මගේ හැඟීම අනුව පසුගිය දශකය තුළ අප රට තුළ වැඩියෙන්ම ව්‍යාප්ත වු පාරිභෝගික භාන්ඩය ජංගම දුරකථනය විය යුතුය. පහසු ගෙවීමේ ක්‍රම ඇතිවීම, දිනෙන් දින පහළ යන මිළ ගණන් සහ නොයෙකුත් වෙළඳ ප්‍රචාරන ක්‍රම නිසා එය නොසිතු ලෙස අප රට තුළ සීග්‍රයෙන් වර්ධනය වන්නට වූ අතර සුඛෝපභෝගි භාණ්ඩයක් ලෙස සැලකු "ජංගම දුරකතනය " පහසු මිළකට බාල මහළු කොයි කාටත් කිසිම අපහසුවකින් තොරව ලබාගත හැකි තත්වයකට පත්වී ඇත. නමුත් අපි මේ ව්‍යාප්තියත් සමඟම නිසි ලෙස "ජංගම දුරකතනය " පාවිච්චි කරන සැටිත් ඉගෙන ගත්තාද ? මා මින් අදහස් කරන්නේ දුරකථන වල ඇති යම් යම් features ක්‍රියා කරන හැටි එගෙනීම ගැන නොවේ. යම් දෙයක් පාවිච්චියෙදී අප අනුගමනය කළ යුතු පිළිගත් රීති මලාව ගැනය. සාමාන්‍යයෙන් වෙනත් දියුණු රටවල යම් භාණ්ඩයක් භාවිතයට පැමිණීමත් සමඟ ඔවුන් ඒ හා බැඳුනු යම් පිළිගත් රීති මාලාවකුත් ගොඩ නඟා ගනී. උදාහරණයක් වශයෙන් ප්‍රසිද්ධ ස්ථානවල ජංගම දුරකථන නාදය අඩුකොට තබාගැනීමත්, එවැනි ස්ථානවල ශබ්ද නඟා කතා නොකිරීමත් වැනි දෑ.
නමුත් අප රට තුළ මේ තත්වය කෙසේද? අප දිනපතා ගමන් ගන්නා බසය තුළ හෝ දුම්රිය තුළ මේ තත්වය කෙසේද? බසයට හෝ දුම්රියට ගොඩ වූ මොහොතේ සිට ඉන් බැස යන තුරු කී දෙනෙකුගේ දුරකථන කීපාරක් නාද වෙනවාද? කී දෙනෙක් මහා හයියෙන් රටටම ඇසෙන්නට ඊට පිළිතුරු දෙනවාද? කීදෙනුකුගෙ දුරකතන සංවාද වලට අපට ඇහුන්කම් දෙන්නට සිදුවෙනවාද? ඉතාමත් ගුජුප්සහගත දෙය වන්නේ ඔවුන් අතිශය පුද්ගලික කරුණු පවා මුළු බසයටම ඇසෙන්නට මෙන් සංවාදයේ යෙදීමයි. මේ යටතට පෙම් සංවාද, පවුල් ප්‍රශ්ණ සහ වෙනත් අයෙකුට ඇසෙන්නට කටයුතු නොකල යුතු වැනි දෑ අඩංගු වේ. තවද නිෂ්ශබ්දතාවය ඉහලින්ම රැකිය යුතු සිනමාශාලා, රඟහල් සහ පූජනීය ස්ථානවල පවා මේ තත්වය මෙසේමයි. අඩුම තරමේ ඔවුන්ට දුරකථනයේ නදයවත් අඩුකර තබා ගැනීමට කිසිම උවමනාවක් නැත.
මා පුද්ගලිකව සිතන්නෙ මේවැනි කරුණු ගැන ජනතාව දැනුවත් කළ යුතුය. මේවා සමාජයේ දැවෙන් ප්‍රශ්ණ නොවුනත් යහ සමාජයක් කරා යෑමට මෙවැනි සුළු කරුණු ගැන පවා අප අවධානය යොමු කිරීම යහපත් යැයි මට සිතේ.

Comments
දිගටම ලියන්න. ඔබට ජය!