Skip to main content

Film එකක් විනාඩි 18න් බාගන්න

පහත දැක්වෙන්නේ, රවීන්දගේ සටහන් පොත සඳහන්ව තිබූ ආකාරයට Imageshack ආදාරයෙන් බාගත කරගත් චිත්‍රපටියක (torrent එකක්) විස්තරයි. හොඳට බලන්න එය සම්පූර්ණයෙන් බාගත වීමට ගත වී ඇත්තෙ විනාඩි 18ක් පමනයි. ඉන්පසු මට ඉතිරිව තිබුනේ Imageshack වෙතින් මෙම file එක direct download එකක් වශයෙන් download කර ගැනීම පමණයි.(ඒකට ඉතින් විනාඩි 15ක් විතරනෙ යන්නේ) ඉතින් වෙනදාවගේ torrent file එකක් බාගන්න දවස් ගනන් බලනින්න වෙන්නේ නෑ. හැබැයි මේ මං බාගත්ත ඉහළම වේගයයි. අනිත් ඒවත් සාමන්‍යයෙන් පැය 3-5 අතර කාලයක් තුළ download වෙනවා. හරිම ලේසියි. ඒකෙන් උනේ මම ෆිල්ම් බලන්න පුදුම විදියට ඇබ්බැහි වීමයි.


Imageshack නිසා හොඳ film ටිකක් නම් බලාගන්න ලැබුනා. ඒ අතරින් Changeling, Eagle eye, Seven Pounds, In to the Wild, Million dollar Baby, walle e, Defiance, kung fu panda, The reader විශේෂයි. මේ අතරිනුත් Million dollar Baby ගොඩක් විශේෂ film එකක්. කොහොමත් මම Clint Eastwood ගේ films වලට ආසයි. මේ film එක මම දින 4ක් තුළ පස් වතාවක් බැලුවා. එහි රංගන ශිල්පීන් ගේ දායකත්වය අති විශිෂ්ටයි. ඒ වගේම තමයි අධ්‍යක්‍ෂනය. කියලා වැඩක් නෑ.

Comments

අපි නම් ඉතින් ටොරන්ට් තමයි..ඇක්සො ගෙ පිහිටෙන් පැය 4න් ෆිල්ම් එක බාගන්නව..කොහොම උනත් උප‍රිම ස්පීඩ් එක එන්නෙ 54ට තමයි.. :(
Indranama said…
විනාඩි 15න් 700MB ඩවුන්ලෝඩ් වෙන්න ඔයාගෙ කනෙක්ෂන් එක මොකක්ද?
Unknown said…
සමාවෙන්න මම ලියනකොට අතපසුවෙලා. විනාඩි 18න් බාගත වුනේ මගේ කොම්පුටරයට නෙමේ, imageshack sever එකට. ඊට පසු මම එයින් direct download එකක් විදියට බාගත කර ගන්නවා.
හැබැයි මාතෘකාව දැක්ක ගමන් හිතෙන්නෙ ටොරන්‍ට් එක විනාඩි 18න් පරිගණකයට බාගත්තා කියලා. ;-)
GNS said…
Dialog HSDPA එක තියෙනකන් නම් ආයෙ Heavy Downloads නම් කරන්නෙ නෑ... :(
අම්මෝ.... බෑ..............
Torrent: ubuntu-9.04-dvd-i386.iso (4.2 GB) Saving for: 224 hours
STOPPED Completed in (4h, 47m, 1s @ 258.1 KB/s average, 4.2 GB Check for errors

Yes, it's pretty effective, but, sadly, I also use Dialog HSDPA. :(
Unknown said…
@චම්පික
අපොයි චම්පික මහත්තය මගේ නමත් වෙනස් කරලනේ. මම නම රවින්ද. රවින්ද්‍ර නෙමෙයි.

@ප්‍රවීන්
අපොයි මම නම් ඕන තරම් බාල තියනවා 700MB විනාඩි 15කින් විතර. හැබැයි ඒ කැම්පස් එකේ wifi connection එකෙන්. මම කලින් තිර පිටපත් කීපයකුත් පෙන්නුවනේ 4Mbps ආසන්නවම තියනව හවස 6න් පස්සෙ හික්ස්.
@සුසිත,
උඹ මොනව කළත් ඕව පේනව ඇඩ්මින්ලට... ඒ නිසා පරිස්සමෙන් මලේ... ලැප්ටොප් එකේ මුළු උප්පැන්න සහතිකේම ලොග් වෙනවා.. පරිස්සමෙන්!! :P
Unknown said…
@ රවින්ද, සමාවෙන්න රවින්ද. මම ඒක හැදුවා.
Thilina said…
Torrent: Kalyway_10.5.2_DVD_Intel_Amd (3.7 GB) Saving for: 239 hours

STOPPED Completed in (2h, 43m, 47s @ 390.4 KB/s average, 3.7 GB Check for errors

බානකොට (imageshack sever එකට) පොඩි වෙලාවකට 4MBps (not Mbps) වලිනුත් ආවා
Unknown said…
@ශාකුන්තල
යා යා මම දන්නව ඒගොල්ල බලන් ඉන්න විත්තිය. බය වෙන්න එපා මම බාන්නෙ imageshack දාපු film එකක් වගේ තමයි.

Popular posts from this blog

උෂ්නත්වය සහ රාත්‍රී නින්ද (සහ මගෙ ඇඳ)

මේ දවස්වල මාර රස්නෙයි. මං මදුරුවො කනවට නෙට් එකක් දාගෙන නිදාගන්නෙ. තවත් රස්නෙයි. ඉතින් ඔය දෙකම එකතු උනාම නිදාගන්නෙ කොහොමද? fan එක කෙස් ගලවගෙන යන සයිස් එකට දැම්මත් අමාරුයි. මාරම රස්නයක්. හැබැයි ඉතින් සෙට්වෙලා ආපු දවසකට නම් කිසි ප්‍රශ්ණයක් නෑ. බබා වගේ නිදි. ඔය වගෙ මේ ලඟදි සෙට් වෙච්ච දවසක උදෙ නැගිටල බලපුවාම් ඇඳුම් පිටින්ම නිදි. අම්ම ඇවිල්ලා අහනවා "------- උඹ ඊයෙ ගෙදර ආවේ කොහොමද කියලා?" මම මතක් කලා මතක් කලා අම්මට ආපු හැටි කියන්න. ඒත් ඒ වෙලාවෙ මතක් උනේ නෑ :) . හැබැයි ඔහොම හැමදාම වෙන්නෙත් නෑ. එදා සුට්ටක් වැඩි වෙලා.                       මම නිදාගන්නෙත් අමුතු විදියකට(හැමෝම එහෙමද දන්නෙ නෑ) මට ඔලුවට කොට්ටයකුයි, කකුල් දෙක අස්සෙ ගහන්න තව කොට්ටයකුයි ඕනෙ. එහෙම කරන්නෙ පැත්තට හැරිලා නිදා ගන්නකොට කොන්දට එන ප්‍රෙෂර් එක අඩු කර ගන්න. පොඩි කාලෙ රගර් ගහල කොන්දෙ පොඩි අප්සෙට් එකක් තියෙනවා. හැබැයි ඒක තාම කෙලින්. ඒ වාගෙම තමයි රෑට සිංදු අහල headphone එක තියන්නත් ඇදෙ මම පොඩි ඉඩක් හදාගෙන ඉන්නෙ. කොච්චර නින්ද ගියත් කවදාවත් එක තියන තැනට අතවත් යන්නෙ නෑ. headphone එක කවදාවත් ඇඳෙන් වැටිලත් නෑ. එතනම තමයි මොබ

Google Wave 16යි. ඒවා හරිම ලාබයි.

මට Google Wave එකක් හම්බඋනේ දැන මාසයකට විතර උඩදී. සුදාරක මල්ලී තමයි මට invitation එක එවලා තිබුනේ. ඉතින් මට ඕක ලැබිච්ච දවසෙ ඉඳන් මාත් බලන් ඉන්නෙ කාට හරි මගෙ ගානෙ invitation එකක් යවන්නෙ කොහොමද කියලා. මේ ලඟදි wave account එකට ලොග් වෙලා බලද්දී මටත් ඇවිල්ල තිබ්බා ඔය invitation යවන්න පුළුවන් කියන මැසේජ් එක. ඉතින් හරී.. සතුටුයි. ඉතින් ඕක දැක්ක වෙලේ ඉඳන් වටේටම කෝල් ගැහුවා. ඕනෙද කියල අහන්න. මම හිතුවෙ උණු කැවුම් වගෙ යයි කියලා. මොන, මුංගෙ ආඩම්බර. එකෙක්ටවත් එපාලු. එක්කො උන්ට හම්බ වෙලා. නැත්තම් එක එකා කියන ඒවා අහල දාලා බලන්නත් ඉස්සෙල්ලා එපාලු. කාට කියන්නද. තාම එකක්වත් දිගන්න බැරි උනා. facebook twitter වලටත් දැම්මා. ඒත් නෑ. ඉතින් බැරිම තැන තමයි මේ බ්ලොග් එකට දාන්න හිතුවෙ. අනේ කවුරු හරි ඕන එකෙක් ඉන්නවනම් මේල් එක දාලා කොමෙන්ට එකක් දාන්න ප්ලීස්. 8ම දෙනවා.   8යි නෙමෙයි 16යි(පස්සෙ දැක්කෙ).

දැන් blogger templete හදන්න පට්ට ලේසියි

දැන් blogger templete අපිටම කියල හදාගන්න පුළුවන්. මාර ලේසියි. දෙන්නෙත් blogger site එකෙන්ම තමයි. හැබැයි sighn in වෙන්න ඕනෙ blogger in draft account එකෙන්. හිතන්න දෙයක් නෑ. blogger account එකක් තියෙනවනම් නිකම්ම මේකට යන්න පුළුවන්. යන්න මෙතනින් . ඊට පස්සෙ Layout > Page Elements වලට. ගියහම ඇති Template Desighner කියල tab එකක්. යන්න ඒකට. ඊට පස්සෙ වෙන දේ මම ලියල කියනවට වඩා මේ වීඩියොව බැලුවම ලේසියෙන් දැන ගන්න පුළුවන්. මට නම මාර happy. මම උග්‍ර blogger fan කෙනෙක්. හැබැයි තාම අත්හද බලන්න බැරි උනා. මාර busy. 7455