ඊයෙ මහ අමුතු දවසකි. පටන් ගත්තේ බෝම්බයත් සමඟ සිදුවූ විනාශයේ තොරතුරුත් එක්කම. දහවල් කාලය මුළුල්ලේම එළිමහනේ සිටීමට සිදු වූ නිසා සිරුර වාරු නැති ගානය.(මේ දවස්වල කාලගුණය ගැන ආයි අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ). වෙනදා වගේම දිනය අවසානය රූපවාහිණිය ඉදිරියේ (නිදිමරගාතේ) වාණිජකරනයට ලක් වූ තොරතුරු උරාගනිමින්. ඒ අතර කුඩා දරුවෙකුගේ ජීවිතය බේරා ගැනීමට උත්සහ දරන දොස්තරවරු කිහිපදෙනෙක්. උපක්‍රමශීලී, නිර්මාණශීලි ටෙලි නාට්‍යයේ නිසාම සියළු දේ සාර්ථකව නිම වන සිදුවීම් පෙළක්.(හැමතිස්සෙම එහෙමනේ) හොලිවුඩ්වල කවුදෝ අධ්‍යක්ෂකවරයෙකුගේ උවමනාවට රඟන නළුනිළි කැළක්. සතිපතා විකාශණය වන නාට්‍යමාළාවක තවත් එක් කොටසක්. ඒත් මේ සියළු දේ දැන සිටි මා අඩසිහියෙන්. දවසේ සිදු වූ සියළු සිදුවීම් සති ගණනක් පරණ සිදුවීම් වැනිය. මා සිටින්නේද Dr House සිටින ඒ රෝහලේම ඇතුලේය. දැරිය බේරා ගැනීමට මාගෙ සිතත් අරගලයක යෙදී සිටින ආකාරයකි. මා එතරම්ම ඊට ඇලී ගැලී සිටියේය. මේ ඊයෙ රාත්‍රියේ විකාශය වූ House MD බලා සිටි මට වෙච්ච දේයි.
මට Google Wave එකක් හම්බඋනේ දැන මාසයකට විතර උඩදී. සුදාරක මල්ලී තමයි මට invitation එක එවලා තිබුනේ. ඉතින් මට ඕක ලැබිච්ච දවසෙ ඉඳන් මාත් බලන් ඉන්නෙ කාට හරි මගෙ ගානෙ invitation එකක් යවන්නෙ කොහොමද කියලා. මේ ලඟදි wave account එකට ලොග් වෙලා බලද්දී මටත් ඇවිල්ල තිබ්බා ඔය invitation යවන්න පුළුවන් කියන මැසේජ් එක. ඉතින් හරී.. සතුටුයි. ඉතින් ඕක දැක්ක වෙලේ ඉඳන් වටේටම කෝල් ගැහුවා. ඕනෙද කියල අහන්න. මම හිතුවෙ උණු කැවුම් වගෙ යයි කියලා. මොන, මුංගෙ ආඩම්බර. එකෙක්ටවත් එපාලු. එක්කො උන්ට හම්බ වෙලා. නැත්තම් එක එකා කියන ඒවා අහල දාලා බලන්නත් ඉස්සෙල්ලා එපාලු. කාට කියන්නද. තාම එකක්වත් දිගන්න බැරි උනා. facebook twitter වලටත් දැම්මා. ඒත් නෑ. ඉතින් බැරිම තැන තමයි මේ බ්ලොග් එකට දාන්න හිතුවෙ. අනේ කවුරු හරි ඕන එකෙක් ඉන්නවනම් මේල් එක දාලා කොමෙන්ට එකක් දාන්න ප්ලීස්. 8ම දෙනවා. 8යි නෙමෙයි 16යි(පස්සෙ දැක්කෙ).
Comments