google එකත් DNS service එකක් පටන් ගත්තනෙ. එගොල්ලා හදාගන්න හරි ලේසි නොම්බර ටිකක් දීලා තියෙන්නෙ. ඒ උනාට ගොඩක් කට්ටිය තාමත් කැමති open DNS වලට. සමහර අය කැමති තියන එකම තියාගෙන ඉන්න. ඉතින් මේකෙන් හොඳම එක හොයන්නෙ කොහොමද? ඒක කරන්න ඉතින් settings හද හද බලන්න එපැයි. කම්මැලියිනෙ. හොඳ එක හොයන්න නෙමෙයි නිකම් අත්හදා බලන්න වෙගෙ ඉක්මන්ටම DNS settings මාරු කරගන්න ලේසි software එකක් තමයි DNS jumper . එක ක්ලික් එකෙන් වැඩෙ වෙනවා. මෙතනින් download page එකට යන්න.
මට Google Wave එකක් හම්බඋනේ දැන මාසයකට විතර උඩදී. සුදාරක මල්ලී තමයි මට invitation එක එවලා තිබුනේ. ඉතින් මට ඕක ලැබිච්ච දවසෙ ඉඳන් මාත් බලන් ඉන්නෙ කාට හරි මගෙ ගානෙ invitation එකක් යවන්නෙ කොහොමද කියලා. මේ ලඟදි wave account එකට ලොග් වෙලා බලද්දී මටත් ඇවිල්ල තිබ්බා ඔය invitation යවන්න පුළුවන් කියන මැසේජ් එක. ඉතින් හරී.. සතුටුයි. ඉතින් ඕක දැක්ක වෙලේ ඉඳන් වටේටම කෝල් ගැහුවා. ඕනෙද කියල අහන්න. මම හිතුවෙ උණු කැවුම් වගෙ යයි කියලා. මොන, මුංගෙ ආඩම්බර. එකෙක්ටවත් එපාලු. එක්කො උන්ට හම්බ වෙලා. නැත්තම් එක එකා කියන ඒවා අහල දාලා බලන්නත් ඉස්සෙල්ලා එපාලු. කාට කියන්නද. තාම එකක්වත් දිගන්න බැරි උනා. facebook twitter වලටත් දැම්මා. ඒත් නෑ. ඉතින් බැරිම තැන තමයි මේ බ්ලොග් එකට දාන්න හිතුවෙ. අනේ කවුරු හරි ඕන එකෙක් ඉන්නවනම් මේල් එක දාලා කොමෙන්ට එකක් දාන්න ප්ලීස්. 8ම දෙනවා. 8යි නෙමෙයි 16යි(පස්සෙ දැක්කෙ).
Comments