හරිම කම්මැලි දවස් ටිකක්. ඊයෙ නම් මලින්තට මාර වදයක් දීලා මොබයිල් ෆෝන් එක අප්ඩේට් කරගත්තා. අද උදේ ඉදන් කලේ windows 7 පාවිච්චි කරලා බලපු එක. දැනටනම් ඒ ගැන ඉතා පැහැදීමෙන් ඉන්නේ. පසුගිය ටිකේ aXXo ගෙ පිහිටෙන් හොන්ද ෆිල්ම් ටිකකුත් බැලුවා. පරන twitter account එකක් තියෙද්දිම අලුත් එකක් හදල පොඩි පොඩි updates වගයක් කළා. ඒකත් ඩිගටම කරන්න කම්මැලියි. මාර වැඩක් වෙලා තියෙන්නෙ.
මට Google Wave එකක් හම්බඋනේ දැන මාසයකට විතර උඩදී. සුදාරක මල්ලී තමයි මට invitation එක එවලා තිබුනේ. ඉතින් මට ඕක ලැබිච්ච දවසෙ ඉඳන් මාත් බලන් ඉන්නෙ කාට හරි මගෙ ගානෙ invitation එකක් යවන්නෙ කොහොමද කියලා. මේ ලඟදි wave account එකට ලොග් වෙලා බලද්දී මටත් ඇවිල්ල තිබ්බා ඔය invitation යවන්න පුළුවන් කියන මැසේජ් එක. ඉතින් හරී.. සතුටුයි. ඉතින් ඕක දැක්ක වෙලේ ඉඳන් වටේටම කෝල් ගැහුවා. ඕනෙද කියල අහන්න. මම හිතුවෙ උණු කැවුම් වගෙ යයි කියලා. මොන, මුංගෙ ආඩම්බර. එකෙක්ටවත් එපාලු. එක්කො උන්ට හම්බ වෙලා. නැත්තම් එක එකා කියන ඒවා අහල දාලා බලන්නත් ඉස්සෙල්ලා එපාලු. කාට කියන්නද. තාම එකක්වත් දිගන්න බැරි උනා. facebook twitter වලටත් දැම්මා. ඒත් නෑ. ඉතින් බැරිම තැන තමයි මේ බ්ලොග් එකට දාන්න හිතුවෙ. අනේ කවුරු හරි ඕන එකෙක් ඉන්නවනම් මේල් එක දාලා කොමෙන්ට එකක් දාන්න ප්ලීස්. 8ම දෙනවා. 8යි නෙමෙයි 16යි(පස්සෙ දැක්කෙ).
Comments