
එක්දින තරඟ ඉතිහාසයේම මේ දස්කම කල හතරවැන්නා ඔහුයි. ඔහුට ඉහලින් සිටින්නේ වසීම්, වකාර් සහ මුරලි පමණි. එම ලයිස්තුවේ ලෝක පූජිත වේග පන්දුයවන්නන් වන පොලොක් සහ මැක්ග්‍රාත් පවා සිටින්නේ වාස්ට පහලින්ය. ඒත් ඔවුන් වාස්ට අඩු තරඟ පරමාණක් ක්‍රීඩා කොට තරඟ බිමින් ඉවත්වී සිටී. අපේ වාස් ඔවුන්ට වඩා වැඩි තරඟ ප්‍රමාණයක් ක්‍රීඩා කර තවමත් ක්‍රීඩා කරමින් සිටියි. ඊටත් ප්‍රධාන හේතුවක් ඇත. මා දන්නා තරමින් වාස් කවදාවත් ආබාද වලට ලක්වී නැත. ඒ ඔහු තම ශරීර සෞඛ්‍යය ගැන දැඩි කැපවීමකින් සිටින නිසාය.
අපේ මුල්ම එතෙර ටෙස්ට් ජයග්‍රහණයේ සිට අද දක්වාම ඔහු අපේ ප්‍රධාන වේගපන්දු යවන්නාය. වේගපන්දු යවන්නන්ට වැඩි සහයක් නොදක්වන අපේ තණතිළි වල පවා ඔහු හොඳින් කඩුළු අතර සිටියේය. මෙතෙක් එක්දින තරඟයකදී වැඩිම කඩුළු ප්‍රමාණයක් ලබා ගත්තේද මේ වාතාවරණය තුළය. මේ ඔහු සතු පණ්දුව ගුවනේ දෝලනය කිරීමේ විශේෂ හැකියාව නිසාය. ඊට අමතරව මේ පන්දු යැවීමට ඔහු සතු ක්‍රිකට් ක්‍රීඩාව ගැන ඇති දැනුමද උපක්‍රමශීලිව යොදා ගන්නා සැටි අප දැක ඇත්තෙමු. මුළු ලොවම ඔහුගේ හැකියාන් ගැන දැන සිටින අතර ඒ ගැන නිතරම ඉතා ගෞරවයෙන් කතා කරයි.
දැන් අප කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගෙන් අඩුවක් නැත. මා සිතන ආකරයට මේ සියළු දෙනාටම ගුරුවරයෙක් වී සිටින්නේ අපේ මේ වාස් ය. මගේ හැඟීම නම් වාස් ගැන ඕනැවට වඩා මා පැහැදිලි කරන්නට අවශ්‍ය නැත. ඒ ඔබ සියළු දෙනා ඔහු ගැන මටත් වඩා හොඳට ඔහු ගැන දනනා බව මා දන්න නිසාය. මගේ අවංක හැඟීම නම් අපි සියළු දෙනා මේ ශ්‍රී ලාංකිකයා ගැන ආඩම්බර විය යුතු බවයි.
Comments