Skip to main content

Google Analytics ඔබේ blogger site එකට


ගූගල් අපේ ජීවිතයේ අංගයක් වෙලා ඉවරයි(හොඳට හෝ නරකට ඒක එහෙම තමයි වෙලා  තියෙන්නෙ) අපි ගූගල්ලගෙ සේවාවන් කීයක් එක් දවසකට පාවිච්චි කරනවාද? මේ තවත් ගූගල් සේවාවක් ගැන, Google Analytics, ගූගල් වෙතින් ලබා දෙන වෙබ් විශ්ලේෂකයක් (web analytic). මෙමඟින් ඔබේ වෙබ් පිටු බොලොග් පිටු යනාදීයෙහි සමස්ත් විශ්ලේෂකයක් ලබා ගත හැකි වෙනවා. මට තියෙන්නෙ blogger සයිට් එකක් නිසා මම නිකමට වගේ Google Analytics ක්‍රියාත්මක කරලා බැලුවා.(ඇත්තටම  කරල බලන්න ඕන නිසා පටන් ගත්තෙ) කරන්න තියෙන්නෙ Google Analytics හි ගිණුමක් ආරම්භ කරලා ඔබේ blogger account එකේ විස්තර එහි ඇතුලත් කිරීම පමණයි. ඉන්පසු ඔවුන් ලබා දෙන code එක blogger හි edit html වෙත ගොස්  පහත දක්වා ඇති ආකාරයට ඇතුලත් කරන්න.




account එක active උනාට පස්සේ ඔබේ dashboard එක මෙන්න මේ වගෙ දිස්වෙයි. බ්ලොග් එක විසිට් කරපු ගණන එක් එක් පිටුවට පැමිණි ගණන පළාත වෙගේ දෙවල් වගේම ඊට එහා ගිය  professional site එකකට අවශ්‍ය තොරතුරුත් ලබා ගන්න පුළුවන්.



 මේ වගේ තව ගොඩක් දේවල් තියෙනවා. මම තාම දන්නෙ ඔච්චරයි.



(සවිස්තර වාර්ථවක්)





(පැමිණි අය සිටින පළාත්)




(විසිට් කරපු කට්ටිය ආවේ මොන sources එක හරහා ද යන්න පෙන්නන දර්ශකය)



(පිටුවේ වාඩාත් click වූ ස්ථාන ප්‍රතිශතයක් වශයෙන් පෙන්වන දර්ශකය)


Comments

වැප් said…
ගූගල් ‍web මාස්ටර් ගැනත් ලියන්න
Unknown said…
@චැප්, ලියන්න web master ගැන දන්නෙ නෑනෙ
වැප් said…
https://www.google.com/webmasters/tools/home?hl=en

ඇනැලැටිකල් වලට වාඩ ටිකක් දියුණුයි. ලොග් වෙලා බලන්න. ජි ටොල්ක් වලට ආරධනාවක් කරනවද? තව තොරතුරෑ දෙන්නමී :)
Unknown said…
ස්තූතයි ආරාධානාවට. හැකි ඉක්මණින් ආරාධනාවක් කරන්නම්.

Popular posts from this blog

Google Wave 16යි. ඒවා හරිම ලාබයි.

මට Google Wave එකක් හම්බඋනේ දැන මාසයකට විතර උඩදී. සුදාරක මල්ලී තමයි මට invitation එක එවලා තිබුනේ. ඉතින් මට ඕක ලැබිච්ච දවසෙ ඉඳන් මාත් බලන් ඉන්නෙ කාට හරි මගෙ ගානෙ invitation එකක් යවන්නෙ කොහොමද කියලා. මේ ලඟදි wave account එකට ලොග් වෙලා බලද්දී මටත් ඇවිල්ල තිබ්බා ඔය invitation යවන්න පුළුවන් කියන මැසේජ් එක. ඉතින් හරී.. සතුටුයි. ඉතින් ඕක දැක්ක වෙලේ ඉඳන් වටේටම කෝල් ගැහුවා. ඕනෙද කියල අහන්න. මම හිතුවෙ උණු කැවුම් වගෙ යයි කියලා. මොන, මුංගෙ ආඩම්බර. එකෙක්ටවත් එපාලු. එක්කො උන්ට හම්බ වෙලා. නැත්තම් එක එකා කියන ඒවා අහල දාලා බලන්නත් ඉස්සෙල්ලා එපාලු. කාට කියන්නද. තාම එකක්වත් දිගන්න බැරි උනා. facebook twitter වලටත් දැම්මා. ඒත් නෑ. ඉතින් බැරිම තැන තමයි මේ බ්ලොග් එකට දාන්න හිතුවෙ. අනේ කවුරු හරි ඕන එකෙක් ඉන්නවනම් මේල් එක දාලා කොමෙන්ට එකක් දාන්න ප්ලීස්. 8ම දෙනවා.   8යි නෙමෙයි 16යි(පස්සෙ දැක්කෙ).

මැයි 25 සහ 18

මැයි මාසය මගේ ජීවිතයට ඉතා වැදගත් මාසයක්. ප්‍රධාන හේතුවනම්, මගෙ උපන් දිනය මැයි 25 වන දින වීම්. (ඒ කියන්නෙ ඊයෙ. දැන් මට 31 යි) දෙවන කාරනය තමයි මැයි 18. මැයි 18 කියපුවහම ලොකු කුඩා ඕන කෙනෙක් දන්නවා ඒ දවසේ වැදගත්කම. ඒ අපේ මාතෘභූමිය නිදහස් වූ දිනය( මම නම් දකින්නේ ඒ විදියට). නමුත් මට නම් මැයි 18 දිනට තවත් විශේෂ කාරණයක් යෙදී තිබෙනවා. ඒ තමයි මම විවාහ වූ දිනය. මේ අවුරුද්දේ අපි සැමරුවේ අපේ තෙවන සංවස්තරය. විවාහය සිදුවූයේ 2006 මැයි 18 දින(ඒකට වසර 7ක් බලන් හිටියා). අපේ ප්‍රේමය පටන්ගන්න අඩිතාලම වැටුනෙත් මැයි මාසයේදි. ඒ වෙසක් බලන්න ගිහිල්ලා. මම වැඩිදුර අධ්‍යාපනය සඳහා ජපානය බලා ගියෙත් මැයි මාසේ. ඒ 20 වෙනිදා. අධ්‍යාපන කටයුතු ඉවරවෙලා ආයෙත් ලංකාවට ආවෙත් මැයි මාසේ. ඒ 18 වෙනිදා. ඉතින් 18යි 25යි මැයි මාසෙයි මායි ඔන්න ඔහොමයි.

උෂ්නත්වය සහ රාත්‍රී නින්ද (සහ මගෙ ඇඳ)

මේ දවස්වල මාර රස්නෙයි. මං මදුරුවො කනවට නෙට් එකක් දාගෙන නිදාගන්නෙ. තවත් රස්නෙයි. ඉතින් ඔය දෙකම එකතු උනාම නිදාගන්නෙ කොහොමද? fan එක කෙස් ගලවගෙන යන සයිස් එකට දැම්මත් අමාරුයි. මාරම රස්නයක්. හැබැයි ඉතින් සෙට්වෙලා ආපු දවසකට නම් කිසි ප්‍රශ්ණයක් නෑ. බබා වගේ නිදි. ඔය වගෙ මේ ලඟදි සෙට් වෙච්ච දවසක උදෙ නැගිටල බලපුවාම් ඇඳුම් පිටින්ම නිදි. අම්ම ඇවිල්ලා අහනවා "------- උඹ ඊයෙ ගෙදර ආවේ කොහොමද කියලා?" මම මතක් කලා මතක් කලා අම්මට ආපු හැටි කියන්න. ඒත් ඒ වෙලාවෙ මතක් උනේ නෑ :) . හැබැයි ඔහොම හැමදාම වෙන්නෙත් නෑ. එදා සුට්ටක් වැඩි වෙලා.                       මම නිදාගන්නෙත් අමුතු විදියකට(හැමෝම එහෙමද දන්නෙ නෑ) මට ඔලුවට කොට්ටයකුයි, කකුල් දෙක අස්සෙ ගහන්න තව කොට්ටයකුයි ඕනෙ. එහෙම කරන්නෙ පැත්තට හැරිලා නිදා ගන්නකොට කොන්දට එන ප්‍රෙෂර් එක අඩු කර ගන්න. පොඩි කාලෙ රගර් ගහල කොන්දෙ පොඩි අප්සෙට් එකක් තියෙනවා. හැබැයි ඒක තාම කෙලින්. ඒ වාගෙම තමයි රෑට සිංදු අහල headphone එක තියන්නත් ඇදෙ මම පොඩි ඉඩක් හදාගෙන ඉන්නෙ. කොච්චර නින්ද ගියත් කවදාවත් එක තියන තැනට අතවත් යන්නෙ නෑ. headphon...