ගිය සෙනසුරාදා ගියා trip එකක්. තේමාව තමයි dolphine බලන එක. තැන කල්පිටිය. අර අටපට්ටමෙ ලංකාවෙ dolphineල ඉන්නව කියල පෙන්නුව කියන්නෙත් මෙතන තමයි. ගියේ ගිණි පාන්දර(ආවෙත් පාන්දර). නැවතුනෙ.... (මතක නෑ). උදේට කාලා 10ට විතර බෝට්ටුවට නැග්ගා(18 දෙනෙක් හිටපු හින්ද 6 ගානෙ බොට්ටු 3ක් තිබ්බා). බෝට්ටුවෙ මුහුදෙ යන්නෙ 1st Time හින්ද මුල ටිකෙ පන බයේ හිටියෙ. ෆුල් තද වෙන්න life jacket දාලා අත් දෙකෙන්ම බෝට්ටුව අල්ලල ගෙන. ගිණි කාස්ටකෙ. ටිකක් දුර ගියා. දැන් බය ටිකක් අඩු වෙලා. බෝට්ටුවෙ එහාට මෙහාට ඇවිදල් බැලුවා. අපරාදෙ කියන්න බෑ හොඳ හයි හත්ටියට හදල තියෙනවා. හැබැයි භූමි තෙල් ගඳේ බෑ. ඒ අස්සෙන් බොට්ටුව එලවන එකා ගහනව තඩි බීඩියක්. එකපාරටම අපිට ඉස්සරහින් ගිය බෝට්ටුව නැවත්තුවා. අම්මට සිරි dolphins ලවත්ද? මොන, තඩි කැස්බෑවෙක්. දැල් වලට අහු වෙලා මැරිලා. පාවි පාවි ඉන්නවා. අපෙ කස්ටිය photo ගහනවා එකසිය ගානට(මාත් ගැහුවා). පැය භාගයක් විතර කැස්බෑවගෙ වටේ කැරකි කැරකි ඉඳලා උගෙ මරණ පරීක්ශනෙත් කරල ආයි පිටත් උනා යන්න. ආයි dolphine. ඔය විසිල් එක ගහන එකා වයසට ගියාට හෙන දසයා. අපෙ office staff එකේ හෙන තදයෙක්. කනක් ඇහිලා ඉන්න නෑ. ත
අපේ සමාජය, මගේ සිහින, මගේ හැඟීම...