Skip to main content

අපේ රටේ රගර්

මිත්‍රයණි, මගේ හැඟීමනම් රගර් ක්‍රීඩාව අපේ දේශගුණයට නොගැලපෙන ක්‍රීඩාවකි. එනමුදු මා උග්‍ර රග්බි ක්‍රීඩා ලෝලියෙකි. නමුත් පසුගිය අවුරුදු කිහිපය තුළ ලංකාවෙ පැවැත්වෙන බොහෝ තරඟ නැරඹීමට යන්නට මා අදි මදි කළෙමි. හේතුව බොහෝ පාසල් සහ සමාජ තරඟ තුළ කෙමෙන් කෙමෙන් තිබූ තරඟකාරිත්වය පහව ගිය නිසයි. නමුත් මේ අවුරුද්ද එය යම් තරමකට වෙනස් වී තිබෙන අයුරු පෙනෙන්ට විය. විශේෂයෙන් පසුගිය සතිඅන්ත කිහිපයේදී එය වඩාත් කැපී පෙනෙන්නට විය. පාසල් තරඟ අතරින් රාජකීය හමුවේ ත්‍රිත්ව කණ්ඩායමත්, ශාන්ත තෝමස් හමුවේ රාජකීය කණ්ඩායමත්, ත්‍රිත්ව හමුවේ කිංග්ස්වුඩ් කණ්ඩායමත්, ක්‍රීඩා සමාජ තරඟ අතර CR&FC හමුවේ මහනුවර කණ්ඩායමත් ඉතා හොඳ ජයග්‍රහණ වාර්තා කළේය.

මේ තරඟ සියල්ලක්ම වාගේ රගර් ක්‍රීඩාවේ උසස් ගුණාංග වලින් පොහොසත්ව තිබිණි. ඒ නිසාම වඩා සජීවි තරඟ කිහිපයක් නිර්මාණය වී තිබිණි. මේ නිසා ක්‍රීඩා ලෝලින් නැවත ක්‍රීඩාගාර තුළට ඒමට පටන්ගන්නට විය. තවත් විශේෂිත කාර‍නයක් වුයේ වඩා උචිත විනිසුරුවන් මෙම තීරණාත්මක තරඟ සඳහා යොදා තිබීමයි. සමහර විණිසුරුවන් ඒ ඒ තරඟ සඳහාම විදේශ රටවලින් ගෙනවාගෙන තිබුණි. ඒ අතරම අයි නාළිකාව මේ තරඟ සියල්ලක්ම වාගේ සජීවි ලෙස විකාෂය කළේය. රටක් වශයෙන් දිනෙන් දින අගාදයට යන අප රට තුළ වුවත් රගර් ක්‍රීඩාවෙ යටිතළ පහසුකම් තවමත් හොඳින් පවත්වා ගෙන යන බවට සමහර නිදසුන් ඒ. මේ අවස්තාවේදී මා ඒ ගැන ඉතා ආත්මාර්ථකාමි ලෙස තෘප්තිමත්‍ වෙමි. ඒ වාගේම ඉතාම නිහතමානි ලෙස අපේ රටේ රගර් ක්‍රීඩාවේ අනාගතය ගැනද මා තෘප්තිමත් වෙමි.

Comments

fossurgeon said…
චමිපික,

බ්‍ලොග් එකක ක්‍රීඩා ගැන කියනවා අසන්නත් ආසයි!

පිටරට විනිශ්‍යකරුවන් ගෙන ඒම හොඳ රුකුලක්. මීට හේතුව, සමහර තරඟ වල ගැටලු හා "යුද්ධ"(!) ඇතිවීමට ඔවුන් බොහෝ විට හේතු වූ බැවිනි.

Popular posts from this blog

Google Wave 16යි. ඒවා හරිම ලාබයි.

මට Google Wave එකක් හම්බඋනේ දැන මාසයකට විතර උඩදී. සුදාරක මල්ලී තමයි මට invitation එක එවලා තිබුනේ. ඉතින් මට ඕක ලැබිච්ච දවසෙ ඉඳන් මාත් බලන් ඉන්නෙ කාට හරි මගෙ ගානෙ invitation එකක් යවන්නෙ කොහොමද කියලා. මේ ලඟදි wave account එකට ලොග් වෙලා බලද්දී මටත් ඇවිල්ල තිබ්බා ඔය invitation යවන්න පුළුවන් කියන මැසේජ් එක. ඉතින් හරී.. සතුටුයි. ඉතින් ඕක දැක්ක වෙලේ ඉඳන් වටේටම කෝල් ගැහුවා. ඕනෙද කියල අහන්න. මම හිතුවෙ උණු කැවුම් වගෙ යයි කියලා. මොන, මුංගෙ ආඩම්බර. එකෙක්ටවත් එපාලු. එක්කො උන්ට හම්බ වෙලා. නැත්තම් එක එකා කියන ඒවා අහල දාලා බලන්නත් ඉස්සෙල්ලා එපාලු. කාට කියන්නද. තාම එකක්වත් දිගන්න බැරි උනා. facebook twitter වලටත් දැම්මා. ඒත් නෑ. ඉතින් බැරිම තැන තමයි මේ බ්ලොග් එකට දාන්න හිතුවෙ. අනේ කවුරු හරි ඕන එකෙක් ඉන්නවනම් මේල් එක දාලා කොමෙන්ට එකක් දාන්න ප්ලීස්. 8ම දෙනවා.   8යි නෙමෙයි 16යි(පස්සෙ දැක්කෙ).

කාලෙකට පස්සේ

කාලෙකට පස්සේ blog account  එක පැත්තෙ ආවෙ.   හරියටම කිව්වොත් අවු එකා මාරකින් විතර.   දැන් SBU එකෙත් නැති නිසා කවුරුත් මගේ එකා බලන්න එන්නෙත් නැනේ. මම හිතන්නේ blog post නැති නිසා මාව කපල දාලා. කමක් නෑ මොකෙක් හරි මේක දකිනෙ. මේ දවස් වල නම් ජිවිතේ අන්තිමට තිත්ත වෙලා ඉන්නේ.මෙලෝ රහක් නෑ.   කරදර පිට කරදර ඉවරයක් නෑ. ඒ මදිවට   ජොබ් එක නැතුව මාස ගානක් හිටියා. කොහොම හරි ගෙදර ප්‍රශ්නත් ටිකක් හරි ගියාට   පස්සේ අයෙට්ඔලුව හදාගෙන  ජොබ් එකක් කරන්න හිතුවා. හරි දැන් ඉතින් කොහොම හරි පරණ පුරුදු විදියට ජිඉවත් වෙන්න පටන් ගන්න ඕනේ.

දැන් blogger templete හදන්න පට්ට ලේසියි

දැන් blogger templete අපිටම කියල හදාගන්න පුළුවන්. මාර ලේසියි. දෙන්නෙත් blogger site එකෙන්ම තමයි. හැබැයි sighn in වෙන්න ඕනෙ blogger in draft account එකෙන්. හිතන්න දෙයක් නෑ. blogger account එකක් තියෙනවනම් නිකම්ම මේකට යන්න පුළුවන්. යන්න මෙතනින් . ඊට පස්සෙ Layout > Page Elements වලට. ගියහම ඇති Template Desighner කියල tab එකක්. යන්න ඒකට. ඊට පස්සෙ වෙන දේ මම ලියල කියනවට වඩා මේ වීඩියොව බැලුවම ලේසියෙන් දැන ගන්න පුළුවන්. මට නම මාර happy. මම උග්‍ර blogger fan කෙනෙක්. හැබැයි තාම අත්හද බලන්න බැරි උනා. මාර busy. 7455