Skip to main content

Google Analytics ඔබේ blogger site එකට


ගූගල් අපේ ජීවිතයේ අංගයක් වෙලා ඉවරයි(හොඳට හෝ නරකට ඒක එහෙම තමයි වෙලා  තියෙන්නෙ) අපි ගූගල්ලගෙ සේවාවන් කීයක් එක් දවසකට පාවිච්චි කරනවාද? මේ තවත් ගූගල් සේවාවක් ගැන, Google Analytics, ගූගල් වෙතින් ලබා දෙන වෙබ් විශ්ලේෂකයක් (web analytic). මෙමඟින් ඔබේ වෙබ් පිටු බොලොග් පිටු යනාදීයෙහි සමස්ත් විශ්ලේෂකයක් ලබා ගත හැකි වෙනවා. මට තියෙන්නෙ blogger සයිට් එකක් නිසා මම නිකමට වගේ Google Analytics ක්‍රියාත්මක කරලා බැලුවා.(ඇත්තටම  කරල බලන්න ඕන නිසා පටන් ගත්තෙ) කරන්න තියෙන්නෙ Google Analytics හි ගිණුමක් ආරම්භ කරලා ඔබේ blogger account එකේ විස්තර එහි ඇතුලත් කිරීම පමණයි. ඉන්පසු ඔවුන් ලබා දෙන code එක blogger හි edit html වෙත ගොස්  පහත දක්වා ඇති ආකාරයට ඇතුලත් කරන්න.




account එක active උනාට පස්සේ ඔබේ dashboard එක මෙන්න මේ වගෙ දිස්වෙයි. බ්ලොග් එක විසිට් කරපු ගණන එක් එක් පිටුවට පැමිණි ගණන පළාත වෙගේ දෙවල් වගේම ඊට එහා ගිය  professional site එකකට අවශ්‍ය තොරතුරුත් ලබා ගන්න පුළුවන්.



 මේ වගේ තව ගොඩක් දේවල් තියෙනවා. මම තාම දන්නෙ ඔච්චරයි.



(සවිස්තර වාර්ථවක්)





(පැමිණි අය සිටින පළාත්)




(විසිට් කරපු කට්ටිය ආවේ මොන sources එක හරහා ද යන්න පෙන්නන දර්ශකය)



(පිටුවේ වාඩාත් click වූ ස්ථාන ප්‍රතිශතයක් වශයෙන් පෙන්වන දර්ශකය)


Comments

වැප් said…
ගූගල් ‍web මාස්ටර් ගැනත් ලියන්න
Unknown said…
@චැප්, ලියන්න web master ගැන දන්නෙ නෑනෙ
වැප් said…
https://www.google.com/webmasters/tools/home?hl=en

ඇනැලැටිකල් වලට වාඩ ටිකක් දියුණුයි. ලොග් වෙලා බලන්න. ජි ටොල්ක් වලට ආරධනාවක් කරනවද? තව තොරතුරෑ දෙන්නමී :)
Unknown said…
ස්තූතයි ආරාධානාවට. හැකි ඉක්මණින් ආරාධනාවක් කරන්නම්.

Popular posts from this blog

නාවික හමුදාව මහනුවර වනසයි.

මෙන්න unbeaten kandy team එක අපෙ navy එකෙ කොල්ලො beat කරලා. ලකුණු තත්වය 13ට 14යි. මට නම් මතක ඇති කාලෙක kandy පැරදුනාමයි. අවුරුදු ගානක ඉඳන් ලංකාවේ champion ල නෙ. ඉතින් පොඩ්ඩක් උඩින් තමයි kandy team එකෙ කට්ටිය යන්නෙ එන්නෙ. උන්ගෙ සපෝටර්ල ඊට හපන්. navy team එක මේ ඊයෙ පෙරෙද වෙනකම් මෙලො රහක් නැතිව හිටියෙ. ඒත් ජනාධිපතිතුමාගේ දෙවැනි පුතා, යෝෂිත ඒ කණ්ඩායමට එකතු වුනත් එක්කම ටීම් එකට අලුත් players ටිකක් සෙට් කරගෙන දැන් අලුත් විදියකට කරගෙන යනවා. ඒ අතර ඉස්සර cr එකේ ගැහුව දේව් ආනන්ද් විශේෂයි. ඊයෙත් දේව්ගෙ drop cicks තමයි ජයග්‍රහණයට ගොඩක් බලපෑවේ. නාමලුත් විනාඩි 10ක් විතර play කරා. ඉතින් ගොඩක් අය හිතන් හිටියා නාමල්ලා ගහන හින්ද රෙෆා ඒ පැත්තට අදින්න ඇති කියල. අනෙ මම මැච් එක ඉවරවෙනකම්ම බැලුවා එහෙම කිසිම දෙයක් වුනේ නෑ. navy team එකේ prominence වලින්ම තමයි මැච් එක ගහ ගත්තෙ. ඒ ගැන නම් කිසිම කතාවක් නෑ. මොනා නමුත් හොඳ මැච් එකක්නම් බැලුවා. හැබැයි දෙපැත්තෙම මාර මිස්ටේක් වැඩියි.  ground එකේ පොඩ්ඩක් තෙත ගතියකුත් තිබ්බා. හැමදාම එකම team එකක් දිනන්නෙ නැතිව මේ වගේ තියනවනම් හොඳයි කියල තමයි මට හිතෙන්නෙ. 8618

iphone පෝලිම

iphone3G මෙ මස 11දා නිකුත් වීමට නියමිතයි. වැඩ ගොඩක් සමඟ ඇදහිය නොහැකි මිලකට එන මේ සුරතල් භාණ්ඩය උණු කැවුම් වගේ විකිනීයාමට නියමිතයි. ඒ සඳහා පාරිභෝගිකයින් දැන්මම පෝලිම් ගැහෙමින් සිටිනවා. මේ පින්තූරවල ඉන්නේ ඒ සමහරක්. මේ ජපානයේ තෝකියෝ නුවර පෝලිමක්. ඉහත ඇත්තේ ඇමරිකාවේ නිවයෝක් නුවර පෝලිමක්. ( Engadget ඇසුරෙනි) (පසුව [ඉතා දුකෙන්] ලියමි) මමත් ආසාවෙන් ඉන්නේ iphone 3G එකක් ගන්න. ඒත් තාම ලංකාවට එන දවසක් නම් දන්නේ නෑ. මේ දවස්වල අතේ කෑෂුත් ටිකක් හිඟයි.

Google Wave 16යි. ඒවා හරිම ලාබයි.

මට Google Wave එකක් හම්බඋනේ දැන මාසයකට විතර උඩදී. සුදාරක මල්ලී තමයි මට invitation එක එවලා තිබුනේ. ඉතින් මට ඕක ලැබිච්ච දවසෙ ඉඳන් මාත් බලන් ඉන්නෙ කාට හරි මගෙ ගානෙ invitation එකක් යවන්නෙ කොහොමද කියලා. මේ ලඟදි wave account එකට ලොග් වෙලා බලද්දී මටත් ඇවිල්ල තිබ්බා ඔය invitation යවන්න පුළුවන් කියන මැසේජ් එක. ඉතින් හරී.. සතුටුයි. ඉතින් ඕක දැක්ක වෙලේ ඉඳන් වටේටම කෝල් ගැහුවා. ඕනෙද කියල අහන්න. මම හිතුවෙ උණු කැවුම් වගෙ යයි කියලා. මොන, මුංගෙ ආඩම්බර. එකෙක්ටවත් එපාලු. එක්කො උන්ට හම්බ වෙලා. නැත්තම් එක එකා කියන ඒවා අහල දාලා බලන්නත් ඉස්සෙල්ලා එපාලු. කාට කියන්නද. තාම එකක්වත් දිගන්න බැරි උනා. facebook twitter වලටත් දැම්මා. ඒත් නෑ. ඉතින් බැරිම තැන තමයි මේ බ්ලොග් එකට දාන්න හිතුවෙ. අනේ කවුරු හරි ඕන එකෙක් ඉන්නවනම් මේල් එක දාලා කොමෙන්ට එකක් දාන්න ප්ලීස්. 8ම දෙනවා.   8යි නෙමෙයි 16යි(පස්සෙ දැක්කෙ).