"ඇඟ ටිකක් දාලා වගේ නේද?" උස සිහින් අහිංසක සිරුරක් තිබුනු මට දැන් දැන් අහන්න ලැබෙන්නෙ ඔවැනි කතා. ඇත්තටම ඇඟ නම් ටිකක් වැඩි තමයි. ඒකට හේතුව ගන්න අහාර වල ප්‍රමාණය කෙසෙ වෙතත් ඇඟ පත නොවෙහෙසවා සිටීම නිසාද කොහෙද. රැකියාවෙන් ඉහලට යන්න යන්න මුහුණ පාන්න වුන ප්‍රධාන ප්‍රශ්ණය ඒකයි. ඉතින් බෙහොම අමාරුවෙන් හිත හදාගෙන ව්‍යායම වල ටිකක් විතර නිරත වෙන්න තීරණය කරලා පසුගිය දිනවල පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් එකේ දුවන්න පටන් ගත්තා. කිව්වා වගේ හිත හදා ගත්තේ බොහෝම අමාරුවෙන්. හරිම කම්මැලියි. පස්සට දාලා පස්සට දාලා කොහොම හරි දුවන්න පටන් ගත්තා. දෙයියනේ කියලා සතියක් විතර හොඳට එක්ස්සයිස් කලා. ඒත් හිත හරියාගෙන එනකොටම මේ දිනවල වහින මේ වැස්ස පටන් ගත්තා. පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් තනිකර මඩ වගුරක් වෙලා. ඒ මදිවට හැමදාම වහිනවා. දුවනවා තියා හිතාගන්නවත් බැහැ. දැන් හරියට සති එකාමාරක් විතර. ඔන්න ඔය වගේ මගේ ඇඟ අඩු කිරීමේ මහා ක්‍රියාවලිය අඩපණවෙලා ගියා. ආයි වැස්ස පායපු දවසකට ආයෙත් හිත හදාගන්න එක තමයි ප්‍රශ්නය.
මට Google Wave එකක් හම්බඋනේ දැන මාසයකට විතර උඩදී. සුදාරක මල්ලී තමයි මට invitation එක එවලා තිබුනේ. ඉතින් මට ඕක ලැබිච්ච දවසෙ ඉඳන් මාත් බලන් ඉන්නෙ කාට හරි මගෙ ගානෙ invitation එකක් යවන්නෙ කොහොමද කියලා. මේ ලඟදි wave account එකට ලොග් වෙලා බලද්දී මටත් ඇවිල්ල තිබ්බා ඔය invitation යවන්න පුළුවන් කියන මැසේජ් එක. ඉතින් හරී.. සතුටුයි. ඉතින් ඕක දැක්ක වෙලේ ඉඳන් වටේටම කෝල් ගැහුවා. ඕනෙද කියල අහන්න. මම හිතුවෙ උණු කැවුම් වගෙ යයි කියලා. මොන, මුංගෙ ආඩම්බර. එකෙක්ටවත් එපාලු. එක්කො උන්ට හම්බ වෙලා. නැත්තම් එක එකා කියන ඒවා අහල දාලා බලන්නත් ඉස්සෙල්ලා එපාලු. කාට කියන්නද. තාම එකක්වත් දිගන්න බැරි උනා. facebook twitter වලටත් දැම්මා. ඒත් නෑ. ඉතින් බැරිම තැන තමයි මේ බ්ලොග් එකට දාන්න හිතුවෙ. අනේ කවුරු හරි ඕන එකෙක් ඉන්නවනම් මේල් එක දාලා කොමෙන්ට එකක් දාන්න ප්ලීස්. 8ම දෙනවා. 8යි නෙමෙයි 16යි(පස්සෙ දැක්කෙ).
Comments