකම්ම බැලුවා එහෙම කිසිම දෙයක් වුනේ නෑ. navy team එකේ prominence වලින්ම තමයි මැච් එක ගහ ගත්තෙ. ඒ ගැන නම් කිසිම කතාවක් නෑ. මොනා නමුත් හොඳ මැච් එකක්නම් බැලුවා. හැබැයි දෙපැත්තෙම මාර මිස්ටේක් වැඩියි.  ground එකේ පොඩ්ඩක් තෙත ගතියකුත් තිබ්බා. හැමදාම එකම team එකක් දිනන්නෙ නැතිව මේ වගේ තියනවනම් හොඳයි කියල තමයි මට හිතෙන්නෙ. 8618

කාලෙකට පස්සේ

කාලෙකට පස්සේ blog account  එක පැත්තෙ ආවෙ.   හරියටම කිව්වොත් අවු එකා මාරකින් විතර.   දැන් SBU එකෙත් නැති නිසා කවුරුත් මගේ එකා බලන්න එන්නෙත් නැනේ. මම හිතන්නේ blog post නැති නිසා මාව කපල දාලා. කමක් නෑ මොකෙක් හරි මේක දකිනෙ. මේ දවස් වල නම් ජිවිතේ අන්තිමට තිත්ත වෙලා ඉන්නේ.මෙලෝ රහක් නෑ.   කරදර පිට කරදර ඉවරයක් නෑ. ඒ මදිවට   ජොබ් එක නැතුව මාස ගානක් හිටියා. කොහොම හරි ගෙදර ප්‍රශ්නත් ටිකක් හරි ගියාට   පස්සේ අයෙට්ඔලුව හදාගෙන  ජොබ් එකක් කරන්න හිතුවා. හරි දැන් ඉතින් කොහොම හරි පරණ පුරුදු විදියට ජිඉවත් වෙන්න පටන් ගන්න ඕනේ.