Skip to main content

Tamil film එකක සිංහල සිංදුවක්

සුරංගනීට මාළු ගෙනාවා ගීතය ඇසුරින් නිර්මාණය වෙච්ච දමිළ ගීතය‍ ඔබ කවුරුත් අසා ඇතැයි සිතමි. පහත දැක්වෙන්නේ ඒ ගීතය ටිකක් වෙනස් කොට TN 07 AL 4777 දමිළ චිත්‍රපටියේ අඩංගු කොට ඇති ආකාරයයි.
මෙය මේ දිනවල ඉතා ජන්ප්‍රිය ගීතයක් බවටත් ආරංචියි.

Comments

Deeps said…
ඒ ගීතය ටිකක් වෙනස් කොට TN 07 AL 4777 දමිළ චිත්‍රපටියේ අඩංගු කොට ඇති ආකාරයයි ද නැත්තම් එකේ අනිත් පැත්තද?
PS.pls remove the word verification

Popular posts from this blog

නාවික හමුදාව මහනුවර වනසයි.

මෙන්න unbeaten kandy team එක අපෙ navy එකෙ කොල්ලො beat කරලා. ලකුණු තත්වය 13ට 14යි. මට නම් මතක ඇති කාලෙක kandy පැරදුනාමයි. අවුරුදු ගානක ඉඳන් ලංකාවේ champion ල නෙ. ඉතින් පොඩ්ඩක් උඩින් තමයි kandy team එකෙ කට්ටිය යන්නෙ එන්නෙ. උන්ගෙ සපෝටර්ල ඊට හපන්. navy team එක මේ ඊයෙ පෙරෙද වෙනකම් මෙලො රහක් නැතිව හිටියෙ. ඒත් ජනාධිපතිතුමාගේ දෙවැනි පුතා, යෝෂිත ඒ කණ්ඩායමට එකතු වුනත් එක්කම ටීම් එකට අලුත් players ටිකක් සෙට් කරගෙන දැන් අලුත් විදියකට කරගෙන යනවා. ඒ අතර ඉස්සර cr එකේ ගැහුව දේව් ආනන්ද් විශේෂයි. ඊයෙත් දේව්ගෙ drop cicks තමයි ජයග්‍රහණයට ගොඩක් බලපෑවේ. නාමලුත් විනාඩි 10ක් විතර play කරා. ඉතින් ගොඩක් අය හිතන් හිටියා නාමල්ලා ගහන හින්ද රෙෆා ඒ පැත්තට අදින්න ඇති කියල. අනෙ මම මැච් එක ඉවරවෙනකම්ම බැලුවා එහෙම කිසිම දෙයක් වුනේ නෑ. navy team එකේ prominence වලින්ම තමයි මැච් එක ගහ ගත්තෙ. ඒ ගැන නම් කිසිම කතාවක් නෑ. මොනා නමුත් හොඳ මැච් එකක්නම් බැලුවා. හැබැයි දෙපැත්තෙම මාර මිස්ටේක් වැඩියි.  ground එකේ පොඩ්ඩක් තෙත ගතියකුත් තිබ්බා. හැමදාම එකම team එකක් දිනන්නෙ නැතිව මේ වගේ තියනවනම් හොඳයි කියල තමයි මට හිතෙන්නෙ. 8618

iphone පෝලිම

iphone3G මෙ මස 11දා නිකුත් වීමට නියමිතයි. වැඩ ගොඩක් සමඟ ඇදහිය නොහැකි මිලකට එන මේ සුරතල් භාණ්ඩය උණු කැවුම් වගේ විකිනීයාමට නියමිතයි. ඒ සඳහා පාරිභෝගිකයින් දැන්මම පෝලිම් ගැහෙමින් සිටිනවා. මේ පින්තූරවල ඉන්නේ ඒ සමහරක්. මේ ජපානයේ තෝකියෝ නුවර පෝලිමක්. ඉහත ඇත්තේ ඇමරිකාවේ නිවයෝක් නුවර පෝලිමක්. ( Engadget ඇසුරෙනි) (පසුව [ඉතා දුකෙන්] ලියමි) මමත් ආසාවෙන් ඉන්නේ iphone 3G එකක් ගන්න. ඒත් තාම ලංකාවට එන දවසක් නම් දන්නේ නෑ. මේ දවස්වල අතේ කෑෂුත් ටිකක් හිඟයි.

Google Wave 16යි. ඒවා හරිම ලාබයි.

මට Google Wave එකක් හම්බඋනේ දැන මාසයකට විතර උඩදී. සුදාරක මල්ලී තමයි මට invitation එක එවලා තිබුනේ. ඉතින් මට ඕක ලැබිච්ච දවසෙ ඉඳන් මාත් බලන් ඉන්නෙ කාට හරි මගෙ ගානෙ invitation එකක් යවන්නෙ කොහොමද කියලා. මේ ලඟදි wave account එකට ලොග් වෙලා බලද්දී මටත් ඇවිල්ල තිබ්බා ඔය invitation යවන්න පුළුවන් කියන මැසේජ් එක. ඉතින් හරී.. සතුටුයි. ඉතින් ඕක දැක්ක වෙලේ ඉඳන් වටේටම කෝල් ගැහුවා. ඕනෙද කියල අහන්න. මම හිතුවෙ උණු කැවුම් වගෙ යයි කියලා. මොන, මුංගෙ ආඩම්බර. එකෙක්ටවත් එපාලු. එක්කො උන්ට හම්බ වෙලා. නැත්තම් එක එකා කියන ඒවා අහල දාලා බලන්නත් ඉස්සෙල්ලා එපාලු. කාට කියන්නද. තාම එකක්වත් දිගන්න බැරි උනා. facebook twitter වලටත් දැම්මා. ඒත් නෑ. ඉතින් බැරිම තැන තමයි මේ බ්ලොග් එකට දාන්න හිතුවෙ. අනේ කවුරු හරි ඕන එකෙක් ඉන්නවනම් මේල් එක දාලා කොමෙන්ට එකක් දාන්න ප්ලීස්. 8ම දෙනවා.   8යි නෙමෙයි 16යි(පස්සෙ දැක්කෙ).