Skip to main content

මැයි 25 සහ 18

මැයි මාසය මගේ ජීවිතයට ඉතා වැදගත් මාසයක්. ප්‍රධාන හේතුවනම්, මගෙ උපන් දිනය මැයි 25 වන දින වීම්. (ඒ කියන්නෙ ඊයෙ. දැන් මට 31 යි) දෙවන කාරනය තමයි මැයි 18. මැයි 18 කියපුවහම ලොකු කුඩා ඕන කෙනෙක් දන්නවා ඒ දවසේ වැදගත්කම. ඒ අපේ මාතෘභූමිය නිදහස් වූ දිනය( මම නම් දකින්නේ ඒ විදියට). නමුත් මට නම් මැයි 18 දිනට තවත් විශේෂ කාරණයක් යෙදී තිබෙනවා. ඒ තමයි මම විවාහ වූ දිනය. මේ අවුරුද්දේ අපි සැමරුවේ අපේ තෙවන සංවස්තරය. විවාහය සිදුවූයේ 2006 මැයි 18 දින(ඒකට වසර 7ක් බලන් හිටියා). අපේ ප්‍රේමය පටන්ගන්න අඩිතාලම වැටුනෙත් මැයි මාසයේදි. ඒ වෙසක් බලන්න ගිහිල්ලා.

මම වැඩිදුර අධ්‍යාපනය සඳහා ජපානය බලා ගියෙත් මැයි මාසේ. ඒ 20 වෙනිදා. අධ්‍යාපන කටයුතු ඉවරවෙලා ආයෙත් ලංකාවට ආවෙත් මැයි මාසේ. ඒ 18 වෙනිදා.

ඉතින් 18යි 25යි මැයි මාසෙයි මායි ඔන්න ඔහොමයි.

Comments

Supun Sudaraka said…
නියම සම්බන්ධතාවක් නෙව... ඔන්න ඉතින් මාත් පරක්කුවෙලා හරි සුබ උපන්දිනයක් කිව්වා! :)
Anonymous said…
ඔන්න මමත් පරක්කු වෙලා සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරා.
බුදු අම්මො අවුරුදු හතක් ලේසි නෑ.
පුදුමයි....
දන්නෑ නොවැ..ඔන්න සුභ පැතුව මමත් උපන්දිනේට...
ආහ් මේ සුභ පැතුම 3වන විවාහ සංවත්සරයට සහ යාළුවී 7වන සංවත්සරය... ;)))
දෙන්නටම සුභ අනාගතයක් කියලත් හදවතින්ම සුභ පතනවා...
Unknown said…
@ සුපුන් & මනුෂාන්,
බොහෝම ස්තූතියි.

@ ඉ-නැණ පියස,
බොහෝම ස්තූතියි, හැබැයි මේ යන්නේ යාළු වෙලා 10 වෙනි අවුරුද්ද
හරි හරි ඉලග වෙසක් එකට ඉතින් දන්නවනේ...
එහෙනම් ඉතින් අ‍පෙනුත් සුභ පැතුම්..!

සාර්ථක විවාහ දිවියකට,ඔබගේ උපන් දිනයට සහ ලැබේන්න ඉන්න බබාට.
හික් ..හික්...
Deeps said…
සුභ උපන් දියනයක් කිව්වා පරක්කු වෙලා හරි..මේ පාර උපන් දිනෙ පහුවෙලා කිව්වේ කේක් දෙන්න වෙයි කියල නේද?? ඊලග පාර බලාගමු...දෙන්නත් එක්ක සතුටින් ජීවත් වෙන්න මගෙනුත් සුභ පැතුම්!! ජය වේවා
සුභ උපන්දිනයක් වේවා !!!
දෙන්නටම සුභ අනාගතයක් ප්‍රර්ථනා කොරනවා
පැතා said…
සුභ උපන්දිනයක් වේවා! පරක්කුවෙලා සුභ පැතුවට සමාව දෙන්න හොදේ
Anonymous said…
නියම දවස් දෙක නේද... අනාගතයට සුභ පැතුම්.. :)
Unknown said…
ඔබ සියළු දෙනාට ස්තූතියි. ලබන අවුරුද්දේ කොහොම හරි කේක් කපමු.