Skip to main content

iphone පෝලිම

iphone3G මෙ මස 11දා නිකුත් වීමට නියමිතයි. වැඩ ගොඩක් සමඟ ඇදහිය නොහැකි මිලකට එන මේ සුරතල් භාණ්ඩය උණු කැවුම් වගේ විකිනීයාමට නියමිතයි. ඒ සඳහා පාරිභෝගිකයින් දැන්මම පෝලිම් ගැහෙමින් සිටිනවා. මේ පින්තූරවල ඉන්නේ ඒ සමහරක්.

මේ ජපානයේ තෝකියෝ නුවර පෝලිමක්. ඉහත ඇත්තේ ඇමරිකාවේ නිවයෝක් නුවර පෝලිමක්.
(Engadget ඇසුරෙනි)


(පසුව [ඉතා දුකෙන්] ලියමි) මමත් ආසාවෙන් ඉන්නේ iphone 3G එකක් ගන්න. ඒත් තාම ලංකාවට එන දවසක් නම් දන්නේ නෑ. මේ දවස්වල අතේ කෑෂුත් ටිකක් හිඟයි.

Comments

Janath said…
මටත් 3G එන්න ඉස්සෙල්ලම හිතුනා iPhone එකක් ගන්න ඕන කියලා. හැබැයි දැනට මාස 2කට විතර පෙර මම Dubai Airport එකෙන් Normal iPhone (8GB) ගාන බැළුවම එක USD 750 වෙනවා. ඉතින් “iPhone 3G” එකක් තවත් මිල වැඩි වෙනවා මිසක් අඩු වෙන්න හේතුවක් මම නම් දකින්නෙ නෑ. අපි දකින ඇදහිය නොහැකි මිල කියන්නෙ commitment charge එකක් එක්ක අවුරුදු 2-3 කට ගෙවන්න වෙන මුදලේ 1st installment එක කියල හිතා ගත්තාට වරදක් නැහැ
Unknown said…
ඒක ගැන නම් මම දන්නෙ නෑ. නමුත් දැනට 8GB phone එක ඩොලර් 299 කට මිළ කරලා තියෙනවා.
Janath said…
හැමෝගෙම බ්ලොග් අඩ්වි දැකලා මටත් හිතුනා හැමෝටම තේරෙන භාෂාවෙන් පොඩි කමෙන්ට් එකක් ලියන්න. මේකට මම පදනම කර ගන්නේ Apple iPhone එක ගැන ලියවුණු සටහන. මෙම සටහනේ තිබුනා අරුම පුදුම මිලකට අලෙවි වන iPhone 3G දුරකතනය ගැන. ඒ ගැන මම ලියපු කමෙන්ට් එක හරියට තේරුම් ගියේ නැහැ කියන අදහස හිතට වැදුණු නිසා තමයි තවත් කමෙන්ට් එකක් ලියන්න පෙළඹුණේ.

දැන් පටන් ගන්නම් විස්තරය,
යුරෝපීය රටවල් සහ ඇමරිකානු රටවල් වල ජංගම දුරකතන අලවිය සිද්ද වෙන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, සිංගපූරුව ආදී ආසියාතික රටවල් වල ජංගම දුරකතන අලවිය සිද්ද වෙන විදියට නොවේ. එම රටවල් වලට නව මාදිලියක ජංගම දුරකතනයක් හඳුන්වා දෙන්නේ ජංගම දුරකතන සේවා සපයන සමාගම විසින්ම තමයි. එම සමාගම් දුරකතනය ඉතා අඩු මුදලකට ලබා දෙනවා. හැබැයි කොන්දේසි ගනනාවක් මත.

මුල්ම කොන්දේසිය තමයි අඩුම වශයෙන් අවු. 2ක් වගේ කාලයක් මෙම දුරකතනය භාවිතා කරන බව.
දෙවන කොන්දේසිය තමයි එම කාලය පුරාවට (අවු. 2ක්) ඇම්තුම් ගාස්තු වලට අමතරව නිශ්චිත මුදලක් සමාගමට ගෙවීම.

මෙන්න මේ වගේ කොන්දේසි නිසා සමාගමටත් පාරිභෝගිකයාටත් යම් යම් වාසි ඇති වෙනවා. iPhone 3G දුරකතනයේ මිලත් අඩු මට්ටමක පවතිනවා වගේ අපිට හැඟෙන්නේ ඒ නිසාම තමයි. ඇත්තටම එම මිල, කල් බදු ක්‍රමයේ (Leasing/ Installment scheme) ප්‍රථම වාරිකය වගෙයි.

දැන් මම ටිකක් වෙනස් කතාවක් කියන්නම්

කලින් කියපු විදියට දුරකතනයක් මිලදී ගන්න සමහර අවස්ථා වලදී, එම දුරකථනයට රක්ෂණ ආවරණයක් ලබා දෙනවා. ඒ කුමක් හෝ දෝෂයක් නිසා දුරකතනය නිසි ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අලුත් දුරකතනයක් ලබාදීම සඳහායි. ඒ වගේම මෙම දුරකතනයට සේවා සපයන සමාගම විසින් ආරක්ෂක අගුලක් (Password) යෙදීමකුත් අනිවාර්යයෙන්ම සිදු වෙනවා. මෙම ආරක්ෂක අගුල තමයි අපි විසින් Country Lock එකක් ලෙස හඳුන්වන්නේ.

දැන් කියන්නම් ගොඩක් දෙනෙක් අත්විදින හැබැයි හරියටම නොදන්න කතාව

ඥාතීන් පිටරට ගියාම කරන වැඩක් මේක,
ඒ අයත් කලින් කියපු විදියට නව මාදිලියේ (ලංකවේදී) මිල අධික දුරකතනයක් මිලදී ගන්නවා. ටික දවසක් (මාසයක් දෙකක්) පාවිච්චි කරල හරි නොකර හරි ගත්තු දුරකතනය ලංකාවට එවනවා. (මේක එවන්නේ තමන්ගෙ යාළුවෙක් හො ඥාතියෙක් අතේ) ඊට පස්සේ අදාල දුරකතන සමාගමට දැනුම් දෙනවා තමන්ගේ දුරකතනය නැති වුණා කියලා. ඊට පස්සේ අදාල සමාගම රක්ෂණය යටතේ එම වර්ගයේම තවත් අළුත් දුරකතනයක් ලබා දෙනවා. කොහොමද වැඩේ, එක මිලට දුරකතන දෙකයි. එකත් ගෙවන්න ඕන අවු. දෙකකින්.

දැන් බලමු ලංකාවට එන දුරකතනයට මොකද වෙන්නෙ කියල,

දැන් එම දුරකතනය ලංකාවට ගෙනැල්ලා ලංකාවේ ජංගම දුරකතන සේවා සමාගම් 4න් එකකට අයත් SIM (Subscriber Identification Module) එකක් දානවා. ඔන්න එතකොට පණිවිඩයක් එනවා ආරක්ෂිත අගුල (Password / Country Lock ඒක ) ඇතුලත් කරන්න කියලා. නමුත් මේ ආරක්ෂිත අගුල තියෙන්නේ මුල් දුරකතන සමාගම සතුවයි. ඔන්න ඔතන ඉඳලා තමයි අපි ගොඩක් දෙනෙක් දන්න කතාව පටන් ගන්නෙ

අපේ රටේ බොහොමයක්, කුඩා දුරකතන අලවි සැල් වල බොහොම ජනප්‍රිය සේවාවක් ප්‍රචාරණය කරනවා "Phone Unlocking" කියල. මේ සේවාව සඳහා නම් දරාපු අයත් ඉන්නවා. සමහර වෙලෙන්දන් මේ ව්‍යාපාරයේදි අතරමැදියන් බවට පත් වෙනවා. ඒ කියන්නෙ වැඩි මුදලකට වැඩේ භාර අරගෙන වෙනත් කෙනෙකුන් ලවා කරවා ගන්නවා. ඒක නිසා ඔබත් මෙවන්නක් කරවා ගන්න බලාපොරොත්තු වෙනවා නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න.

ඉතින් එවන් පුද්ගලයකු විසින් සිදුකරන්නේ අර මුල් දුරකතන සමාගම මගින් යොදල තියෙන ආරක්ෂක අගුල ඉවත් කිරීමයි. මේක කරන්නේ කොහොමද කියල නම් මම හරියටම දන්නෙ නැහැ. නමුත් අදාල දුරකතනයේ Model Number (Nokia N95) එක සමග Unlock වචනය යොදල Google Search එකක් කරහම (Eg. Unlock Nokia N95) ලැබෙන සමහර ප්‍රතිඵල වලින් තමන්ටම මේ වැඩේ කරගන්න පුළුවන් කියල මම හිතනව.

ඔන්න ඕක තමයි අඩුමිලට දුරකතන ලබාදෙන විදිය.
ඔහේ said…
මිතුරනි,
මෙහි නොදුටු එක් පැතිකඩයක් නම්, මෙම සියළුම දෙනා පාරිභෝගික රැල්ලකට අසුවූවන් බවයි. ප්‍රචාරණය උපයෝගි කොට ඔබට මෙවන් මෙවළම් භාවිතයට උවමනාව ඇති කිරීම සහ පෝලිම් වල ලහින්නන් පිළිබඳ හා හෝ ගෑම, ජනමාධ්‍ය උපයෝගිකොට එය ඉස්මතු කිරීම තුලින් එය සාධාරණීකරණය කිරීම වැනි දෑ තුල ඔබගේ සැබෑ උවමනා අතුරුදහන් වී ඇති බව මගේ හැඟීමයි!
එය එසේ නොවන්නට මෙවන් සටහනක් තැබීම වැදගත් කටයුත්තක් ලෙස ඔබ (බ්ලොග් කතුවරයා) නොසලකා හැර යුතුව තිබුණි.
Unknown said…
ඔහේ ට... ඇත්ත්ටම මට උවමනා වී තිබුනෙ දැනට ලෝකයේ වැඩි දෙනුකු කතා බහා කරන මාතෘකාවක් ගැන සටහනක් තැබීමට පමණයි. එහිදී මා නොදැනුවත්ම හෝ කොහේ හෝ ඇති සමාගමඟකට යම් කිසි ආකාරයකින් කඩේ යාමට සිදුවීම වලක්වන්න බෑ. ඒ වගේම jana පවසන දේ ගැනත් මා වැඩිපුර අවදානයක් යෙදීමට බලාපොරොත්තු වෙනවා.
ඔහේ said…
"ඔහේ ට... ඇත්ත්ටම මට උවමනා වී තිබුනෙ දැනට ලෝකයේ වැඩි දෙනුකු කතා බහා කරන මාතෘකාවක් ගැන සටහනක් තැබීමට පමණයි. එහිදී මා නොදැනුවත්ම හෝ කොහේ හෝ ඇති සමාගමඟකට යම් කිසි ආකාරයකින් කඩේ යාමට සිදුවීම වලක්වන්න බෑ"

- මෙය තේරුම් ගැනීම තුලම ඔබගේ ඇති ස්වාධීනත්වය වැටහේ -

Popular posts from this blog

නාවික හමුදාව මහනුවර වනසයි.

මෙන්න unbeaten kandy team එක අපෙ navy එකෙ කොල්ලො beat කරලා. ලකුණු තත්වය 13ට 14යි. මට නම් මතක ඇති කාලෙක kandy පැරදුනාමයි. අවුරුදු ගානක ඉඳන් ලංකාවේ champion ල නෙ. ඉතින් පොඩ්ඩක් උඩින් තමයි kandy team එකෙ කට්ටිය යන්නෙ එන්නෙ. උන්ගෙ සපෝටර්ල ඊට හපන්. navy team එක මේ ඊයෙ පෙරෙද වෙනකම් මෙලො රහක් නැතිව හිටියෙ. ඒත් ජනාධිපතිතුමාගේ දෙවැනි පුතා, යෝෂිත ඒ කණ්ඩායමට එකතු වුනත් එක්කම ටීම් එකට අලුත් players ටිකක් සෙට් කරගෙන දැන් අලුත් විදියකට කරගෙන යනවා. ඒ අතර ඉස්සර cr එකේ ගැහුව දේව් ආනන්ද් විශේෂයි. ඊයෙත් දේව්ගෙ drop cicks තමයි ජයග්‍රහණයට ගොඩක් බලපෑවේ. නාමලුත් විනාඩි 10ක් විතර play කරා. ඉතින් ගොඩක් අය හිතන් හිටියා නාමල්ලා ගහන හින්ද රෙෆා ඒ පැත්තට අදින්න ඇති කියල. අනෙ මම මැච් එක ඉවරවෙනකම්ම බැලුවා එහෙම කිසිම දෙයක් වුනේ නෑ. navy team එකේ prominence වලින්ම තමයි මැච් එක ගහ ගත්තෙ. ඒ ගැන නම් කිසිම කතාවක් නෑ. මොනා නමුත් හොඳ මැච් එකක්නම් බැලුවා. හැබැයි දෙපැත්තෙම මාර මිස්ටේක් වැඩියි.  ground එකේ පොඩ්ඩක් තෙත ගතියකුත් තිබ්බා. හැමදාම එකම team එකක් දිනන්නෙ නැතිව මේ වගේ තියනවනම් හොඳයි කියල තමයි මට හිතෙන්නෙ. 8618

ජපන් පාඩම 1 - ජපන් අක්ෂර.

(මා මගේ ප්‍රථම සටහනින් සඳහන් කළ ආකාරයට මෙම බ්ලොගය තුළින් මට වේලාවක් ලැබෙන ආකාරයට මා සතු ජපන් භාෂාව පිළිබඳව ඇති දැනුම ඔබ කාඅතරත් බෙදා හදා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමි. ඉතින් මේ ඉන් පළමු සටහනයි.) ජපන් අක්ෂර. ජපන් භාෂාව ඈත අතීතයේදී චීනයේ සිට චීන භාෂාවෙන් පැවත ආ බව සැලකේ. තවමත් චීන අක්ෂර තරමක් වෙනස් වී කන්ජි අක්ෂර(Kanji) ලෙස ජපන් භාෂාවේ භාවිතයේ ඇත. ඊට අමතරව හිරගනා(Hiragana) සහ කතකනා(Katakana) යන අක්ෂරද, භාවිතා කරයි. කන්ජී : සාම්ප්‍රදායික ජපන් වචන ලිවීමට භාවිතා කරයි.බොහෝ විට එක කන්ජියකින් එක වචනයක තේරුමක් ඇත. මෙවැනි කන්ජි 50,000 ක් පමණ ඇතිමුත් සාමාන්‍යයෙන් ඉන් කන්ජි 10,000ක් පමණ භාවිතා කරයි. මීට අමතරව ජපන් රජය විසින් මුද්‍රිත මාධ්‍යවල භාවිතය සඳහා අකුරු 1945 ක් නම් කරන ලදී. මේවා ජෝයෝ කන්ජි ලෙස හඳුන්වයි. හිරඟනා : ජපන් භාෂාවට ආවේනික වචන ලිවීමට මෙය භාවිතා කරයි. කන්ජි වල ශබ්දයද මෙමඟින් ලියා දක්වයි. මෙය අකුරු 46න් සමන්විත වන අතර එක් අකුරකින් එක් ශබ්දයක් පමණක් උපද්දවයි. කතකනා : ජපන් භාෂාවට වෙනත් විදේශීය භාෂා වලින් පැමිනි වචන සහ නම් කතකනා අක්ෂර වලින් ලියයි. මෙයද අකුරු 46න් සමන්විත වේ. * ජපන් බස ඉග...