Skip to main content

හරක් මස් නම් එපා!

දැන් දැන් නිතර ඇහෙන කතාවක් ඕක. අනේ මචං හරක් මස් නම් එපා.. (set වෙන්න ගියත් ඕක තමයි.) ඒත් මුං අනිත් මස් ජාති, මාළු කෑම වලට හොඳට පහර දෙනවා. හරියට ඒවට පව් නෑ වගේ. හැබැයි හරක් මස් නම් පව්.

ඇත්ත තමයි අපේ සංස්කෘතියේ හැටියට හරක කියන්නේ විශේෂ සත්වයෙක් තමයි. ඒත් මට පෙන්නන්න බැරි මුං අනිත් සතුන්ගෙ කෑම හොඳට රහ කර කර කන ගමන් හරකගෙ පව ගැන කතා කරන එක ගැනයි. මේ ඔක්කොම නොකා ඉඳපං කියලා එකෙක්වත් කියන්නේ නෑනෙ.

Comments

Anonymous said…
එකට හෙතුව කමයි කමන්ගේ මස් කවකෙකු කනවාට ඇකි අකමැත්ත
මගේ යාළුවෙක් ඉන්නවා. ඌ හරක් මස් කනවා. හාල්මැස්සො කන්නෙ නැහැ. හේතුව තමයි පව බෙදිලා යෑම. ඌ කියන්නෙ හරක කිලෝ 250 ලූ. එතකොට පවෙන් 1/250 ලූ ඌට එන්නෙ. හාල්මැස්සො කනකොට අඩුම ගානෙ 30 වත් කනවලූ එතකොට පව් 30 වෙනවලූ. ඇත්ත වගේ නිකන්........
අපි හරක් මස් පිළිකෙව් කරන්නේ අපේ කෘෂිකාර්මික පදනම සහ අසල්වැසි රටේ හින්දු ආගමික බලපෑම නිසා. ඉස්සර කෘෂිකර්මය සමග ගවයා දැඩි ලෙස බද්ධ වෙලා තිබුණා. ඒ වගේ ම හින්දු බලපෑම උග්‍රවීමත් සමග අපට පොළොන්නරු යුගයේ සඳකඩ පහනින් පවා ගවයා ඉවත් කරන්න සිද්ධ වුණා. ඒ වගේ ම මම අහලා තියෙනවා ගව මස් තහනම් මස් වර්ග අතරට බුදු හාමුරුවොත් නම් කළා කියලා. මේවා තමා මම දකින හේතු. අපට මුස්ලිම් බලපෑම වැඩි වුණා නම් ඌරු මසුත් පිළිකෙව් කරන්න ඉඩතිබුණා.

ඔයාගේ ටෙම්ප්ලේට් එක නම් පුල් අෆ්ෂට්. (තරහවෙන්න එපා එහෙම කිවාට. කියවන්න ලේසි එකක් දාන්න)
Narada said…
අපේ රට තනියව ගොඩ නැගුණු රටක් නොවේ, ඉන්දියාවේත් ආභාෂය ලැබ ගොඩ නැගී ආ එකකි, වෙනත් සතුන්ට සාපේක්ෂව ගවයා වෙනස් සතෙකි, සුද්දන්ගේ මිණුමට අනුව ඔහුට ඒ තත්වය නැති වුණාට අපේ සංස්කෘතිය තුල තිබ්බා. ඒ බව තේරුම් නොගෙන මස් කෑමට ඇති ගිජු බවින් කියන කතාවට කණගාටුයි.

ඔබේ තිරය වෙනස් කරන්න, මාද එය පාවිච්චි කලාට කියැවිමට ඇති අපහසුව නිසා වෙනස් කලේමි.
Unknown said…
@ බින්කු මල්ලී,

පොඩ්ඩක් post එක අයෙත් කියවා බලන්න. මට මස් කෑමට විශේෂ ගිජුකමක් නැත. මා මෙයින් පෙන්වා දෙන්න හැදුවේ මගේ පුද්ගල අත්දැකීම් අනුව ගොඩ නැගුනු මතයකි. එනම් මිනිසුන් අනෙකුත් මස් වර්ගවලට සාපේක්ෂව හරක් මස් කෑමට විශේෂ බියක් දක්වීමයි. එමඟින් මා ඔවුන්ට "කමක් නෑ හරක් මස් කාපල්ලා" කියල කියන්නේ නෑ. ආයිත් කියවා බලන්න.

Popular posts from this blog

Google Wave 16යි. ඒවා හරිම ලාබයි.

මට Google Wave එකක් හම්බඋනේ දැන මාසයකට විතර උඩදී. සුදාරක මල්ලී තමයි මට invitation එක එවලා තිබුනේ. ඉතින් මට ඕක ලැබිච්ච දවසෙ ඉඳන් මාත් බලන් ඉන්නෙ කාට හරි මගෙ ගානෙ invitation එකක් යවන්නෙ කොහොමද කියලා. මේ ලඟදි wave account එකට ලොග් වෙලා බලද්දී මටත් ඇවිල්ල තිබ්බා ඔය invitation යවන්න පුළුවන් කියන මැසේජ් එක. ඉතින් හරී.. සතුටුයි. ඉතින් ඕක දැක්ක වෙලේ ඉඳන් වටේටම කෝල් ගැහුවා. ඕනෙද කියල අහන්න. මම හිතුවෙ උණු කැවුම් වගෙ යයි කියලා. මොන, මුංගෙ ආඩම්බර. එකෙක්ටවත් එපාලු. එක්කො උන්ට හම්බ වෙලා. නැත්තම් එක එකා කියන ඒවා අහල දාලා බලන්නත් ඉස්සෙල්ලා එපාලු. කාට කියන්නද. තාම එකක්වත් දිගන්න බැරි උනා. facebook twitter වලටත් දැම්මා. ඒත් නෑ. ඉතින් බැරිම තැන තමයි මේ බ්ලොග් එකට දාන්න හිතුවෙ. අනේ කවුරු හරි ඕන එකෙක් ඉන්නවනම් මේල් එක දාලා කොමෙන්ට එකක් දාන්න ප්ලීස්. 8ම දෙනවා.   8යි නෙමෙයි 16යි(පස්සෙ දැක්කෙ).

කාලෙකට පස්සේ

කාලෙකට පස්සේ blog account  එක පැත්තෙ ආවෙ.   හරියටම කිව්වොත් අවු එකා මාරකින් විතර.   දැන් SBU එකෙත් නැති නිසා කවුරුත් මගේ එකා බලන්න එන්නෙත් නැනේ. මම හිතන්නේ blog post නැති නිසා මාව කපල දාලා. කමක් නෑ මොකෙක් හරි මේක දකිනෙ. මේ දවස් වල නම් ජිවිතේ අන්තිමට තිත්ත වෙලා ඉන්නේ.මෙලෝ රහක් නෑ.   කරදර පිට කරදර ඉවරයක් නෑ. ඒ මදිවට   ජොබ් එක නැතුව මාස ගානක් හිටියා. කොහොම හරි ගෙදර ප්‍රශ්නත් ටිකක් හරි ගියාට   පස්සේ අයෙට්ඔලුව හදාගෙන  ජොබ් එකක් කරන්න හිතුවා. හරි දැන් ඉතින් කොහොම හරි පරණ පුරුදු විදියට ජිඉවත් වෙන්න පටන් ගන්න ඕනේ.

දැන් blogger templete හදන්න පට්ට ලේසියි

දැන් blogger templete අපිටම කියල හදාගන්න පුළුවන්. මාර ලේසියි. දෙන්නෙත් blogger site එකෙන්ම තමයි. හැබැයි sighn in වෙන්න ඕනෙ blogger in draft account එකෙන්. හිතන්න දෙයක් නෑ. blogger account එකක් තියෙනවනම් නිකම්ම මේකට යන්න පුළුවන්. යන්න මෙතනින් . ඊට පස්සෙ Layout > Page Elements වලට. ගියහම ඇති Template Desighner කියල tab එකක්. යන්න ඒකට. ඊට පස්සෙ වෙන දේ මම ලියල කියනවට වඩා මේ වීඩියොව බැලුවම ලේසියෙන් දැන ගන්න පුළුවන්. මට නම මාර happy. මම උග්‍ර blogger fan කෙනෙක්. හැබැයි තාම අත්හද බලන්න බැරි උනා. මාර busy. 7455