Skip to main content

හැදුව Micro Blog එකක්

කාලෙකින් ලියන්න හම්බවුනෙ. මම තව අලුත් බ්ලොග් එකක් පටන්ගත්තා. ඒක tumblr එකේ Micro Blog එකක්. ඇත්තම කිව්වොත් එහෙම එකක් පටන්ගන්න උවමනාවක් තිබ්බෙ නම් නෑ. ඒත් නිකං කරල බලන්න එකක් හැදුවා. මේ තියෙන්නෙ ගිහින් බලන්න්න. http://champiker.tumblr.com . නම Micro Me.


(මගෙ site එක)

tumblr එකේ මාර features වගයක් තියෙනවා. අපි අළුත් පොස්ට් එකක් ලියන්න යනකොට මෙන්න මේ වගේ window එකක් තමයි තියෙන්නෙ. අපිට අවශ්‍ය පරිදි text, photo,quote, link, audio හෝ video එකක් upload කරන්න පුළුවන්. අපි ඒ ලියන පොස්ට් ඉබේම අපේ twitter එකට යන්නත් හදා ගන්න පුළුවන්. twitter එකේ posts අපේ dashboard එකට ගෙන්න ගන්නත් පුළුවන්.


 (Dashboard එක)

එහි ඇති popular පිටුවට ගොස් දැනට tumblr වල ප්‍රසිද්ධ පොස්ට් බලාගන්න පුළුවන්. ඒ වෙලෙම ඒ සයිට් එක හොඳනම් අපිට twitter වල වගේ ඒවා follow කරන්න පුළුවන්. ඊට පස්සෙ අපි අපේ dashboard එකට ගියාම ඉහත රූපයේ ආකාරයට අපි follow කරන කට්ටියගේ පොස්ට් twitter එකේ වගේ display වෙනවා.
ඒ අතරිනුත් අපි ගොඩක් ආස පොස්ට් හම්බ උනොත් ඒවා අපෙ likes වලට add කරගන්න පුළුවන්. ඒවා වෙනම display වෙනවා. ඒ ගැන දැනට එච්චරයි.

Comments

Indranama said…
කමෙන්ට් දාන්න බැරි එක තමා tumblr එල එකම ප්‍රශ්නෙ.
මමත් දාගෙන ඉන්නෙ ඔය තීම් එකමයි !
Unknown said…
ඒ තීම් එක ලස්සනයි හැබැයි details මදි. මම ඉන්නෙ ඕක මාරු කරල දාන්න.