Skip to main content

dolphine බලන්න trip එකක්

ගිය සෙනසුරාදා ගියා trip එකක්. තේමාව තමයි dolphine බලන එක. තැන කල්පිටිය. අර අටපට්ටමෙ ලංකාවෙ dolphineල ඉන්නව  කියල පෙන්නුව කියන්නෙත් මෙතන තමයි. ගියේ ගිණි පාන්දර(ආවෙත් පාන්දර). නැවතුනෙ.... (මතක නෑ). උදේට කාලා 10ට විතර බෝට්ටුවට නැග්ගා(18 දෙනෙක් හිටපු හින්ද 6 ගානෙ බොට්ටු 3ක් තිබ්බා). බෝට්ටුවෙ මුහුදෙ යන්නෙ 1st Time හින්ද මුල ටිකෙ පන බයේ හිටියෙ. ෆුල් තද වෙන්න life jacket දාලා අත් දෙකෙන්ම බෝට්ටුව අල්ලල ගෙන. ගිණි කාස්ටකෙ.

ටිකක් දුර ගියා. දැන් බය ටිකක් අඩු වෙලා. බෝට්ටුවෙ එහාට මෙහාට ඇවිදල් බැලුවා. අපරාදෙ කියන්න බෑ හොඳ හයි හත්ටියට හදල තියෙනවා. හැබැයි භූමි තෙල් ගඳේ බෑ. ඒ අස්සෙන් බොට්ටුව එලවන එකා ගහනව තඩි බීඩියක්. එකපාරටම අපිට ඉස්සරහින් ගිය බෝට්ටුව නැවත්තුවා. අම්මට සිරි dolphins ලවත්ද? මොන, තඩි කැස්බෑවෙක්. දැල් වලට අහු වෙලා මැරිලා. පාවි පාවි ඉන්නවා. අපෙ කස්ටිය photo ගහනවා එකසිය ගානට(මාත් ගැහුවා). පැය භාගයක් විතර කැස්බෑවගෙ වටේ කැරකි කැරකි ඉඳලා උගෙ මරණ පරීක්ශනෙත් කරල ආයි පිටත් උනා යන්න. ආයි dolphine.

ඔය විසිල් එක ගහන එකා වයසට ගියාට හෙන දසයා. අපෙ office staff එකේ හෙන තදයෙක්. කනක් ඇහිලා ඉන්න නෑ.

තව පැයක් විතර ගියා. මොන dolphine ලද? (මට නම් දැන් රැලි ගහන ඒවත් පේන්නෙ dolphineල වගෙ) ඒත් එලවන එකා නම් අරින්නෙ නෑ. හරියට යාල අලි බලන්න ගියාම අපිව කඩේ යවන උන් වගෙ තමයි. මට නම් මල පැනලා හිටියේ. ඒ අස්සෙන් දාඩිය දානවා ඉන්න බෑ. කොහොම හරි පැය දෙක තුනකට පස්සෙ ආයි ගොඩට ආවා. සාලයෙක්වත් දැක්කෙ නෑ. අර මැරිච්ච කැස්බෑව විතරයි. හැබැයි මුහුදෙ 1st Time හින්ද පොඩි kick එකක් නම් තිබ්බා.

ඊට පස්සෙ දවල්ට කාලා. පොඩි ක්‍රිකට් පාරක් ගහල. නාලා. සින්දු කියල එන්න ආවා. එච්චරයි. හැබැයි මතක තියාගන්න කවුරු හරි dolphine බලන්න යං කිව්වොත් එහෙම කල්පිටියටනම් යන්න එපා එතන මහ වංචාවක් කරන්නෙ. කාලයක් නම් ඉන්න ඇති. ඒත් දැන් නම් නැතුව ඇති කියල තමයි පෙන්නෙ. ඒත් අහල පහල ඉන්න උන් ඒක business එකක් කරගෙන. යාල වගේම තමයි.




7578

Comments

said…
මචං බෝට්ටුවට කීයක් ගන්නවද?
Unknown said…
@ම, Rs. 8,000/- office එකෙන් ගෙව්ව හින්ද අවුලක් නෑ.
පහුගිය ටිකේ හිට් ඇඩ්ස් වල පැලෙනකන් තිබ්බෙ ඔය ඩොල්ෆින් වන්දනාව ගැන නෙද? මමත් කෝල් කර කර බැලුවා.. ඩොල්ෆින් කිව්වම ආසාවට.. ඒත් මටත් හිතුනා ඔය කෑම්ප් සංවිධායකයො කියන අය හාල්මැස්සෙක්වත් හරියට දැකපු නැති උදවිය කියලා..
Unknown said…
@පුර සඳ, ඕවා ඔක්කොම short term business තමා.
පොඩ්ඩක් හොයල බලන්න අයියා... මං හිතන්නෙ ඒ අය කාලෙකට විතරයි එන්නෙ.... හැමදාම නැහැ...
මොනව උනත් හොඳ අත් දැකීමක්....
පැතා said…
ඔයින් ගියා මදැයි බොලේ!
බිඟූ said…
මේ දවස් වල නම් යන්න විදියක් නෑ...
පස්සේ බලනවා...

/බිඟුවා...!

Popular posts from this blog

Google Wave 16යි. ඒවා හරිම ලාබයි.

මට Google Wave එකක් හම්බඋනේ දැන මාසයකට විතර උඩදී. සුදාරක මල්ලී තමයි මට invitation එක එවලා තිබුනේ. ඉතින් මට ඕක ලැබිච්ච දවසෙ ඉඳන් මාත් බලන් ඉන්නෙ කාට හරි මගෙ ගානෙ invitation එකක් යවන්නෙ කොහොමද කියලා. මේ ලඟදි wave account එකට ලොග් වෙලා බලද්දී මටත් ඇවිල්ල තිබ්බා ඔය invitation යවන්න පුළුවන් කියන මැසේජ් එක. ඉතින් හරී.. සතුටුයි. ඉතින් ඕක දැක්ක වෙලේ ඉඳන් වටේටම කෝල් ගැහුවා. ඕනෙද කියල අහන්න. මම හිතුවෙ උණු කැවුම් වගෙ යයි කියලා. මොන, මුංගෙ ආඩම්බර. එකෙක්ටවත් එපාලු. එක්කො උන්ට හම්බ වෙලා. නැත්තම් එක එකා කියන ඒවා අහල දාලා බලන්නත් ඉස්සෙල්ලා එපාලු. කාට කියන්නද. තාම එකක්වත් දිගන්න බැරි උනා. facebook twitter වලටත් දැම්මා. ඒත් නෑ. ඉතින් බැරිම තැන තමයි මේ බ්ලොග් එකට දාන්න හිතුවෙ. අනේ කවුරු හරි ඕන එකෙක් ඉන්නවනම් මේල් එක දාලා කොමෙන්ට එකක් දාන්න ප්ලීස්. 8ම දෙනවා.   8යි නෙමෙයි 16යි(පස්සෙ දැක්කෙ).

උෂ්නත්වය සහ රාත්‍රී නින්ද (සහ මගෙ ඇඳ)

මේ දවස්වල මාර රස්නෙයි. මං මදුරුවො කනවට නෙට් එකක් දාගෙන නිදාගන්නෙ. තවත් රස්නෙයි. ඉතින් ඔය දෙකම එකතු උනාම නිදාගන්නෙ කොහොමද? fan එක කෙස් ගලවගෙන යන සයිස් එකට දැම්මත් අමාරුයි. මාරම රස්නයක්. හැබැයි ඉතින් සෙට්වෙලා ආපු දවසකට නම් කිසි ප්‍රශ්ණයක් නෑ. බබා වගේ නිදි. ඔය වගෙ මේ ලඟදි සෙට් වෙච්ච දවසක උදෙ නැගිටල බලපුවාම් ඇඳුම් පිටින්ම නිදි. අම්ම ඇවිල්ලා අහනවා "------- උඹ ඊයෙ ගෙදර ආවේ කොහොමද කියලා?" මම මතක් කලා මතක් කලා අම්මට ආපු හැටි කියන්න. ඒත් ඒ වෙලාවෙ මතක් උනේ නෑ :) . හැබැයි ඔහොම හැමදාම වෙන්නෙත් නෑ. එදා සුට්ටක් වැඩි වෙලා.                       මම නිදාගන්නෙත් අමුතු විදියකට(හැමෝම එහෙමද දන්නෙ නෑ) මට ඔලුවට කොට්ටයකුයි, කකුල් දෙක අස්සෙ ගහන්න තව කොට්ටයකුයි ඕනෙ. එහෙම කරන්නෙ පැත්තට හැරිලා නිදා ගන්නකොට කොන්දට එන ප්‍රෙෂර් එක අඩු කර ගන්න. පොඩි කාලෙ රගර් ගහල කොන්දෙ පොඩි අප්සෙට් එකක් තියෙනවා. හැබැයි ඒක තාම කෙලින්. ඒ වාගෙම තමයි රෑට සිංදු අහල headphone එක තියන්නත් ඇදෙ මම පොඩි ඉඩක් හදාගෙන ඉන්නෙ. කොච්චර නින්ද ගියත් කවදාවත් එක තියන තැනට අතවත් යන්නෙ නෑ. headphon...

මැයි 25 සහ 18

මැයි මාසය මගේ ජීවිතයට ඉතා වැදගත් මාසයක්. ප්‍රධාන හේතුවනම්, මගෙ උපන් දිනය මැයි 25 වන දින වීම්. (ඒ කියන්නෙ ඊයෙ. දැන් මට 31 යි) දෙවන කාරනය තමයි මැයි 18. මැයි 18 කියපුවහම ලොකු කුඩා ඕන කෙනෙක් දන්නවා ඒ දවසේ වැදගත්කම. ඒ අපේ මාතෘභූමිය නිදහස් වූ දිනය( මම නම් දකින්නේ ඒ විදියට). නමුත් මට නම් මැයි 18 දිනට තවත් විශේෂ කාරණයක් යෙදී තිබෙනවා. ඒ තමයි මම විවාහ වූ දිනය. මේ අවුරුද්දේ අපි සැමරුවේ අපේ තෙවන සංවස්තරය. විවාහය සිදුවූයේ 2006 මැයි 18 දින(ඒකට වසර 7ක් බලන් හිටියා). අපේ ප්‍රේමය පටන්ගන්න අඩිතාලම වැටුනෙත් මැයි මාසයේදි. ඒ වෙසක් බලන්න ගිහිල්ලා. මම වැඩිදුර අධ්‍යාපනය සඳහා ජපානය බලා ගියෙත් මැයි මාසේ. ඒ 20 වෙනිදා. අධ්‍යාපන කටයුතු ඉවරවෙලා ආයෙත් ලංකාවට ආවෙත් මැයි මාසේ. ඒ 18 වෙනිදා. ඉතින් 18යි 25යි මැයි මාසෙයි මායි ඔන්න ඔහොමයි.