Skip to main content

අපි ජංගම දුරකථන පාවිච්චි කරන හැටි හරිද?

මගේ හැඟීම අනුව පසුගිය දශකය තුළ අප රට තුළ වැඩියෙන්ම ව්‍යාප්ත වු පාරිභෝගික භාන්ඩය ජංගම දුරකථනය විය යුතුය. පහසු ගෙවීමේ ක්‍රම ඇතිවීම, දිනෙන් දින පහළ යන මිළ ගණන් සහ නොයෙකුත් වෙළඳ ප්‍රචාරන ක්‍රම නිසා එය නොසිතු ලෙස අප රට තුළ සීග්‍රයෙන් වර්ධනය වන්නට වූ අතර සුඛෝපභෝගි භාණ්ඩයක් ලෙස සැලකු "ජංගම දුරකතනය " පහසු මිළකට බාල මහළු කොයි කාටත් කිසිම අපහසුවකින් තොරව ලබාගත හැකි තත්වයකට පත්වී ඇත. නමුත් අපි මේ ව්‍යාප්තියත් සමඟම නිසි ලෙස "ජංගම දුරකතනය " පාවිච්චි කරන සැටිත් ඉගෙන ගත්තාද ? මා මින් අදහස් කරන්නේ දුරකථන වල ඇති යම් යම් features ක්‍රියා කරන හැටි එගෙනීම ගැන නොවේ. යම් දෙයක් පාවිච්චියෙදී අප අනුගමනය කළ යුතු පිළිගත් රීති මලාව ගැනය. සාමාන්‍යයෙන් වෙනත් දියුණු රටවල යම් භාණ්ඩයක් භාවිතයට පැමිණීමත් සමඟ ඔවුන් ඒ හා බැඳුනු යම් පිළිගත් රීති මාලාවකුත් ගොඩ නඟා ගනී. උදාහරණයක් වශයෙන් ප්‍රසිද්ධ ස්ථානවල ජංගම දුරකථන නාදය අඩුකොට තබාගැනීමත්, එවැනි ස්ථානවල ශබ්ද නඟා කතා නොකිරීමත් වැනි දෑ.

නමුත් අප රට තුළ මේ තත්වය කෙසේද? අප දිනපතා ගමන් ගන්නා බසය තුළ හෝ දුම්රිය තුළ මේ තත්වය කෙසේද? බසයට හෝ දුම්රියට ගොඩ වූ මොහොතේ සිට ඉන් බැස යන තුරු කී දෙනෙකුගේ දුරකථන කීපාරක් නාද වෙනවාද? කී දෙනෙක් මහා හයියෙන් රටටම ඇසෙන්නට ඊට පිළිතුරු දෙනවාද? කීදෙනුකුගෙ දුරකතන සංවාද වලට අපට ඇහුන්කම් දෙන්නට සිදුවෙනවාද? ඉතාමත් ගුජුප්සහගත දෙය වන්නේ ඔවුන් අතිශය පුද්ගලික කරුණු පවා මුළු බසයටම ඇසෙන්නට මෙන් සංවාදයේ යෙදීමයි. මේ යටතට පෙම් සංවාද, පවුල් ප්‍රශ්ණ සහ වෙනත් අයෙකුට ඇසෙන්නට කටයුතු නොකල යුතු වැනි දෑ අඩංගු වේ. තවද නිෂ්ශබ්දතාවය ඉහලින්ම රැකිය යුතු සිනමාශාලා, රඟහල් සහ පූජනීය ස්ථානවල පවා මේ තත්වය මෙසේමයි. අඩුම තරමේ ඔවුන්ට දුරකථනයේ නදයවත් අඩුකර තබා ගැනීමට කිසිම උවමනාවක් නැත.

මා පුද්ගලිකව සිතන්නෙ මේවැනි කරුණු ගැන ජනතාව දැනුවත් කළ යුතුය. මේවා සමාජයේ දැවෙන් ප්‍රශ්ණ නොවුනත් යහ සමාජයක් කරා යෑමට මෙවැනි සුළු කරුණු ගැන පවා අප අවධානය යොමු කිරීම යහපත් යැයි මට සිතේ.

Comments

Wiz Kun said…
ඇත්තෙන්ම ඔවු, දැවෙන ප්‍රශ්නයක් නොවේ කියා කිසිවක් ඉවත් කල නොහැකියි. සමාජය ලස්සන කිරීමට මෙවන් සුලු සුලු දේවලුත් වැදගත් වෙනවා.
Anonymous said…
ඔබ මතුකරන කාරණයට මම ත් එකග වෙනවා. සමහරක් පිරිස් වලට ජංගම දුරකථනය ආභරණයක්. බොහෝ විට තමං ලග තියෙන වත් පොහොසත් කම් පෙන්නන්න හදනවා මේ විදිහට හැසිරිලා. හැමෝම නෙමෙයි ටික දෙනෙක්. තවත් පිරිසකට තමං ඉන්නේ කොතනද ,යන්නේ කොහොමද ,කරන්නේ මොනව ද කියලා අවබෝධයක් නෑ.

දිගටම ලියන්න. ඔබට ජය!
Harshana said…
අපි කවුරු කවුරුත් මේ ගැන හිතුව නම් තමා හොද. මන්ද ජංගම දුරකථන පමනක් නොව අනිකුත් ‍දෑද ඒසෙමයි. අනික වැඩ වැඩි වුනහමත් අනවෂ්‍ය දේ කරනව වැඩියි.

Popular posts from this blog

Google Wave 16යි. ඒවා හරිම ලාබයි.

මට Google Wave එකක් හම්බඋනේ දැන මාසයකට විතර උඩදී. සුදාරක මල්ලී තමයි මට invitation එක එවලා තිබුනේ. ඉතින් මට ඕක ලැබිච්ච දවසෙ ඉඳන් මාත් බලන් ඉන්නෙ කාට හරි මගෙ ගානෙ invitation එකක් යවන්නෙ කොහොමද කියලා. මේ ලඟදි wave account එකට ලොග් වෙලා බලද්දී මටත් ඇවිල්ල තිබ්බා ඔය invitation යවන්න පුළුවන් කියන මැසේජ් එක. ඉතින් හරී.. සතුටුයි. ඉතින් ඕක දැක්ක වෙලේ ඉඳන් වටේටම කෝල් ගැහුවා. ඕනෙද කියල අහන්න. මම හිතුවෙ උණු කැවුම් වගෙ යයි කියලා. මොන, මුංගෙ ආඩම්බර. එකෙක්ටවත් එපාලු. එක්කො උන්ට හම්බ වෙලා. නැත්තම් එක එකා කියන ඒවා අහල දාලා බලන්නත් ඉස්සෙල්ලා එපාලු. කාට කියන්නද. තාම එකක්වත් දිගන්න බැරි උනා. facebook twitter වලටත් දැම්මා. ඒත් නෑ. ඉතින් බැරිම තැන තමයි මේ බ්ලොග් එකට දාන්න හිතුවෙ. අනේ කවුරු හරි ඕන එකෙක් ඉන්නවනම් මේල් එක දාලා කොමෙන්ට එකක් දාන්න ප්ලීස්. 8ම දෙනවා.   8යි නෙමෙයි 16යි(පස්සෙ දැක්කෙ).

මැයි 25 සහ 18

මැයි මාසය මගේ ජීවිතයට ඉතා වැදගත් මාසයක්. ප්‍රධාන හේතුවනම්, මගෙ උපන් දිනය මැයි 25 වන දින වීම්. (ඒ කියන්නෙ ඊයෙ. දැන් මට 31 යි) දෙවන කාරනය තමයි මැයි 18. මැයි 18 කියපුවහම ලොකු කුඩා ඕන කෙනෙක් දන්නවා ඒ දවසේ වැදගත්කම. ඒ අපේ මාතෘභූමිය නිදහස් වූ දිනය( මම නම් දකින්නේ ඒ විදියට). නමුත් මට නම් මැයි 18 දිනට තවත් විශේෂ කාරණයක් යෙදී තිබෙනවා. ඒ තමයි මම විවාහ වූ දිනය. මේ අවුරුද්දේ අපි සැමරුවේ අපේ තෙවන සංවස්තරය. විවාහය සිදුවූයේ 2006 මැයි 18 දින(ඒකට වසර 7ක් බලන් හිටියා). අපේ ප්‍රේමය පටන්ගන්න අඩිතාලම වැටුනෙත් මැයි මාසයේදි. ඒ වෙසක් බලන්න ගිහිල්ලා. මම වැඩිදුර අධ්‍යාපනය සඳහා ජපානය බලා ගියෙත් මැයි මාසේ. ඒ 20 වෙනිදා. අධ්‍යාපන කටයුතු ඉවරවෙලා ආයෙත් ලංකාවට ආවෙත් මැයි මාසේ. ඒ 18 වෙනිදා. ඉතින් 18යි 25යි මැයි මාසෙයි මායි ඔන්න ඔහොමයි.

උෂ්නත්වය සහ රාත්‍රී නින්ද (සහ මගෙ ඇඳ)

මේ දවස්වල මාර රස්නෙයි. මං මදුරුවො කනවට නෙට් එකක් දාගෙන නිදාගන්නෙ. තවත් රස්නෙයි. ඉතින් ඔය දෙකම එකතු උනාම නිදාගන්නෙ කොහොමද? fan එක කෙස් ගලවගෙන යන සයිස් එකට දැම්මත් අමාරුයි. මාරම රස්නයක්. හැබැයි ඉතින් සෙට්වෙලා ආපු දවසකට නම් කිසි ප්‍රශ්ණයක් නෑ. බබා වගේ නිදි. ඔය වගෙ මේ ලඟදි සෙට් වෙච්ච දවසක උදෙ නැගිටල බලපුවාම් ඇඳුම් පිටින්ම නිදි. අම්ම ඇවිල්ලා අහනවා "------- උඹ ඊයෙ ගෙදර ආවේ කොහොමද කියලා?" මම මතක් කලා මතක් කලා අම්මට ආපු හැටි කියන්න. ඒත් ඒ වෙලාවෙ මතක් උනේ නෑ :) . හැබැයි ඔහොම හැමදාම වෙන්නෙත් නෑ. එදා සුට්ටක් වැඩි වෙලා.                       මම නිදාගන්නෙත් අමුතු විදියකට(හැමෝම එහෙමද දන්නෙ නෑ) මට ඔලුවට කොට්ටයකුයි, කකුල් දෙක අස්සෙ ගහන්න තව කොට්ටයකුයි ඕනෙ. එහෙම කරන්නෙ පැත්තට හැරිලා නිදා ගන්නකොට කොන්දට එන ප්‍රෙෂර් එක අඩු කර ගන්න. පොඩි කාලෙ රගර් ගහල කොන්දෙ පොඩි අප්සෙට් එකක් තියෙනවා. හැබැයි ඒක තාම කෙලින්. ඒ වාගෙම තමයි රෑට සිංදු අහල headphone එක තියන්නත් ඇදෙ මම පොඩි ඉඩක් හදාගෙන ඉන්නෙ. කොච්චර නින්ද ගියත් කවදාවත් එක තියන තැනට අතවත් යන්නෙ නෑ. headphon...