මෙය වසර කීපයකට පෙර මා ජපානයේ වාසය කරන කාලයේ සැමරූ අවුරුද්දකි. දන්න කියන සිංහල යාළුවෝ ටිකයි ජපන් යහළුවෝ කීපදෙනෙකුයි එදා අපේ කාමරයට ඇවිල්ලා හිටියා. උන් හැමෝම වැඩ කරන තැන් වලින් බොහෝම අමාරුවෙන් තමයි නිවාඩු අරගෙන තිබ්බේ. කැවුම් කොකිස් නැතිවුනත් දන්න විදියට කොත්තු රොටියි සිංහල සැර බීම වගයකුයි තමයි ලෑස්ති කරලා තිබ්බේ. කොත්තු රොටි හැදුවෙ එහෙ තියෙන පකිස්ථාන් කඩ වලින් ගත් රොටි වලින්. හදන්න කොහොමත් මට මතක හැටියට පැය ගානක් ගියා. ඒ වෙලාව ගියෙත් කොකියෝ හැටක් විතර සහභාගිත්වයෙන් හදලත්. ඒවා කාපු ජපන්නු ටිකට දැවිල්ල අරන් එක ජංජාලයයි. කොහොම හරි එදා හොඳට කාලා බීලා විනෝද වුනා. හැබැයි අවසානයේ ලංකාවේ පුරුදු විදියට සිංදු කියන්නම් බැරි උනා. මොකද සද්දෙ ටිකක් වැඩි උනොත් අහල පහල උන් complain කරන හින්දා.
ඒත් ඒක හරියට artificial සිංහල අවුරුද්දක් වගෙ. ඒත් ඉතින් ඒකාකාරී ජීවිතයෙන් මිදිලා ඒ ගෙවපු "artificial සිංහල අවුරුද්ද" තාමත් මගේ හිතේ හොඳට මතකයේ රැඳිලා තිබෙනවා.
ඒත් ඒක හරියට artificial සිංහල අවුරුද්දක් වගෙ. ඒත් ඉතින් ඒකාකාරී ජීවිතයෙන් මිදිලා ඒ ගෙවපු "artificial සිංහල අවුරුද්ද" තාමත් මගේ හිතේ හොඳට මතකයේ රැඳිලා තිබෙනවා.
Comments
සුභ අළුත් අවුරුද්දක්!!!