Skip to main content

උෂ්නත්වය සහ රාත්‍රී නින්ද (සහ මගෙ ඇඳ)

මේ දවස්වල මාර රස්නෙයි. මං මදුරුවො කනවට නෙට් එකක් දාගෙන නිදාගන්නෙ. තවත් රස්නෙයි. ඉතින් ඔය දෙකම එකතු උනාම නිදාගන්නෙ කොහොමද? fan එක කෙස් ගලවගෙන යන සයිස් එකට දැම්මත් අමාරුයි. මාරම රස්නයක්. හැබැයි ඉතින් සෙට්වෙලා ආපු දවසකට නම් කිසි ප්‍රශ්ණයක් නෑ. බබා වගේ නිදි. ඔය වගෙ මේ ලඟදි සෙට් වෙච්ච දවසක උදෙ නැගිටල බලපුවාම් ඇඳුම් පිටින්ම නිදි. අම්ම ඇවිල්ලා අහනවා "------- උඹ ඊයෙ ගෙදර ආවේ කොහොමද කියලා?" මම මතක් කලා මතක් කලා අම්මට ආපු හැටි කියන්න. ඒත් ඒ වෙලාවෙ මතක් උනේ නෑ :) . හැබැයි ඔහොම හැමදාම වෙන්නෙත් නෑ. එදා සුට්ටක් වැඩි වෙලා.                      

මම නිදාගන්නෙත් අමුතු විදියකට(හැමෝම එහෙමද දන්නෙ නෑ) මට ඔලුවට කොට්ටයකුයි, කකුල් දෙක අස්සෙ ගහන්න තව කොට්ටයකුයි ඕනෙ. එහෙම කරන්නෙ පැත්තට හැරිලා නිදා ගන්නකොට කොන්දට එන ප්‍රෙෂර් එක අඩු කර ගන්න. පොඩි කාලෙ රගර් ගහල කොන්දෙ පොඩි අප්සෙට් එකක් තියෙනවා. හැබැයි ඒක තාම කෙලින්.

ඒ වාගෙම තමයි රෑට සිංදු අහල headphone එක තියන්නත් ඇදෙ මම පොඩි ඉඩක් හදාගෙන ඉන්නෙ. කොච්චර නින්ද ගියත් කවදාවත් එක තියන තැනට අතවත් යන්නෙ නෑ. headphone එක කවදාවත් ඇඳෙන් වැටිලත් නෑ. එතනම තමයි මොබයිල් එකත් තියන්නෙ. ඒකෙනෙ අර උදේට නැගිට්ටවන එලාම් එක තියෙන්නෙ.

තව එකක් මම නිදාගන්නෙ අවු 40කටත් වඩා පරණ ඇඳක. මෙට්ටෙ තියෙන්නෙ springs. මාර සනීපයි. මේක අපෙ ආච්චිඅම්මා තාත්තා බඳිනකොට එයාට තෑගි දීපු එකක්. හැබැයි ටිකක් දිග මදි. අඩි 6යි තියෙන්නෙ. මම 5යි 10යි.(ඒකයි ගොඩක් වෙලාවට හැරිල නිදාගන්නෙ).

නෙට් එක දාගෙන නිදාගෙන ඉන්නව කිව්වම් පොඩි කතාවක් මතක් උනා. (හිනා යයිද දන්නෙ නෑ). මේ ලඟදි මගෙ යලුවෙක් මගෙන් දවල් 12ට විතර call කරල ඇහුවා "චම්පි උබ නෙට් එකෙද ඉන්නෙ කියල? ඒ කිව්වෙ internet එකෙද කියන එක. ඌට මොනද check කරල බලන්න. ඉතින් මේක ඌ ගාව අහගෙන හිටපු උගෙ යාලුවෙක් උගෙන් අහනවලු " ඈ බං ඌ තාම නිදිද බං කියල. ඌ හිතල තියෙන්නෙ මං තාම නෙට් එක දාගෙන නිදි කියල. හි. හි. හි. අමාරුවෙන් හරි පොඩ්ඩක් හිනා වෙන්න බලන්න.


7200

Comments

said…
සෙට් උන දවසට උඹට හොඳට නින්ද යන්වද බන්? මටත් එහෙමයි හැබැයි හොඳට වැඩි උන දාට විතරයි නැත්නම් ඇහැරෙනවා හොඳටම දාඩිය දාලා. මේ දවස් වල නම් සෙට් උනාම එපා වෙනවා. රස්නේ වැඩි කමට නින්ද යන්නෙත් නැහැ. වතුර ගැලුමක් විතර බිබී ඉන්නවා ඉතින්.

හොඳ සුට්ට, ආපු හැටි මතකත් නැහැ. මටත් ඕක නිතරම වෙනවා බන්
Unknown said…
මටත් බිව්වම දාඩිය දානවා. මොකද දන්නවද, ඩෝප් මර ගාතෙ දාලා තියන fan එක ආයි දාගන්න ගිහිල්ලා off කරගන්නවා. lol
හෙහෙ සෙට් උනහම නම් නින්ද යනව තමා. හැබය් රීට ඇහරෙනව නීද හොදටම තිබහ හැදිලා
Missaka said…
මේ දවස් වල නම් සෙටෙලා වෙලා නිදාගන්න එකම තමයි හොඳ.. :D
hasithahands said…
නියම විසදුමක් තමා රස්නෙට ස්තුතියි.
Unknown said…
යකෝ මුං මුලු post එකෙන්ම දැකල තියෙන්නෙ මට සෙට්වෙල වෙච්ච සීන් එක විතරයිනෙ.
අම්මෝ මේ දවස්වල මොන නින්දක්ද...මමත් ඉතින් රස්නේ වැඩි නිසා හැමදාම සෙට් වෙනවා...හැබැයි ඇහැරිලා බලන කන් දන්නැහැ මම ඊයේ රැ නිදා ගත්තද කියලා...
said…
ඇයි උඹ ලිව්වේ බීපු එක ගැන නෙමෙයිද?
මන් නම් දැක්කේ ඒක විතරම තමා
Unknown said…
@ ම, ඇයි බං ඔය තියෙන්නෙ කොට්ට ගැන, ඇඳ ගැන, ඇයි බං හිනා යන කතාවකුත් දාලා තියෙන්නෙ. :(
malee_msg said…
මට මේ ටිකේ හෙම්බා නිසා ෆෑන් එක අඩුවට දාලා තියෙන්නේ.. අනේ ඉතිං මොන නින්දක්ද.. දැන් නම් වැස්සා නම් හොදයි වගේ..