Skip to main content

වාස්ට 400යි!

මේ ලිපිය ලියන්න කියලා දැන් සතියක් විතර වුනා. නමුත් වේලාවක් හම්බවුනේ නෑ. දැන් පරක්කු වැඩියි. ඒත් නොලියා කොහොමද? අපේ චමින්ද වාස් එක්දින කඩුළු 400ක් අරන්. මේක ලෝක වාර්තාවක් නෙමේ. ඒත් මගේ හැඟීම නම් මෙය මුරලිගේ වැඩිම ටෙස්ට් කඩුළු ලෝක වාර්තාව වගේම අපිට ඉතා වැදගත් දෙයක්. ඇයි මම එහෙම කියන්නේ? ඒක ලෝක වාර්තාවකුත් නෙමෙයිනම් ඇයි ඒක එතරම් වැදගත් වෙන්නේ. ඒ රොමේෂ් රත්නායකගෙන් පසු යාන්තම් බෝලෙ දිස්නය යවාගන්න විතරක් වේගපන්දු යවන්නන් යොදාගන්න පුරුදුව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නිත්‍ය කඩුළු අතර සිටින වේගපන්දු යවන්නෙක් වී කළ සේවයට ඔහුට ලැබී ඇති ඉහළම සම්මානය මේක නිසයි. මගේ මතකයේ ඇති සමහර තරඟ වල කණ්ඩායමේ ක්‍රීඩා කලේ එක වේග පන්දු යවන්නෙක් පමණි. ඒ වාස්‍ ය.

එක්දින තරඟ ඉතිහාසයේම මේ දස්කම කල හතරවැන්නා ඔහුයි. ඔහුට ඉහලින් සිටින්නේ වසීම්, වකාර් සහ මුරලි පමණි. එම ලයිස්තුවේ ලෝක පූජිත වේග පන්දුයවන්නන් වන පොලොක් සහ මැක්ග්‍රාත් පවා සිටින්නේ වාස්ට පහලින්ය. ඒත් ඔවුන් වාස්ට අඩු තරඟ පරමාණක් ක්‍රීඩා කොට තරඟ බිමින් ඉවත්වී සිටී. අපේ වාස් ඔවුන්ට වඩා වැඩි තරඟ ප්‍රමාණයක් ක්‍රීඩා කර තවමත් ක්‍රීඩා කරමින් සිටියි. ඊටත් ප්‍රධාන හේතුවක් ඇත. මා දන්නා තරමින් වාස් කවදාවත් ආබාද වලට ලක්වී නැත. ඒ ඔහු තම ශරීර සෞඛ්‍යය ගැන දැඩි කැපවීමකින් සිටින නිසාය.

අපේ මුල්ම එතෙර ටෙස්ට් ජයග්‍රහණයේ සිට අද දක්වාම ඔහු අපේ ප්‍රධාන වේගපන්දු යවන්නාය. වේගපන්දු යවන්නන්ට වැඩි සහයක් නොදක්වන අපේ තණතිළි වල පවා ඔහු හොඳින් කඩුළු අතර සිටියේය. මෙතෙක් එක්දින තරඟයකදී වැඩිම කඩුළු ප්‍රමාණයක් ලබා ගත්තේද මේ වාතාවරණය තුළය. මේ ඔහු සතු පණ්දුව ගුවනේ දෝලනය කිරීමේ විශේෂ හැකියාව නිසාය. ඊට අමතරව මේ පන්දු යැවීමට ඔහු සතු ක්‍රිකට් ක්‍රීඩාව ගැන ඇති දැනුමද උපක්‍රමශීලිව යොදා ගන්නා සැටි අප දැක ඇත්තෙමු. මුළු ලොවම ඔහුගේ හැකියාන් ගැන දැන සිටින අතර ඒ ගැන නිතරම ඉතා ගෞරවයෙන් කතා කරයි.

දැන් අප කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගෙන් අඩුවක් නැත. මා සිතන ආකරයට මේ සියළු දෙනාටම ගුරුවරයෙක් වී සිටින්නේ අපේ මේ වාස් ය. මගේ හැඟීම නම් වාස් ගැන ඕනැවට වඩා මා පැහැදිලි කරන්නට අවශ්‍ය නැත. ඒ ඔබ සියළු දෙනා ඔහු ගැන මටත් වඩා හොඳට ඔහු ගැන දනනා බව මා දන්න නිසාය. මගේ අවංක හැඟීම නම් අපි සියළු දෙනා මේ ශ්‍රී ලාංකිකයා ගැන ආඩම්බර විය යුතු බවයි.

Comments

Popular posts from this blog

Google Wave 16යි. ඒවා හරිම ලාබයි.

මට Google Wave එකක් හම්බඋනේ දැන මාසයකට විතර උඩදී. සුදාරක මල්ලී තමයි මට invitation එක එවලා තිබුනේ. ඉතින් මට ඕක ලැබිච්ච දවසෙ ඉඳන් මාත් බලන් ඉන්නෙ කාට හරි මගෙ ගානෙ invitation එකක් යවන්නෙ කොහොමද කියලා. මේ ලඟදි wave account එකට ලොග් වෙලා බලද්දී මටත් ඇවිල්ල තිබ්බා ඔය invitation යවන්න පුළුවන් කියන මැසේජ් එක. ඉතින් හරී.. සතුටුයි. ඉතින් ඕක දැක්ක වෙලේ ඉඳන් වටේටම කෝල් ගැහුවා. ඕනෙද කියල අහන්න. මම හිතුවෙ උණු කැවුම් වගෙ යයි කියලා. මොන, මුංගෙ ආඩම්බර. එකෙක්ටවත් එපාලු. එක්කො උන්ට හම්බ වෙලා. නැත්තම් එක එකා කියන ඒවා අහල දාලා බලන්නත් ඉස්සෙල්ලා එපාලු. කාට කියන්නද. තාම එකක්වත් දිගන්න බැරි උනා. facebook twitter වලටත් දැම්මා. ඒත් නෑ. ඉතින් බැරිම තැන තමයි මේ බ්ලොග් එකට දාන්න හිතුවෙ. අනේ කවුරු හරි ඕන එකෙක් ඉන්නවනම් මේල් එක දාලා කොමෙන්ට එකක් දාන්න ප්ලීස්. 8ම දෙනවා.   8යි නෙමෙයි 16යි(පස්සෙ දැක්කෙ).

කාලෙකට පස්සේ

කාලෙකට පස්සේ blog account  එක පැත්තෙ ආවෙ.   හරියටම කිව්වොත් අවු එකා මාරකින් විතර.   දැන් SBU එකෙත් නැති නිසා කවුරුත් මගේ එකා බලන්න එන්නෙත් නැනේ. මම හිතන්නේ blog post නැති නිසා මාව කපල දාලා. කමක් නෑ මොකෙක් හරි මේක දකිනෙ. මේ දවස් වල නම් ජිවිතේ අන්තිමට තිත්ත වෙලා ඉන්නේ.මෙලෝ රහක් නෑ.   කරදර පිට කරදර ඉවරයක් නෑ. ඒ මදිවට   ජොබ් එක නැතුව මාස ගානක් හිටියා. කොහොම හරි ගෙදර ප්‍රශ්නත් ටිකක් හරි ගියාට   පස්සේ අයෙට්ඔලුව හදාගෙන  ජොබ් එකක් කරන්න හිතුවා. හරි දැන් ඉතින් කොහොම හරි පරණ පුරුදු විදියට ජිඉවත් වෙන්න පටන් ගන්න ඕනේ.

දැන් blogger templete හදන්න පට්ට ලේසියි

දැන් blogger templete අපිටම කියල හදාගන්න පුළුවන්. මාර ලේසියි. දෙන්නෙත් blogger site එකෙන්ම තමයි. හැබැයි sighn in වෙන්න ඕනෙ blogger in draft account එකෙන්. හිතන්න දෙයක් නෑ. blogger account එකක් තියෙනවනම් නිකම්ම මේකට යන්න පුළුවන්. යන්න මෙතනින් . ඊට පස්සෙ Layout > Page Elements වලට. ගියහම ඇති Template Desighner කියල tab එකක්. යන්න ඒකට. ඊට පස්සෙ වෙන දේ මම ලියල කියනවට වඩා මේ වීඩියොව බැලුවම ලේසියෙන් දැන ගන්න පුළුවන්. මට නම මාර happy. මම උග්‍ර blogger fan කෙනෙක්. හැබැයි තාම අත්හද බලන්න බැරි උනා. මාර busy. 7455