Skip to main content

Dr House සහ මම

ඊයෙ මහ අමුතු දවසකි. පටන් ගත්තේ බෝම්බයත් සමඟ සිදුවූ විනාශයේ තොරතුරුත් එක්කම. දහවල් කාලය මුළුල්ලේම එළිමහනේ සිටීමට සිදු වූ නිසා සිරුර වාරු නැති ගානය.(මේ දවස්වල කාලගුණය ගැන ආයි අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ). වෙනදා වගේම දිනය අවසානය රූපවාහිණිය ඉදිරියේ (නිදිමරගාතේ) වාණිජකරනයට ලක් වූ තොරතුරු උරාගනිමින්. ඒ අතර කුඩා දරුවෙකුගේ ජීවිතය බේරා ගැනීමට උත්සහ දරන දොස්තරවරු කිහිපදෙනෙක්. උපක්‍රමශීලී, නිර්මාණශීලි ටෙලි නාට්‍යයේ නිසාම සියළු දේ සාර්ථකව නිම වන සිදුවීම් පෙළක්.(හැමතිස්සෙම එහෙමනේ) හොලිවුඩ්වල කවුදෝ අධ්‍යක්ෂකවරයෙකුගේ උවමනාවට රඟන නළුනිළි කැළක්. සතිපතා විකාශණය වන නාට්‍යමාළාවක තවත් එක් කොටසක්. ඒත් මේ සියළු දේ දැන සිටි මා අඩසිහියෙන්. දවසේ සිදු වූ සියළු සිදුවීම් සති ගණනක් පරණ සිදුවීම් වැනිය. මා සිටින්නේද Dr House සිටින ඒ රෝහලේම ඇතුලේය. දැරිය බේරා ගැනීමට මාගෙ සිතත් අරගලයක යෙදී සිටින ආකාරයකි. මා එතරම්ම ඊට ඇලී ගැලී සිටියේය. මේ ඊයෙ රාත්‍රියේ විකාශය වූ House MD බලා සිටි මට වෙච්ච දේයි.

Comments

Bo said…
ආ dr house ගැන ඊයේ තිබ්බ ලෙක්චර් එකකදිත් මතක් කලා "idiopathic means we are idiots !" කියන වාක්‍ය ඛන්ඩය ගැන . කොහොම කොහොම හරි රූපවාහිනියට නරඹන දෙයට අපේ හිත නතු වෙනවා. දවස පුරා කල කී දෑ සිහිනෙන් පෙනෙන්න ගන්නවා. හවුස් මම ඉතා කැමැත්තෙන් බලන්නේ එහි medical matters ගැබ්වී තිබෙන නිසා. ඔබේ බ්ලොග් අඩවිය හොඳයි. කියවන්න බොහෝ දේ තියෙනවා.බ්ලොග් ලියමනේ යෙදෙන්න ඔබට සුභ පැතුම්.