Skip to main content

හරක් මස් නම් එපා!

දැන් දැන් නිතර ඇහෙන කතාවක් ඕක. අනේ මචං හරක් මස් නම් එපා.. (set වෙන්න ගියත් ඕක තමයි.) ඒත් මුං අනිත් මස් ජාති, මාළු කෑම වලට හොඳට පහර දෙනවා. හරියට ඒවට පව් නෑ වගේ. හැබැයි හරක් මස් නම් පව්.

ඇත්ත තමයි අපේ සංස්කෘතියේ හැටියට හරක කියන්නේ විශේෂ සත්වයෙක් තමයි. ඒත් මට පෙන්නන්න බැරි මුං අනිත් සතුන්ගෙ කෑම හොඳට රහ කර කර කන ගමන් හරකගෙ පව ගැන කතා කරන එක ගැනයි. මේ ඔක්කොම නොකා ඉඳපං කියලා එකෙක්වත් කියන්නේ නෑනෙ.

Comments

Anonymous said…
එකට හෙතුව කමයි කමන්ගේ මස් කවකෙකු කනවාට ඇකි අකමැත්ත
මගේ යාළුවෙක් ඉන්නවා. ඌ හරක් මස් කනවා. හාල්මැස්සො කන්නෙ නැහැ. හේතුව තමයි පව බෙදිලා යෑම. ඌ කියන්නෙ හරක කිලෝ 250 ලූ. එතකොට පවෙන් 1/250 ලූ ඌට එන්නෙ. හාල්මැස්සො කනකොට අඩුම ගානෙ 30 වත් කනවලූ එතකොට පව් 30 වෙනවලූ. ඇත්ත වගේ නිකන්........
අපි හරක් මස් පිළිකෙව් කරන්නේ අපේ කෘෂිකාර්මික පදනම සහ අසල්වැසි රටේ හින්දු ආගමික බලපෑම නිසා. ඉස්සර කෘෂිකර්මය සමග ගවයා දැඩි ලෙස බද්ධ වෙලා තිබුණා. ඒ වගේ ම හින්දු බලපෑම උග්‍රවීමත් සමග අපට පොළොන්නරු යුගයේ සඳකඩ පහනින් පවා ගවයා ඉවත් කරන්න සිද්ධ වුණා. ඒ වගේ ම මම අහලා තියෙනවා ගව මස් තහනම් මස් වර්ග අතරට බුදු හාමුරුවොත් නම් කළා කියලා. මේවා තමා මම දකින හේතු. අපට මුස්ලිම් බලපෑම වැඩි වුණා නම් ඌරු මසුත් පිළිකෙව් කරන්න ඉඩතිබුණා.

ඔයාගේ ටෙම්ප්ලේට් එක නම් පුල් අෆ්ෂට්. (තරහවෙන්න එපා එහෙම කිවාට. කියවන්න ලේසි එකක් දාන්න)
Narada said…
අපේ රට තනියව ගොඩ නැගුණු රටක් නොවේ, ඉන්දියාවේත් ආභාෂය ලැබ ගොඩ නැගී ආ එකකි, වෙනත් සතුන්ට සාපේක්ෂව ගවයා වෙනස් සතෙකි, සුද්දන්ගේ මිණුමට අනුව ඔහුට ඒ තත්වය නැති වුණාට අපේ සංස්කෘතිය තුල තිබ්බා. ඒ බව තේරුම් නොගෙන මස් කෑමට ඇති ගිජු බවින් කියන කතාවට කණගාටුයි.

ඔබේ තිරය වෙනස් කරන්න, මාද එය පාවිච්චි කලාට කියැවිමට ඇති අපහසුව නිසා වෙනස් කලේමි.
Unknown said…
@ බින්කු මල්ලී,

පොඩ්ඩක් post එක අයෙත් කියවා බලන්න. මට මස් කෑමට විශේෂ ගිජුකමක් නැත. මා මෙයින් පෙන්වා දෙන්න හැදුවේ මගේ පුද්ගල අත්දැකීම් අනුව ගොඩ නැගුනු මතයකි. එනම් මිනිසුන් අනෙකුත් මස් වර්ගවලට සාපේක්ෂව හරක් මස් කෑමට විශේෂ බියක් දක්වීමයි. එමඟින් මා ඔවුන්ට "කමක් නෑ හරක් මස් කාපල්ලා" කියල කියන්නේ නෑ. ආයිත් කියවා බලන්න.

Popular posts from this blog

Google Wave 16යි. ඒවා හරිම ලාබයි.

මට Google Wave එකක් හම්බඋනේ දැන මාසයකට විතර උඩදී. සුදාරක මල්ලී තමයි මට invitation එක එවලා තිබුනේ. ඉතින් මට ඕක ලැබිච්ච දවසෙ ඉඳන් මාත් බලන් ඉන්නෙ කාට හරි මගෙ ගානෙ invitation එකක් යවන්නෙ කොහොමද කියලා. මේ ලඟදි wave account එකට ලොග් වෙලා බලද්දී මටත් ඇවිල්ල තිබ්බා ඔය invitation යවන්න පුළුවන් කියන මැසේජ් එක. ඉතින් හරී.. සතුටුයි. ඉතින් ඕක දැක්ක වෙලේ ඉඳන් වටේටම කෝල් ගැහුවා. ඕනෙද කියල අහන්න. මම හිතුවෙ උණු කැවුම් වගෙ යයි කියලා. මොන, මුංගෙ ආඩම්බර. එකෙක්ටවත් එපාලු. එක්කො උන්ට හම්බ වෙලා. නැත්තම් එක එකා කියන ඒවා අහල දාලා බලන්නත් ඉස්සෙල්ලා එපාලු. කාට කියන්නද. තාම එකක්වත් දිගන්න බැරි උනා. facebook twitter වලටත් දැම්මා. ඒත් නෑ. ඉතින් බැරිම තැන තමයි මේ බ්ලොග් එකට දාන්න හිතුවෙ. අනේ කවුරු හරි ඕන එකෙක් ඉන්නවනම් මේල් එක දාලා කොමෙන්ට එකක් දාන්න ප්ලීස්. 8ම දෙනවා.   8යි නෙමෙයි 16යි(පස්සෙ දැක්කෙ).

මැයි 25 සහ 18

මැයි මාසය මගේ ජීවිතයට ඉතා වැදගත් මාසයක්. ප්‍රධාන හේතුවනම්, මගෙ උපන් දිනය මැයි 25 වන දින වීම්. (ඒ කියන්නෙ ඊයෙ. දැන් මට 31 යි) දෙවන කාරනය තමයි මැයි 18. මැයි 18 කියපුවහම ලොකු කුඩා ඕන කෙනෙක් දන්නවා ඒ දවසේ වැදගත්කම. ඒ අපේ මාතෘභූමිය නිදහස් වූ දිනය( මම නම් දකින්නේ ඒ විදියට). නමුත් මට නම් මැයි 18 දිනට තවත් විශේෂ කාරණයක් යෙදී තිබෙනවා. ඒ තමයි මම විවාහ වූ දිනය. මේ අවුරුද්දේ අපි සැමරුවේ අපේ තෙවන සංවස්තරය. විවාහය සිදුවූයේ 2006 මැයි 18 දින(ඒකට වසර 7ක් බලන් හිටියා). අපේ ප්‍රේමය පටන්ගන්න අඩිතාලම වැටුනෙත් මැයි මාසයේදි. ඒ වෙසක් බලන්න ගිහිල්ලා. මම වැඩිදුර අධ්‍යාපනය සඳහා ජපානය බලා ගියෙත් මැයි මාසේ. ඒ 20 වෙනිදා. අධ්‍යාපන කටයුතු ඉවරවෙලා ආයෙත් ලංකාවට ආවෙත් මැයි මාසේ. ඒ 18 වෙනිදා. ඉතින් 18යි 25යි මැයි මාසෙයි මායි ඔන්න ඔහොමයි.

උෂ්නත්වය සහ රාත්‍රී නින්ද (සහ මගෙ ඇඳ)

මේ දවස්වල මාර රස්නෙයි. මං මදුරුවො කනවට නෙට් එකක් දාගෙන නිදාගන්නෙ. තවත් රස්නෙයි. ඉතින් ඔය දෙකම එකතු උනාම නිදාගන්නෙ කොහොමද? fan එක කෙස් ගලවගෙන යන සයිස් එකට දැම්මත් අමාරුයි. මාරම රස්නයක්. හැබැයි ඉතින් සෙට්වෙලා ආපු දවසකට නම් කිසි ප්‍රශ්ණයක් නෑ. බබා වගේ නිදි. ඔය වගෙ මේ ලඟදි සෙට් වෙච්ච දවසක උදෙ නැගිටල බලපුවාම් ඇඳුම් පිටින්ම නිදි. අම්ම ඇවිල්ලා අහනවා "------- උඹ ඊයෙ ගෙදර ආවේ කොහොමද කියලා?" මම මතක් කලා මතක් කලා අම්මට ආපු හැටි කියන්න. ඒත් ඒ වෙලාවෙ මතක් උනේ නෑ :) . හැබැයි ඔහොම හැමදාම වෙන්නෙත් නෑ. එදා සුට්ටක් වැඩි වෙලා.                       මම නිදාගන්නෙත් අමුතු විදියකට(හැමෝම එහෙමද දන්නෙ නෑ) මට ඔලුවට කොට්ටයකුයි, කකුල් දෙක අස්සෙ ගහන්න තව කොට්ටයකුයි ඕනෙ. එහෙම කරන්නෙ පැත්තට හැරිලා නිදා ගන්නකොට කොන්දට එන ප්‍රෙෂර් එක අඩු කර ගන්න. පොඩි කාලෙ රගර් ගහල කොන්දෙ පොඩි අප්සෙට් එකක් තියෙනවා. හැබැයි ඒක තාම කෙලින්. ඒ වාගෙම තමයි රෑට සිංදු අහල headphone එක තියන්නත් ඇදෙ මම පොඩි ඉඩක් හදාගෙන ඉන්නෙ. කොච්චර නින්ද ගියත් කවදාවත් එක තියන තැනට අතවත් යන්නෙ නෑ. headphon...